English
සිංහල
23:22 බදාදා, අගෝස්තු 13, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    හම්බන්තොට සිමෙන්ති කම්හලට විනාශ වන ඉපැරණි ගම්මානයක් සහ සංවේදී පරිසර පද්ධතියක අඳෝනාව.  (වීඩියෝ)

    Ravana by Ravana
    වසර 3ක් ago
    5
    Share on FacebookShare on TwitterWhatsApp

    විද්‍යාත්මක සහ තාක්ෂණික අතින් දියුණු බව සම්මත මිනිසා සොබා සෞන්දර්යට හෝ පරිසරයට ආදරය නොකරන බව සහ හුදු ආත්මාර්ථකාමී බව කොපමණද යත් තමන්ගේම ලෙයින් උපන් දු දරුවන්ගේ අනාගතය වෙනුවෙන් හොද වාතාශ්‍රයක්, පිරිසිදු ජලය සහ නිදහස්ව නිවහල්ව ජීවත් වීමේ අවශ්‍යතාවයක් නැති බවට ඔවුන්ගේ මානව ක්‍රියාකාරකම් වලින් පෙන්නුම් කරයි. මිනිසා වෙනුවෙන්, ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් සිය තෙලිතුඩ සහ කටහඩ අවදිකර බලධාරීන්ගේ දෙනෙත් විවිර කල යුත්තේ මාධ්‍ය ආයතන වුවත් මුදල් වෙනුවෙන් සටන් කරන ව්‍යාපාරික මාධ්‍යද මේ විනාශයන් වලට වග කිව යුතුය.

    අද ශ්‍රී ලංකාවට තවත් එක් දවසක උදාවක් උවද, සංඛපාල මීගහයාය අවට දහස් ගණනකගේ ජීවිත වලට යහපත් දවසක් නොවේ. ඒ අද හම්බන්තොට විවෘත වන සිමෙන්ති කම්හල නිසා දහස් ගණනකට ආසන්න ජීවිත ගණනාවකට අන්ත අසරණ පීඩිත ජීවිත වලට මුහුණ දීමට සිදුවන නිසාය. අද විවෘත වන සිමෙන්ති කම්හලට ශ්‍රී ලංකාවේ නං දෙසින් සුබ පැතුම් ගලා ආවත් මේ ගම්මානවල ගොවිතැන් බතින් ජීවත් වන මිනිසුන්ට කන කොකා හඩන්නට පටන් ගත්තේ, හම්බන්තොට සිමෙන්ති කම් හල වෙනුවෙන් තමන්ට ජීවය දෙන මාතාවගේ මරණය ලියා, තමන්ටද අපා දුක් විදීමට සිදුවන බව දැනෙන නිසාය. එබැවින් ඔවුන් පසු ගිය දා ඇඹිලිපිටිය – රත්නපුර ප්‍රධාන මාර්ගය පැය දෙකක් පුරා උද්ඝෝෂණයක නිරත වුයේ මේ කඳු පන්තිය බේරා ගැනීමේ සටනට අවතීර්ණ වෙමිනි. මේ වන විටත් විවිධ නිලදාරීන් මේ ගමට එන්නේ මේ විරෝදයට හේතුව ඇයිද අසමින්ය. දිනපතා විවිධ පොලිස් සහ බුද්ධි නිලදාරීන් මේ ගමේ කරක් ගසන්නේ ඉහලින් එන නියෝග නිසාය. පොලිස් නිලදාරීන් විවිධ නිවැසියන්ගෙන් ප්‍රකාශ පවා සටහන් කරමින් විරෝධතාවයාට හේතු සොයති. 

