English
සිංහල
04:34 අඟහරුවාදා, ඔක්තෝබර් 28, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    හමුදා කඳවුර තුලදීම සෙබළියන් පිරිසකට ලිංගික අතවර. ඇතැමෙක් කාර්යාලයේදීම දූෂණයට?

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp


    ශ්‍රී ලංකාව තුල හෝ එවැනිම වෙනත් රාජ්‍යක හමුදා දියණියන් බලාගත යුතු හමුදා නිලධාරීන් විසින්ම ඔවුන් දුශනයට ලක් කරන්නේ නම් එය අතිශයින්ම කණගාටුදායක ක්‍රියාවකි. ශ්‍රී ලංකාව තුලදීම එසේ සිදුවන්නේ නම් එය ඊටත් වඩා කණගාටුදායක සේම, එම දියණියන්ගේ අසරණකම ගැන වැටහෙනුයේ මානවවාදී මිනිසුන්ට හෝ දියණියන් සිටින පියවරුන්ට පමණි. ශ්‍රී ලංකා හමුදාවල් වල එවැනිම පියවරුන් වැනි මානවවාදී ජේෂ්ඨ හමුදා නිලධාරීන් සිටින බැවින් අපට සියලුම තොරතුරු වාර්තා වේ. එබැවින් ශ්‍රී ලංකා හමුදාවන් තුල මනුසත් ගහනයක් තිබෙන නමුත් නීතියට පිටින් යන කිහිපදෙනෙකු නිසා ශ්‍රී ලංකා හමුදාවන්වලට හානි සිදුවීමට ඉඩ නොතැබිය යුතුය.


    කෙසේ නමුත් මානවවාදී මිනිසුන්ගෙන් ගහන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාන්‍ය සෙබලියන්ට බලහත්කාරයෙන් සහ විවිධ උපක්‍රම යොදා ලිංගික අතවරකරන නිලධාරීන් කිහිපදෙනෙකු පිලිබඳව අපට තොරතුරු වාර්තා වන්නේ එම සෙබළියන්ගේ ප්‍රකාශ සමගය. එම නිලදාරීන් කිහිපදෙනෙකු අතරින් එක් දුෂිත මේජර්වරයෙකුගේ යුධ හමුදා සෙබලියන් දූෂණය කරන අයුරු පැහැදිලි සාක්ෂි සහිතවම අපට අනාවරණ වී තිබේ.


    අව වරප්‍රසාදිත නිර්දන පන්තියේ දුගී දුප්පත් පවුල් වලින් පැවත එමින් අම්මා තාත්තා ,නංගි මල්ලි ජීවත් කරවීමට යුද හමුදාවට බැඳුණු සෙබළියන්ගේ හඬ නිහඬ කළ මාධ්‍ය තහංචි රෙදි පටිවලින් කට අතපය ගැටගසා නීතියේද ඇස් වසා තරු නිලතල රස්නෙට බලහත්කාරකමින් අසරණ සෙබළියන්ගේ තන පට ගලවා දූෂණය කිරිම හිරිකිතකින් තොරව විනෝදාංශය කරගත් ඔහු නමින් මේජර් අධිකාරිය. මේජර් අධිකාරිගේ “අධිකාරිය” ගලවා දමා එම කඳවුරේ කනිෂ්ඨථම සෙබලිය ලවා පශ්චාත් භාගයට පයින් ගසා නින්දා සහගත ලෙස හමුදාවෙන් නෙරපා දැමීමට ( DRUM OUT) සාක්ෂි සහිත ලිපි ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය. එසේම මේ සමග යාකර තිබෙන පළමු හඬ පටය ( හඬ පට කිහිපයක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න) ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය.


    ශාරීරිකව ,වාචිකව ,මෙන්ම මානසිකව ලිංගික හිංසනයට අතවරයට ලක්වූ නම් වශයෙන් සඳහන් කළ හැකි සෙබළියන් විශාල ප්‍රමාණයකගේ පාපොච්චාරණ දින වකවානු ස්ථාන ඇතුළු කොට ගෙන අප සතුව පවතින අතර මෙම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිනාමය විනාශ කරන කාමාතුර මේජර්වරයා ශ්‍රී ලංකා යුධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තුවේ විධායක අධිකාරි ලෙස කටයුතු කරන සමයේ තම බලය නින්දිත ලෙස හිරිකිතකින් තොරව අවභාවිතා කරමින් මෙසේ ලිංගික අතවර කිරීම් සහ ලිංගික අල්ලස් ගැනීම් සිදුකර ඇත.


