English
සිංහල
05:02 සිකුරාදා, අගෝස්තු 15, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    හමුදාවේ සහ බන්ධනාගාරය පැටලුනු නියාමකවරු. රට අස්ථාවර කරමින්  “බල්ලාගේ වැඩේ බූරුවා කල” තවත් දූශිත බඳවාගැනීමක්.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ලෝකය පුරාම බන්ධනාගාර ආරක්ෂකයන් සේවයේ යොදවා සිටී. ඔවුන්ගේ ප්‍රධානතම රාජකාරිය වන්නේ රැඳවියන්ගේ සහ සිරකරුවන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ පහසුකම් සහතික කිරීමයි. ඒ සදහා අවශ්‍ය දැනුමින් ඔවුන් සන්නද්ධව සිටිය යුතුය. ඔවුන් සන්නද්ධ විය යුත්තේ සිරකරුවන් පාලනය කිරීමට නොවේ, ඔවුන් පුනරුත්තපනය කිරීමට අවශ්‍ය දැනුමින්, හැකියාවන්ගෙන් සහ ආකල්ප වලිනි (Knowledge, Skills and Attitudes). එය විශාල පරාසයකි.

    ලෝකයේ සාර්ථක රටවල් සියල්ලම සාර්ථකව තිබෙන්නේ සුදුසු තැනට සුදුසු දැනුමින් යුත් පුද්ගලයන් පත් කිරීමෙනි. ලෝකයේ සාර්ථකව ගලාගෙන යන බන්ධනාගාර වලද එසේමය. එම බන්ධනාගාරවල් වලින් එලියට එන රැදවියන් නැවත බන්ධනාගාරගත නොවේ. එසේ කිරීමට නම්  බන්ධනාගාර නියාමකයින් අප ඉහතින් සදහන් කල දැනුමින් සන්නද්ධ විය යුතුය.

    ලෝකයේ බොහෝ රටවල් වල ප්‍රාදේශීය සහ රාජ්‍ය තනතුරු සඳහා අවශ්‍ය වන්නේ උසස් පාසල් ඩිප්ලෝමාවක් හෝ ඊට සමාන දෙයක් පමණි.  නමුත් ඒවායේ බන්ධනාගාර කාර්යාංශයන් වලට අනුව බන්ධනාගාර ආරක්ෂකයින් ලෙස වැඩ සාමාන්‍යයෙන් උපාධියක් අවශ්‍ය වේ. බන්ධනාගාර නියාමකයින් සඳහා අදාළ උපාධි අපේක්ෂක අධ්‍යාපනයට අපරාධ යුක්තිය පිළිබඳ උපාධියක් වුවද  ඇතුළත්ව තිබිය හැකිය. එසේම සමහර වැඩසටහන් නිවැරදි කිරීම් සඳහා අවශ්‍ය දැනුම් මෙන්ම පුහුණුවක්ද ලබා දෙයි. එසේම උපාධි අවශ්‍යතාව  සමඟ බන්ධනාගාර නියාමකයින් අනිවාර්යෙන්ම  බන්ධනාගාරයේ සහ වෙනත් ආයතනවල අමතර පුහුණු වැඩසටහන් සම්පූර්ණ කිරීමට අවශ්‍ය වේ. එම පුහුණු වැඩසටහන්වලට ගිනි අවි පුහුණුව, සිරකරුවන්ගේ අයිතිවාසිකම්, බන්ධනාගාර කල්ලි, අර්බුද කළමනාකරණය, මානසික සෞඛ්‍ය ගැටලු සහ නිලධාරීන්ගේ ආරක්ෂාව වැනි පාඨමාලා ඇතුළත් වේ.

    අප ඉහතින් සදහන් කල සියල්ලම ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයන් තුල ක්‍රියාත්මක නොවේ. ඒවායේ නිසි විධ්‍යනුකූල්ව සම්මත දේවල් සිදුවන්නේ නම් ශ්‍රී ලංකාවේ අපරාධ වැඩි වන්නේ නැත.

