නව සංශෝධනය පිළිබඳ අදහස් දැක්වීමේදී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කර සිටියේ මෙලෙස තමන්ව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉවත් කෙරුනේ බලාපොරොත්තු නොවූ මොහොතක බවයි.
ඇය මෙලෙස අදහස් දැක්වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිය සමුගැනීම වෙනුවෙන් සංවිධානය කර තිබූ කෙටි උත්සවයකට සහභාගී වෙමින් ය.
“ මම හිතුවේ නෑ එකපාරටම මේ වෙනස වෙයි කියලා.මම ඒත් යන්න ඉස්සෙල්ලා ලොක්කට කිව්වා මිනිස්ත්රි ෆයිල් එකකට ද දන්නෑ කියලා. ඒ දෙන්නම කිව්වා එහෙම වෙන්නේ නෑ කියලා. මම එනකොට අමාත්‍යාංශයට… ඔබතුමන්ලා… අනේ මේ ගෑනි චුත වෙලා ගියානම් කියලා…. කවුරුවත් හිතුවා කියල මම විශ්වාස කරන්නේ නෑ. ඒත් අන්එක්පැක්ටඩ් මොහොතක… සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවට ප්‍රවාහන අමාත්‍යාංශය මට භාර දීල තිබුණා. මං එතන්ට යනකම්ම මම ඇත්තටම දැනං හිටියෙත් නෑ. මේ මාරු වීම සිද්ධ වෙනවා කියලා.
කොහොම වුණත් ජීවිතේ හැමදේම සතුටින් බාර ගන්න ඕනේ. අටුවා කතාවක තියෙනවා… රජ්ජුරුවොයි පුරෝහිතයයි ගමනක් යනකොට… රජ්ජුරුවෝ දුන්නෙන් විද්දලු මුවකුට. කවදාවත් එහෙම ඉලක්කෙ වරදින් නෑ.. වැරදුනාම පුරෝහිතයා ගෙන් ඇහුවලු… ඇයි මට මෙහෙම උනේ කියලා. ස්වාමීනී, වෙන්නේ හොඳට කියලා කිව්වලු. තව ටිකක් කල් යනකොට… රජ්ජුරුවන්ගේ ම කඩුවෙන් එයාගෙ ඇඟිල්ල කැපිල පුරුකක් වෙන් උනාලු… ඇයි මෙහෙම වෙන්නේ පුරෝහිත කියලා ඇහුවම. ස්වාමීනි. ඕක කැපුනෙත් හොඳට කියල කිව්වලු. ඉතින් ඒ ගමන රජ්ජුරුවන්ට කේන්ති ගිය පාර… අර පුරෝහිතයව වලට දාලා… රජ්ජුරුවෝ යන්න තියෙන පාරේ යන්නේ නැතුව අනිත් පැත්තට ගියාලු. ගි2යාම අහු උනා ලු ගෝත්‍රය කණ්ඩායමකට. ඒ කට්ටිය බිලි පූජාවක් හොයාගෙන හිටියලු.. මනුස්සයෙක්ව. අරගෙන ගිහිල්ලා රජ්ජුරුවොව හොදටග නාවලා.. බිලි පූජාවට ගෙනිච්චා ලු. බිලිපූජාව දෙන්න හදන කොට සම්පූර්ණ මනුස්සයෙකුයි බිලි පූජාවට ඕනේ.. මෙයාගේ ඇගිල්ලේ කෑල්ලක් නෑ.. මෙයාව අතහැරියා ලු. ඒ ගමන රජ්ජුරුවෝ කල්පනා කලාලු මට පුරෝහිතයා කියපු එක ලොකු දෙයක් නේ.. මේ වෙන්නේ හොඳට කියලා කිව්වනේ.. මම පුරෝහිතයා වලට දාපු එක අපරාදේ.. මගේ ජීවිතේ බේරුනේ ඇත්තටම ඇඟිල්ලේ කෑල්ලක් කැපිච්ච හින්ද නේ කියලා… රජ්ජුරුවෝ ආපහු බොහොම වෙහෙස අමාරුවෙන් අර වල හොයාගෙන ගිහිල්ලා පුරෝහිතයා ගොඩ අරගෙන කිව්වලු.. සමාවෙන්න මට. පුරෝහිතයා කිව්වලු.. රජතුමෙනි මාව වලට දාපු එකත්… ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා. මොකද ඔබතුමාත් එක්ක මම ගියා නම් එහෙම සම්පූර්ණ මනුස්සයෙක් හොයන කොට මමයි බිලි පූජාවට පත් වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා මේ හැමදේම වෙන්නේ හොඳට කියලා අපි හිත හදාගමු… වෙන කරන්න දෙයක් නෑ. දුකක් තියෙනවා ඇමතිතුමා… අලුත් ඇමතිතුමාටත් සහයෝගය ලබාදෙන්න. මම තවමත් කියන්නේ තව සති 04ක වගේ කාලයක් අපිට තියෙන්නේ දැනට 54% කට අපි vaccination එක දීල තියෙන්නෙ. තව සති 04කින් අපිට මේ රට බේරගන්න පුලුවන්.“















































