අද (12) උදෑසන හංගේරියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇත.
කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා විසින් හංගේරියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබීය.
එම දූත පිරිසට එරට ව්‍යාපාරිකයින් පිරිසක් ද අයත්වන අතර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ඔවුන් මෙලෙස දිවයිනට පිළිගෙන ඇත.
ඒ අනුව අද පස්වරුවේ එම දූත පිරිස විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද එරාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇත.
අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ද හමුවීමට නියමතිව ඇත.
එමෙන්ම දෙරට අතර ගිවිසුම් කිහිපයකට ද එළඹීමට නියමිතය.