    අවසන් නිශ්කාෂණ ලබාදීමට ලිංගික අල්ලස් ලබා ගැනීම.


    යුද හමුදාව තුළ සියලුම නර්තන ශිල්පිනියන් සහ ගායිකාවන් මෙම රෙජිමේන්තුව යටතේ පාලනය වෙන අතර මෙම සුරූපී සෙබලියන් වයස අවුරුදු 18 දී යුද හමුදාවට බැඳී පුරා වසර 15 ත් 18 ත් අතර කාලයක් දිවා රෑ නොතකා වෙහෙස මහන්සි වෙමින් රාජ්‍ය රාජ්‍යතාන්ත්‍රික ජාතික සහ හමුදාමය උත්සවයන් සඳහා නර්තනයෙන් සහ ගායනයෙන් තම දායකත්වය උපරිමයෙන්ම ලබාදෙමින් සියල්ලන්ගේම නෙත් සිත් පිනවා සේවා කාලය අවසන විශ්‍රාම ගැනීම සඳහා අවසාන නිශ්කාශන ලබාගැනීමට මෙම සල්ලාල කාමාතුරයාගේ ගොදුරක්වී අතවරයට ලක් වීමට සිදු වීම අහස පොළොව නුහුලන ජාතික අපරාධයකි.


    මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වන මොහොත වන විට මෙම සෙබලියන් අහිංසක දුවා දරුවන්ගේ අම්මා වරුන් මෙන්ම දයාබර සැමියන්ගේ බිරින්දෑවරුන් වීම මෙම තිරිසන් දූෂණ රැල්ලේ බරපතළ සහ කෲර භාවය තීරුව කරමින් අප තව තවත් සංවේදී කිරීමට සමත් විය.


    අමතක නොවන කම්බුල් පාර.


    මෙම අවනඩුවට එරෙහිව නිර්භීතව හඬක් නැගූ සෙබළියක් ලෙස නර්තන ශිල්පිනී වීරකෝන් නමැති සෙබළියක් අපට හදුන්වා දිය හැකිය. තිදරු මවක් වන ඇය මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී තිබෙන්නේ ගෙවීගිය 2022 වසරේ අගෝස්තු මස 11 දින මධ්‍යහනයේදීය.


    වෙහෙසකාරී සේවා කාලයකින් අනතුරුව විශ්‍රාම ගැනීම සඳහා තම අවසාන නිෂ්කාශනය ලබාගැනීමට මෙම සල්ලාල සුනඛ පුත්‍රයා වෙතට එදින උදෑසන 11 වන විට ගොස් තිබේ. එදින දිවා ආහාර විවේකය වන දහවල් එක වන තෙක් සූක්ෂම ලෙස ඇය කාර්යාලයට නොගෙන ඇයටම එපා වෙන තෙක් කාර්යාලට පිටතින් සිටුවා තබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියල්ලන් දිවා ආහාරය ලබාගැනීමට ගිය පසු කාර්යාලයට පැමිණෙන ලෙස අධිකාරි අණකර තිබේ. ඒ අතර ඇය සමඟ පැමිණි කාන්තා සෙබලියද දිවා ආහාරය ගෙන නැවත පැමිණෙන ලෙසට සූක්ෂමව පිටත්කර තිබේ.


    අනතුරුව ඇගේ රූප ස්වභා සහ ශරීර හැඩ පිළිබඳව කාමුක විග්‍රහයක නිරතවෙමින් කාර්යාලයේ දොර වසා ඇය සමග ලිංගිකව එක්වීමට අවශ්‍ය බවද ඉන් අනතුරුව නිෂ්කාශන පත්‍රය අත්සන් කර දෙන බවටද ප්‍රකාශ කළ කාමාතුරයා හට ලුණු ඇඹුල් ඇතිව දෙසා බෑ මෙම නිර්භීත සෙබලිය විශ්‍රාම වැටුප නොලැබුනත් මෙම හිරිකිත යෝජනාවට එකඟ නොවෙමි යයි පවසා මෙම ස්ත්‍රී දුෂකයාගේ කම්මුලෙහි ඇඟිලි පහක මුද්‍රාව තබා කාර්යාලයෙන් පිටව ගොස් ඇත.


    ලිංගික දඩයම් හෝරාව.