    සමහර මුදලාලි මාධ්‍ය වලට නොපෙනුණු, මේ විනාශය කරන්නට ආධාර අනුබල දෙන රාජ්‍ය නිලධාරීන්ටද, දේශපාලන අධිකාරියට මෙන්ම සල්ලි මත්තෙම නාහෙන කම්පැනි හිමිකරුට නොදැනුනාට මේ කඳු පන්තිය ඉතිහාසයට එක් වන නිකන්ම නිකන් කඳු පන්තියක්  නොවේ. එහි සිට බැලුවිට  අතීත රැහුණු මාගම් රාජධානිය වෙන් කළ දක්ෂීන ගිර ප්‍රාවකාරයේ එක් අන්තයකි .දකුනු පසින් උඩවලව වැව සමගම හම්බන්තොට දක්වාම සොදුරැ වටපිටාව මනාව දර්ශනය වෙයි .තවත් පසෙක දිස්වන්නේ ඔබරගල ගල්පාය වෙහෙර බින්ද යාය නටඹුන් නගරයයි. කඳු වැටියට සමීපව එදා පුස්සදේව මහා රහතන් වහන්සේ විසුවායැයි සැලකෙන හක්ගෙඩි ගල කදුපන්තියයි. මේ අපරාධය සොයා ගවේෂණය කල අප සිටින්නේද අපූරු ස්තානයකයි. යුග තුනක ජනාවාස විහිදුණු ගල්බොක්කයාය ආරච්චි වැයික්කියේය .සැපපුම්ගල අධිකරන ශාලාව ආරච්චි නිවස වෙදගෙදර කට්ටඩි නිවස මහා ගමරාලගේ නිවස ඇතුලු නිවාස තුන්සිය හැට හයක වපසරියක් මෙකි වැයික්කිය පුරාවට විරාජමාන වෙයි. මැදගොඩ පහලගොඩ උඩහගොඩ මේ වැයික්කියට අයත් අතුරැ ගම්මානයි. අද මේ සියල්ලම දිවා රෑ දෙකෙහිම බලා කියා ගන්නේ එක් හුදකලා මිනිසෙකු පමණි. මේ අපුරැ හුදකලා මිනිසා ජීවත්වන මේ ඉතිහාසගත ගම්මානයද හම්බන්තොට සිමෙන්ති කම්හල නිසා විනාශ වන බව කියා වේ. එහි අතිතය සොයාගෙන ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගයේ බිසෝකොටුව හංදියේ සිට ගිරි දුර්ග වනදුර්ග ගල් ගිගිරියානාවල් කටු ලැහැබවල් සහිත අතිශය දුස්කර කන්දක් පාගමනින් තරණය කළේද මේ සියල්ල සොයා ගැනීමටයි. ගුගල් දුරමානයෙන් හරියටම අප සැතපුම් හයක්ම මේ දුර්ගය තරණය කර තිබේ. පැය තුනකුත් මිනිත්තු තිහකුත් ගමනාන්තයට ගත වී තිබුණි .

    කෙසෙල් පොල් කොස් එළවලු වර්ග ගොවිතැනින් මේ  වැයික්කියම පෝෂණය තිබේ. එහි අක්කර සීමා මායිම් මේ හුදෙකලා මිනිසා නොදනී. වැයික්කිය පුරාම අතීත වාසින් කල වගාවන්ටද උරුම කාරයෙක් දැන් නැත. ඒ සියල්ලම බලා කියා ගැනිමට ඔහුට හැකියාවක් නැතිවා සේම අවශ්‍යතාවයකුත් නැත. මේ මිනිසා සති දෙකකට වරක් පහල ගමට එයි. ඒ එන්නේ ලුණු සහ භුමිතෙල් ගෙනයාමට පමණි .

    ගොඩකවෙල කන්කානමලාගේ අප්පුහාමි මාමාට දැන් වයස හැත්තෑ දෙකකි. එහෙත් අතපය වෙර වීරිය හොදින් තිබේ. සියලුම දෙනා ගම හැර ගියද අප්පුහාමි මාමා  ගම අත් හැර ගොස් නැත. මේ අප්පුහාමි මාමා 2020 වර්ෂයේ ලංකාදීප වාර්තාකරුවන්ට කල ප්‍රකාශයයි.