    ශ්‍රී ලංකාවේ බන්ධනාගාර නියාමකවරයෙකු වීමට අවශ්‍ය සුදුසුකම් සියල්ලම දෙස බලන විට එහි සුදුසුකම වන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් වල සාමාන්‍ය සෙබල තනතුරට අදාළ අධ්‍යාපන සුදුසුකමකි. බන්ධනගාර නියාමකවරයෙකු වීම සදහා  සාමාන්‍ය පෙළ 6/4  සමග උස අඩි 5 අඟල් 4 කට වඩා තිබිය යුතුය. ඒ අතරම දේශපාලන සම්බන්ධකම් ද විශේෂ සුදුසුකමකි. ඒ ආකාරයෙන් නියාමක  තුට්ටු දෙකට ගියේ නම් ශ්‍රී ලංකාවේ බන්ධනගාරවලින් එලියට පැමිණෙන පුද්ගලයන් දිගින් දිගටම අපරාධකරුවන් වෙමින් සංවිධනාත්මක අපරාධකරුවන් දක්වාම අපරාධ ජීවිත ගතකරන්නන් බවට පත්වීම වැලැක්විය නොහැකිය .

    නෙත් FM බැලුම්ගල වැඩසටහනින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයේ දුෂිත බව කියවෙන අයුරු. 10 වැනි විනාඩියේ සිට අවසානය තෙක් අහන්න

     බන්ධනාගාර නියාමකයන් ගේ හිඟය මඟහරවා ගැනීමට නියාමකවරුන් අටසියයක් පමණ බඳවා ගැනීමට පසු ගිය කාලයේ අයදුම්පත් කැඳවා තිබුණේය. එහෙත් එයින් අඩක් ඉවත් කර යුද හමුදාවේ  වසර 12 ක සේවා කාලය ඉක්ම වූ පිරිසක් එක් කර ගැනීමට උසස් පුද්ගලයකු ගේ යෝජනාවක් සම්මත විය. එයින්ම පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ බන්ධනගාර නියාමකවරුන්ට අවශ්‍ය යුධ පුහුණුව පමණක් බවයි. එම නියාමකවරුන් බදවාගෙන තිබුනේ බන්ධනාගාර වට ආරක්ෂාව ට බවට අපට තොරතුරු වාර්තා වේ. මෙම යෝජනාව සම්මත කල නිලධරියා එම බඳවාගැනීම් සඳහා අධ්‍යාපන සුදුසුකම් සහ උස ඇතුලත් නො කිරීමට කටයුතු කර තිබේ .

    ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා භටයන් සාමාන්‍ය ජනතාවට ආමන්ත්‍රණය කරන අයුරු . ඔවුන්ට මෙසේ කතා කරන්නේ නම් සිරකරුවන්ට කෙසේ ආමන්ත්‍රණය කරාවිද?.

    මෙම බඳවා ගත් පිරිස අතර “අම්මා” කියා ලියා ගැනීමටත් නොහැකි කිහිප දෙනෙකුද සිටින බව කියා වේ. අම්මා ලෙස ලියාගැනීමට හැකියාවක් තිබුනත් ඔවුන් සතුව තිබෙන දැනුමට එයින් අභියෝග කරයි. එසේ ම තිබිය යුතු උසද  ප්‍රමාණය ද සපුරා නොමැති අයවලුන් ද සිටින බවද කියා වේ. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ පවතින නීතිය තුල ඕනෑම පුද්ගලයෙකු බඳවා ගැනීමට අවශ්‍ය නීතිමය පසුබිම සකසා ගැනීමට ආයතන ප්‍රධානියාට බලය දී තිබේ. එය ආයතන සංග්‍රහයේ දෙවැනි පරිච්චේදය තුල සඳහන් වේ. නමුත් බන්ධනාගාරයට නියාමකවරුන් මෙන්ම අනෙකුත් පුද්ගලයන්ද බදවා ගත යුත්තේ සිරකරුවන්ට සැලකිය හැකි දැනුමින් සන්නද්ධ වුවන්ය. අදාළ නිලධාරීන් අමතක නොකළ යුත්තේ ඔබගේ ක්‍රියාත්මක වීමේ දුබලතාවය හේතුවෙන් රටක් ගිනිගෙන විනාශ වන බවයි. අපරාධ දිගින් දිගටම වැඩි වීමේ වගකීම ගත යුත්තේ ඔබම බවයි.