    ඉතා සූක්ෂම ලෙස පුරුද්දක් වශයෙන් කාන්තා සෙබළියන් හට ලිංගික අතවර කිරීමේ දඩයම් හෝරාව ලෙස දහවල් එකත් දෙකත් අතර දිවා ආහාර පැය යොදා ගන්නා අතර එම කාලය තුළදී දිවා ආහාරයද ලබා නොගෙන සෙබලියන් දඩයම සඳහා මොහු කාර්යාලයම රැඳී සිටින බව නිලධාරී නිවස්නයේ දහවල් ආහාර ලබාගත් නිලධාරීන්ගේ ලේඛන පරික්ෂා කලහොත් ඕනෙම පරීක්ෂණ මණ්ඩලයකට උවමනාවටත් වඩා සාක්ෂි රැස් කරගත හැකි බව අප වෙත ඒවා තිබෙන වාර්තාවලට අනුව පැහැදිලිය.


    වැරදුණු නෑඹුල් සෙබළියගේ කුරුමානම.


    ඒ අතර ශ්‍රී ලංකා යුධ හමුදා පොදු සේවා බලකාය රෙජිමේන්තු මධ්‍යස්ථානයෙදී 2022 ඔක්තෝබර් මස 22 උදෑසන 10:30 ට පමණ තවත් සිදුවීමක් සිදු වේ. රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියල්ලෝම එදින පැවති උත්සවයක් හේතුකොටගෙන සරඹ පිටිය වෙත ගොස් තිබේ. අසනීප හේතූන් මත එම ස්ථානයේ රැඳී සිටි සේවා කාලය මාස 6 හයක්වත් නොමැති ජයසූරිය නැමැති සාමාන්‍ය සෙබලිය දඩයමට කුරුමානම් ඇල්ලූ සලෙලු මේජර් අධිකාරි උත්සවය පසෙක දමා රෙජිමේන්තු මධ්‍යස්ථානය තුලට පැමිණ තිබේ.
    රෙජිමේන්තුවේ ජේෂ්ඨ නිලධාරිනියකගේ සහායිකාව ලෙස කටයුතු කළ ජයසූරිය හට රෙජිමේන්තු මධ්‍යස්ථානයේ උඩුමහලේ රැඳී සිටීමට අවසර හිමිව තිබීම දඩයම තවත් පහසු කරන්නක් විය. අනවසරයෙන් ඇතුළු විය නොහැකි කොටසකට ඇය කොටුකරගත් මෙම කාමාතුරයා සුවිශේෂී අමුත්තන් සඳහා පමණක් වන කාමරය තුලට ඇය කැඳවාගෙන ගොස් තිබුණේ රාජකාරි කටයුත්තක් සඳහා වන බැව් පවසමිනි.
    අමුත්තන්ගේ කාමරයට ඇය ඇතුළු කර ගත් සැනින් එහි දොරගුළු දමා වසා දැමුණු අතර බයෙන් බිරාන්තවී කෑගැසූ ඇගේ කටහඬ ඇහෙන මානයෙ කිසිවකු නොසිටීම සලෙලු මේජර් අධිකාරියගේ අවසානය සනිටුහන් නොකළේය. කාබරේ තුළ වූ සෝෆාවක ඇය වාඩි කරවා තමා නොබෝ දිනයකින් එම ස්ථානයෙන් ස්ථාන මාරුවීමක් ලබා යන බවත්, දමා යා නොහැකි එකම වස්තුව ඇය බවත්, තවත් පැයක කාලයක් යනතුරු කිසිවෙකු මෙම ස්ථානයට නොපැමිණෙන බැවින් තමා සමඟ ලිංගිකව එක්වන ලෙසට දිගින් දිගටම ඇයට බලපෑම් කර තිබේ.
    අනේ ‘සර්” මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා, මගේ අම්මත් අසනීපෙන් ඉන්නේ, තාත්තත් නෑ, අනේ මට මුකුත් කරන්න එපා, මං තාම “කෙල්ලෙක්’ බුදු බව අත්වෙයි “සර්” මට යන්න දෙන්න කියා හඬා හඬා වැලපුනද බලහත්කාරයෙන් ඇය සිපගැනීමට ක්‍රියා කළ මෙම සුනඛ පුත්‍රයා තල්ලු කර දමා දොර විවෘත කරමින් බේරීයැමට මෙම අසරණ සෙබලියට වාසනාව ලැබී තිබුණි.