    “මගේ අම්මා බලාගෙන මම මේ ගමේම හිටියා. මම උපන් ගම දාල යන්න මට කීයටවත් හිතුනේ නෑ අම්මා මට කියලත් තිබුනා පුතේ උබ මේ තියන ඒව බලාකියාගෙන හිටින් කියල. අපේ අම්මාගේ පරම්පරාවම මේ ගමේමයි .තාත්තා පිටින් ආව කෙනෙක්. එයා අපි පොඩි කාලේ දාල ගියා. මම පොඩි කාලේ මේ වසමේ ගෙවල් තිහක් විතර තිබුනා. අනිත් අය ගම අත ඇරල ගිහින් එතකොටත්. අන්තිමට ම ඉතිරි වුනේ සිරිබෝහාමි කට්ටඩි මාමගේ පවුලේ අය එයාලත් 88 අවුරැද්දේ පහලට ගියා. මමයි අක්කයි මෙහේ ජිවත් වුනා. අක්ක රන්මැණිකේ වෙනම ගෙයක් හදාගෙන හිටියේ අවුරැද්දකට කලින් එයත් නැති වුනා. මමත් විවාහ වෙලා මට දුවෙක් ඉන්නවා. එයා දැන් බැදල වෙන පලාතක ජිවත් වෙනවා එයාල මෙහේ ඉන්නේ නැ . මේ ගෙවන ජීවිතය හරිම සුන්දරයි ඕනිම බෝගයක් වැවෙනවා ඉඩකඩම් වලට නඩු හබ නෑ. වතුර තියනවා වනේ සතා සිව්පාවා පවා මගේ මිතුරො. මේ ගමේ ජිවත් වෙන්න ලැබිම හරිම වාසනවක්. මටවත් හිතාගන්න බෑ මිනිස්සු ඇයි මේ ගම දාල ගියේ කියල. මාසයකට වරක් ලුණු ටිකක් භුමිතෙල් ටිකක් ගෙන්න තමයි මම පහලට යන්නේ . ‘“ඒ අපුරැ මිනිසා පැවැසුවේ වේදනාත්මකවයි. මේ ගම්මානය කඳු මුදුනේ තිබෙන අතර කන්දෙන් පහල මිනිසුන් දහස් ගණනක් ජීවත් වෙති.

    සැබැවින්ම ඇයි මිනුසුන් මේ ගම දාල ගියේ ?. අතිත මානවයන් සිය ජනාවාස සාදා ගැනිමේදි තෝරාගත්තේ කදුමුදුන් වල ජල මූලාශ්‍ර තිබෙන ස්ථානයි. එකී ජල මූලාශ්‍රයන් නොසිදෙන පොකුණු, තවමත් කාලයේ වැලිතලාවෙන් සැගවුන ගමට ජීවය සපයයි. කඳු මුදුනේ පුරන්වුන වෙල්යායයන් අතඇරි ගිය පොල්වතු කොස් දෙල් සහිත ඉඩකඩම් මේ සියල්ලන්ගෙන්ම සශ්‍රීකත්වය  මේ ගමට ලබා දෙන්න ඇතැයි මනාව පසක් වෙයි. මේ කඳු මුදුනේ සශ්‍රීකත්වය අද විදින්නේ පහල සිටින මීගහයාය, පනඩුව, වෙහෙරබින්දයාය, ගල්පාය, දික්යාය, කොළඹගෙආර, සංඛපාල ආදී දහස් ගණනක් ජනතාවක්ය.    

     ගල්බොක්කයායේ ගමේ අවසන් වරට විසුව වෙදමහත්මා ඩි එච් මුදලිහාමි මහතා (93) 2020 ලංකාදීප වාර්තාකරුවන් හට ඔහුගේ ගම ගැන විස්තර කියා ඇත්තේ  එක් තැන් වී සිටියදී  සංඛපාල සිය පුතුනුවන්ගේ නිවසේදීය. සිය ගමෙහි අතිතය පිළීබදව ඔහු සදහන් කර තිබුනේ  මෙලෙසිනි .