    මේ සිද්ධියේදී හාස්‍යට එක් කරන තවත් කරනුක ලෙස හමුදාවේ උසස් නිලධාරීන්ගේ පුද්ගලික රාජකාරි වලට ද ඔවුන් උදව් කරමින් කාලය ගත කරන බව වාර්තා වීමයි. එයටද ගැටළුවක් නැත. ඔහුගේ රාජකාරියෙන් බැහැරව ඔහුට එය කල හැකිය. පුද්ගලික මට්ටමෙන් උදව් උපකාර කිරීමේ කිසිම වරදක් නැත. ලංකාවේ ප්‍රසිද්ධ හාල් ව්‍යාපාරිකයකුගේ ආරක්ෂාවට යොදවා සිටි අයෙකු ද මෙම පිරිස අතර සිටින බවද වාර්තා වේ.

    එහි වරද ඔවුන්ගේ නොවේ. තනතුරට නිසි වටිනාකමක් ලැබෙන අයුරින් බදවා ගැනීම නොකිරීම, පුහුණුවීම් නොදීම මෙන්ම මෙම සේවා මුක්ත හමුදා භට පිරිස පුහුණුවීම් අවසන් කර විසිර යාමේ උත්සවයක්ද පවත්වා අඩුම තරමින් ඉදිරියේ වැඩකළ යුත්තේ කෙසේද යන්නවත් ඔවුන්ට පවසා නැත. එහිදී විසිරයාම් උත්සවය තෙවරක්ම අවලංගු කර තිබේ. නමුත් ඒ සියලුම ප්‍රමාදයන්වලදී වියදම් වන්නේ ඔවුන්ගේ පුද්ගලික බුදලයක් නම් නොවේ. ඒ ගෙවෙන්නේ මෙරට දුක් විදින ජනතාවගේ බදු මුදල්ය.

    මෙම විසිරයාම ප්‍රමාදවීමට හේතුව ලෙස සදහන් වන්නේද මෙම පිරිස රැකියාවට බඳවා ගැනීමේ යෝජනාව සිදු කල උසස් නිලධාරියාට විසිරයාමේ උත්සවයට සහභාගීවීම සඳහා දිනයක් නොතිබූ නිසා බවද කියවේ. මෙසේ දූෂිත වැඩක් කරමින්, මෙතෙක් නියාමකවරුන් බඳවාගත් ක්‍රමයටත් පිටින් ගොස් නුසුදුසු තවත් නිලධාරින් කොටසක් බඳවාගත් මෙම නිලධාරියාගේ ගෝලයෝ බන්ධනගාර නිලධාරීන්ගේ පාලනයෙන් ගිලිහි තිබේ. 

    එසේම ඔවුන් තවමත් ජීවත් වන්නේ ශ්‍රී ලංකා හමුදා සේවයේය. බන්ධනගාර සේවය යනු කුමක්දැයි බහුතර බන්ධනගාර නිලධාරින්ද නොදන්නා සේම, අලුතින් බදවා ගන්නෝද නොදනී. එයින් කියවෙන්නේ අප ඊයේ වාර්තා කල අකාරයේ  ලොව පහත්ම, දූෂිතම බන්ධනගාර තත්වයට ශ්‍රී ලංකාවේ බන්ධනගාර ද පත් වීම ඉක්මනින්ම සිදු වනු ඇති බවයි. අප එවැනි තත්වයන් ගණනාවක්ම දුටුවෙමු . ආසන්නම සිද්ධිය වාර්තා වන්නේ කන්දකාඩුවෙනි. මෙම බදවා ගත් නිලධාරීන් සියල්ලෝම කොළඹට පමණක් සීමා කර තිබේ. දූෂිත රාජ්‍ය සේවයේ දූෂිතයන් පුනරුත්තාපනය කිරීමට තිබෙන බන්ධනාගාර ඊටත් ඒවා තව දුරටත් දුෂණය කරන මෙම දූෂිත බදවාගැනීමට අනුබල දී බලපෑම් කල පුද්ගලයා සොයා  ඔහුගේ දේශපාලනික රාජකාරියෙන් ගැලවීමට වෙනමම පුනරුත්ථාපනයක් සිදුකිරීමට සිදුව තිබෙන බවද පැහැදිලිය.  

    මේ සියල්ලටම පෙර ගෝඨාභයගේ මෙන්ම මහින්දලාගේද බළල් අතක් වූ මේ දූෂිත බදවාගැනීමට බලපෑම් කල පුද්ගලයා සිදුකර තිබෙන අපරාධය සුළු පටු නොවේ.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version