    මේ පිළිබඳව කනින් කොනින් ඇසෙන්නට වූ කල්හි මෙම අසරණ සෙබලිය ස්ථාන මාරුවීමක් ලබාදී කඳවුරෙන් ඉවත් කිරීමට මේජර් ජනරාල් මෙත්තානන්දගේ සභාපතිත්වයෙන් යුත් “ශ්‍රී ලංකා යුධ හමුදා පොදු සේවා බලකා දුෂිත පුත්‍ර සමූහ ව්‍යාපාරය” ක්‍රියා කර තිබේ. එම සෙබළිය ඉන් ඉවත් කිරිමට මේජර් ජනරාල් මෙත්තානන්ද කටයුතු කිරිම ඇයගේ ආරක්ෂාව වෙනුවෙන් කර තිබෙන හොද ක්‍රියාවක් වුවත්, මේජර්වරයාට එරෙහිව නීතියක් ක්‍රියාත්මක නොවීම මජර ක්‍රියාවකි. ඉන් කියවෙන්නේ මේජර් ජනරාල්වරයාද එම ගොඩේම සිටිමින් දුෂිතයන්ට උපකාර කරන බවය. ඔහුට විරුද්ධවද අප විවිධ වාර්තා ඉදිරිපත් කර තිබෙන්නේ සාක්ෂි සමගය. නමුත් ආරක්ෂක ලේඛම් සහ යුධ හමුදාධිපති නිහඩය. හමුදාවන් තුල සිටින දුෂිත නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නම් අපට මෙසේ තොරතුරු නොලැබෙන බව ආරක්ෂක ලේඛම්වරයා මෙන්ම යුධ හමුදාධිපතිවරයා වටහාගත යුතුය.


    පරීක්ෂණ කරලා බොරු දැයි බලන්න.


    සෙබලියෝද කාන්තාවන් බැවින් ප්‍රථම කාන්තාව වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් සහ රටේ ප්‍රථම පුරවැසියා ලෙස, ආරක්ෂක ඇමති ලෙස මෙන්ම සේනාධි නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගෙන් ස්වාධීන පරීක්ෂණයක් අපේක්ෂා කරන්නේ යුධ හමුදාවේ ජේෂ්ඨ නිලයන්ය. මේ වන විටත් සිදුව තිබෙන සියලු දූෂණ ක්‍රියාවන් සොයන ලෙස බව යුධ හමුදාවට මෙන්ම රටට ආදරය කරන ජේෂ්ඨ හමුදා නිලධාරීන් ඉල්ලා සිටි. ඇස් කන් පියා නොසිට මෙම සංවේදී අවනඩුව මෙන්ම අප මීට පෙර ඉදිරිපත් කර තිබෙන සියලුම ප්‍රශ්න විසඳා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටි.


    එසේම පොදු සේවා බලකා රෙජිමේන්තුව විධායක අධිකාරිව සිටී මේජර් අධිකාරි මෙම සාක්ෂි පදනම් කරගෙන යුධ අධිකරණයකට පමුණුවා යුද හමුදාවෙන් නෙරපා හැරීමෙන් පමණක් තව දුරටත් මෙවැනි නිලධාරින් යුධ හමුදාව තුල බිහිවීම නවතිනු ඇත. එසේම මෙම අධිකාරි නමැති පුද්ගලයා මේ වන විටත් සිටින්නේ යුධ හමුදා පුහුණු පාසලක බවද වාර්තා වේ. එවැනි පුහුණු පාසැල් වලද, ආධුනික සෙබලියන් විශාල වශයෙන් සිටි. යුධ හමුදාවෙන් යුක්තිය ඉටු නොවන්නේ නම්, එම නිලධාරීන්ට එරෙහිව සිවිල් පොලිස් ස්ථානයන්ට පැමිණිලිකිරීමට අවශ්‍ය නීතිමය දැනුම ඔවුන්ට ලබා ඉගැන්වීමට හෝ අපට සිදු වේ. එය යුධ හමුදා පරිපාලනය දිගින් දිගටම අවුල් සහගත වන ක්‍රියාවලියක් බවට පත්කිරීමට ඉඩ තිබේ.