    “මම අවුරැදු 65ක් ම ජීවත් වුනේ ගල්බොක්කයාය මගේ උපන් ගමේ. මගේ පොඩි කාලේ ගෙවල් හැට පහක් තිබුනා. ගමේ ගෙවල් 366ක් තිබුනා කියල අපේ ආතා අපිට කියල තියනවා. ආතගේ ආතලත් ඒ ගමේමයි. අපිට මතක කාලේ ගමේ තිබුන ගෙපල් ටික ගණන් කලා. අපිට ගෙවල් 320ක ගෙපල් ගණන් කරන්න පුලුවන්වුනා. ගමේ ලමයි කිප දෙනෙක් කන්ද එහා පැත්තේ තිබුන උල්පත ඉස්කෝලේට ගියා. මිනිස්සු කන්ද උඩ ගෙවල් හදාගෙන ගොවිතැන් කරන්න සංඛපාල, තිත්තවැල්පත, කොළඹගෙආර පැති වලට ආව. උදේට පහල ට ඇවිත් හවස ට කදු මුදුනේ තිබුන අපේ ගෙවල් වලට ගියා. ඒ කාලේ මේ සංඛපාල පැත්තෙවත් වෙන ගෙවල් නැ. අපි හේන්වලට හදාපු වාඩි තිබුනේ. එහෙම හේන් කොටන්න පහලට ඇවිත් තමයි ගම තනිවුනේ. මම 1952 තමයි පහලට ආවේ. ඒ කාලේ ඔයකන්ද උඩ අපේ වසමට යන්න ගම්සභා පාරකුත් තිබුනා අපේ ගමේ නඩු ශාලාවකුත් තිබුනා. මට මතකයි සුද්දයි මඩුවන් වල දිසාවෙයි අස්වයා පිටේ ඇවිදින් මේ නඩු ශාලාවේ නඩු අහනවා. ලෙඩක් දුකක් හැදුනත් පහලට යන්න අවශ්‍ය වුනේ නැ. ගමේ වෙදගෙදරට ආව හුනියමක් තනිකම් දෝසයක් වුනොත් සිරිබෝහාමි කට්ටඩි අයියගේ ගෙදරට ගියා. සර්පයෙක් දෂ්ඨ කලොත් අපේ ගෙදරට ආව .සුලු ආරවුලක් වුනොත් සිගාමුනුගේ දියෝනිස්හාමි ආරච්චි මහත්තයාගේ ගෙදරට ගියා. මේ ඔක්කොම මේ ගමේ තිබුනා” ඒ මේ ගමේ අතීතයි.

    කේ කේ පොඩි මහත්මයා (84) ඔහු සිය ගම්මානය අතහැර පහලට පැමීණි තවත් අයෙකි. . ඔහු ගමෙහි අතිතය පිළීබදව 2020 දී ලංකාදීපයට  සිහි කලේ මෙලෙසිනි .“මේ ගම කොයිතරම් පරනද කියල මට කියන්න අමාරුයි. දුටුගැමුණු රජතුමාගේ පුස්සදේව යෝදයාගේ ඥාතිපරපුරත් අපේ ගමේමයි කියල අපේ වැඩිහිටි අය කියනවා මට ඇහිල තියනවා . අපි පුංචි කාලේ තිබුන පොල් ගස් වලින් හිතාගන්න පුලුවන් ගම කොයි තරම් පරනද කියල. ආකාසයෙන් බාගයක් කරටි නැමුන පොල් ගස් තිබුනා .අපි පුංචි කාලේ අපේ මුතුන් මිත්තන් වවල තිබුන කොස් බෙන ඇතුලේ වැලිබත් උයාගෙන කෑවා මතකයි. ඒ තරම්ම ගමේ අතීතයක් තිබුනා තවමත් කාගෙවත් අවධානය යොමු නොවුන පහන් වැටිගල කියන ගරාවැටුන විහාරය තිබුනෙත් මේ කන්ද මුදුනෙමයි.  ඒ විහාරය කොයි කාලේ හැදුව එකක් ද කියල අපි දන්නේ නැ . අපි පුංචි කාලේ බඩු මුට්ටු ගන්න කොළඹ ගෙආර පොළට ආවේ ගමේ නඩේ එක්කමයි. පාන්දර හතරට කලින් කෙසෙල් කත් එලවලු මලු අරගෙන සැතපුම් ගල ලගට අපි හැමෝම එකතු වෙනවා. එතන තේ කඩයකුත් අපිට කලින් තිබිල තියනවා. සැතපුම් ගලට අපි හැමෝම එකතු වුනාම පන්දම් පත්තුකරගෙන පෝලිමට පොල ට එනවා . පොලට අපි ගෙනවා බඩු දිල මාසයකට සතියකට ඕනිකරන ආම්පන්නත් අරගෙන ආයෙත් කන්ඩායම සැතපුම් ගල ලගට ඇවිත් එතන තිබුන දියපිල්ලෙන් නාගෙන දවල්ට කැමත් කාල තමයි අපේ ගෙවල් වලට යන්නේ “

    පාරම්පරිකව සිය ජම්ම භුමිය කරගෙන ගල්බොක්කයාය වසමේ විසු සියලුම දෙනාට පාර්ම්පරික නිජභුමි උරැමය නිතියානුකුලවම හිමි වි තිබේ. ගම අතහැර මිට වසර පනහකට පමණ එපිටදි පහලට පැමිනියත් සිය ඥාතිපරපුරේ උරැමය රැදි සියලුම නිතියාණුකුල ලිපි ලේඛන දෙමටහැත්තගේ ජයවර්දන (85) මාමා සතුව ඇත. ඔහු සිය ගම්පළාත පිලිබදව 2020 වසරේදී ලංකාදීප වාර්තාකරුවන් වන චාමින්ද දිසානායක සහ ලසන්ත නිරෝෂණ පෙරේරා සමග  කතා  කර තිබෙන්නේ නීත්‍යාණුකුල ලිපි ගොණු තොම්ඹුද ඔවුන් හමුවේ දිග අරිමිනි

    “ගල්බොක්ක යාය වසමේ දැන් ඉන්නේ එක්කෙනයි.  එදා ගෙවල් 366 ක් තිබුන කියල පැහැදිලි සාක්ෂි තියනවා. අනුරාධපුර රාජධානියේ ඉදලම ජනතාව ගල්බොක්කයාය ගමේ ඉදල තියනවා. මහත්තයල හොයල බලනවනම් මේ කදු මුදුන් උඩ ප්‍රාග්  ඓතිහාසික අපේ මානවයොත් හිටිය කියල සාක්ෂි හොයා ගන්න පුලුවන් වෙයි. මේ අවට පුරාවිද්‍යා  කැණීම් කලත් ඔය කඳුවල ඒ කිසි දෙයක් කරල නෑනේ. කදුමුදුනේ තාමත් හිදෙන්නෙ නැති දිය දහරාවන් පොකුණු තියනවා. මහත්තයල දකින්න ඇති .ඒ නිසාම තමයි අපේ මුතුන් මිත්තෝ ජිවත් වෙන්න ඔය කදු මුදුන් තෝරාගෙන තියෙන්නේ. අපි පුංචි කාලේ ගම අදට වඩා හරිම ලස්සනයි ගොඩමඩ ගොවිතැන දෙකම කදු මුදුනේ සිද්ද වුනා . කන්ද වටේට තමයි ගම්මානය විහිදිලා තිබුනේ අපේ ආතල පොඩි කාලේ ගමේ දාහකට වඩා ජනතාවක් ඉදල තියනවා. අද තමයි ගම වල් බිහිවෙලා තියෙන්නේ. එදා පුස්සදේව මහා රහතන් වහන්සේ සංඛපාල විහාරස්ථානයේ ඉන්න කාලේ ගල්බොක්කයාය ගමේ අය තමයි ඇවිත් ඇප උපස්තාන කරල තියෙන්නේ. කාලයකින් පසුව ගම ජනශුන්‍ය වුනා ට පසුව යලි පවුල් දෙකක් ඇවිත්  මේ ගම්මානයේ පරම්පරාව ඇති කරල තියනවා. මගේ තාත්තාගේ තාත්තගේ නම දෙමටහැත්තගේ හිංහාමි. එයාගෙත් තාත්තගේ නම එළදහාමි. එයත් ගල්බොක්කයායේම උපන් කෙනෙක් මගේ අම්ම දෙමට ඇත්තගේ හිංඑතනා. ඉංග්‍රීසින්ට රට යටත් වුනාට පස්සෙ 1870 හතර වැනි ආඥ්ඥාව  යටතේ පංගු ක්‍රමයකටත් අපේ ඉඩම් අයිතිය තහවුරු වෙලා තියනවා. ඒ ලේඛනත් මා ලඟ තියනවා.1936 අබේකෝන් ඉඩම් කොමසරිස් තුමා කොමසාරිස් විභාගයත් තියලත් මේ ඉඩම් වල අයිතිය අපට තහවුරු  කරල තියනවා. කඳුමුදුනේ හිටිය අපට ඉඩම් අයිතිය උරුම වුනත් අපේ නිජබිම දාල අපි පහලට ආව. ඒ ගමේ අපි ගෙවපු කුඩාකාලය හරිම සුන්දරයි. ඒත් ඒ සුන්දර අතිතය අපේ ජිවිත කාලයේ ආයෙත් උදාවෙන්නේ නැ. එක මිනිහෙක් හරි තාමත් ගමේ ඉන්නවා කියල දැනගන්න ලැබිම හරිම සතුටක්. ලෝකයේ කවුරුත් දැනගෙන හිටියේ නැ“ ජයවර්ධන මහතා සිය ලිපිලේඛන ඔවුන් හමුවේ තබමින් පවසා තිබෙන අතර මේ ලිපිය සැකසීම සදහාද එම ලිපිලේඛන අපට වැදගත් මූලාශ්‍ර සැපයු අතර ප්‍රදේශයේ වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් සතුව හෝ මේ විස්තර නොමැති බව නම්  විශ්වාසයි.

    කාලයේ වැලිතලාවෙන් වැළලි ගිය අතිතයේ මතකයන් මේ ගම්තුලානේ තවමත් පවති. කදුකරයක් මුදුනේ තිබෙන මෙකි සොදුරැ ගම දැක බලාගෙන අප්පුහාමි මාමාගෙ නිවසේ රැයක් ගත කර කන්ද උඩ පොකුනෙන් දිය පහස නිවාගෙන පරිසරය විඳගැනිමට අවකාශය ඕනෑම අයෙකුට තිබෙන්නා සේම ගල්පොතු වල පවා බෝග හටගන්නා මේ කඳුකර ගම වගා කිරිමට හෝ මෙහි පදිංචි විමට ඉඩහසර තිබේ. ඒ වෙනුවෙන් සිය නිතියානුකුල ඉඩකඩම් නොමිලේ ලබා දිමටත් මෙගම හැර ගිය ඉඩම් හිමියන් කැමැත්තෙන් සිටි. ගමන දුෂ්කරයි එහෙත් දුෂ්කර තාවය තුල සැගවි තිබෙන සුන්දර තාවය පැමිණි විදිය යුතුම දෙයකි .පරිසර හා පුරාවිධ්‍යා  ඇස යොමු විය යුතු තැන් බොහෝය .සංචාරක ආකර්ශනය යොමු කළ හැකි තැන් බොහෝය . අතීත ගම යලි ගල්බොක්කයායේ නිර්මානය වනු දැකිම සිය එක ම සිහිනය බව පැවැසුවේ දිව රාත්‍රී  දෙකෙහි මේ ගම ආරක්ෂා කරන අප්පුහාමි මාමයි. නමුත් අප්පුහාමි මාමගේ ඒ හීනයට යා හැකිවේදැයි දන්නේ උද ඉන්නා දෙවියන් පමණි. ඒ අන් කිසිවක් නිසා නොව මේ ගම්මානය වටේටම ගල් කොරි දමමින් පරිසරය විනාශ කරන නිසා වන අතර හම්බන්තොට සිමෙන්ති කම්හල නිසා මේ කඳු බිමට සමතලා වී කන්දෙන් පහල සිටින දහස් ගණනක් වන මිනිසුන්ගේ දුක් කදුළු වා තලයට මුසු වන්නේ කොම්පැනි හිමිකරුටත් , මේ මිනිසුන්ගේ ජීවිතවලට උරුමවන කම්කටොලු ගැන නොහිතා මෙවාඅ ලබා දීමට අනුමැතිය ලබා දුන් නිලධාරීන්ට සහ දේශපාලන හිතවතුනටද ශාප කරමිනි.

    කවුරු සිමෙන්ති ඉල්ලුවත්, කාට පරිසරය වුවමනා නැති වුවත් , පරිසරය නැති වීමෙන් ඔබගේ අවශ්‍යතා සදහා ජලය හෝ හුස්ම ගැනීමට වාතය නොමැති බවද, අනාගත පරපුරක් වෙනුවෙන් මේ සියල්ලම සුරැකිය යුතු බවද සංවර්ධනයන් ඉලක්ක ගත විය යුත්තේ මානව සංහතියේ පැවැත්මට විනා ඔවුන්ගේ විනාශයට නොවන බව අප කණගාටුවෙන් සටහන් කරමි.

    (විශේෂ ස්තුතිය ලංකාදීප පුවත්පතේ ජේෂ්ඨ මාධ්‍යවේදීන් වන  චාමින්ද දිසානායකට සහ  ලසන්ත නිරෝෂණ පෙරේරා හට)

    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නපාරිසරිකවිශේෂ පුවත්විශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    පාරිසරික

    කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version