    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සමහර ජේෂ්ඨ හමුදා නිලධාරීන්ගේ දුෂිත ක්‍රියාවන් නිසා එම ආයතනය දිනෙන් දින පිරිහෙමින් පවතී. එය වහාම නැවැත්වීමට නම්, එම ආයතනයේ ගැටළු සෙවීම සදහා සමාජවේදීන්ගෙන්, සහ වෙනත් ස්වාධීන පුද්ගලයන්ගෙන් සැදුම්ලත් මණඩලයක් පත්කල යුතු බව වර්තමාන ජනාධිපතිවරයාගේ අවධානයට යොමුවිය යුතුව තිබේ. වර්තමාන පරිපාලනය තුල පවා සිදුවන්නේ එම ආයතනය පිරිහීමේ කටයුතු පමණක් බව අපට ලැබෙන දැවැන්ත තොරතුරු ඔස්සේ පෙනී යයි. අපට ලැබෙන සාක්ෂි සහිත තොරතුරු ප්‍රාමාණය කෙතරම්ද යත් ඒවා ලිවීම සදහා වෙනමම ලේඛකයෙකු යෙදවීමට සිදුව තිබේ.


    එසේම උසස්වීම්, යුධ හමුදාවට සේනා ශක්තිය අඩුකිරීම, වැරදිකරුවන්ට දඩුවම් ලබා දිම, නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම වැනි සියලුම කටයුතු සිදුවන්නේ ආත්මාර්ථකාමී හමුදා නායකයන්ගේ තාවකාලික සැපය ගැන පමණක් අවධානය යොමුකරමින් බව පැහැදිලිවම දක්නට තිබේ. එය එසේ නොවිය් යුතුය. එම ආයතනය ඔවුන්ගේ නොවේ. ආයතනය මහජනතාවගේය. ඔවුන් සේවය කල යුත්තේ මහජනතාවටය. ඒ අනුව ඔවුන් වැඩකළ යුතුය. එබැවින් මහජන අවශ්‍යතාවය පරිදි, නීතියට අනුව වැඩනොකරන, ජෙනරාල්වරු පවා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට මහා කැල්ලක් ඇතිකරමින් සිටි. එවන් පසුබිමක අධිකාරිලා වැනි පුද්ගලයනුත් ඔවුන්ම අරක්ෂා කරන්නේ නම් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබලියනට පමණක් නොවේ, නිලධාරිනියන්ටද සිදුවන්නේ ඔවුන්ගේ මනදොල සපුරමින්, නොදියුණු, ගෝත්‍රික හමුදාවක සාමාජිකාවන් ලෙස ජිවත් වීමටය.

    එක් හඩපටිගත කිරීමක් පහතින් අහන්න


    අපගේ විශේෂ සටහන


    තෝමස් එච්. මාර්ෂල්ට අනුව “පුරවැසිභාවය” සමාජ පන්තිය මත දැඩි ලෙස රඳා පවතී. එය බොහෝ දුරට පදනම් වන්නේ රාජ්‍ය පිහිටුවීම, ප්‍රජාතන්ත්‍රීකරණය සහ විධිමත් රාජ්‍ය-පුරවැසි අන්තර්ක්‍රියා පිළිබඳ බටහිර අත්දැකීම් මත ය. රාජ්‍යයක් තුළ පුද්ගලයාගේ තත්ත්වය නිර්වචනය කිරීම සඳහා පුරවැසිභාවයේ විධිමත් අංග මාෂල් හඳුනා ගත්තේය. (Marshall 1950). ඒ හා සමානව, පසුකාලීන සාහිත්‍යය, අවිධිමත් අන්තර් ක්‍රියාවලට වඩා අයිතිවාසිකම් පදනම් කරගත් පුරවැසිභාවයේ විධිමත් මානයන්ට ප්‍රමුඛත්වය දුන් පුරවැසි සහභාගීත්වය සහ සිවිල් සංස්කෘතිය සාකච්ඡා කිරීමට නැඹුරු විය. (උදාහරණයක් ලෙස, Almond සහ Verba 1963). සහභාගීත්වයට අමතරව, පුරවැසිභාවය බොහෝ විට නිර්වචනය කරනු ලබන්නේ පුද්ගලයාට නිශ්චිත සමානාත්මතාවයේ යම් විශ්වීය අයිතිවාසිකම් සහ බැඳීම් ඇති දේශපාලන ප්‍රජාවක පුද්ගලයෙකුගේ සාමාජිකත්වය ලෙසිනි. එය බොහෝ දුරට විස්තර කෙරෙන්නේ පුද්ගලයෙකු සමාජයේ දක්ෂ සාමාජිකයෙකු ලෙස නිර්වචනය කරන දේශපාලන, ආර්ථික, අධිකරණමය සහ සංස්කෘතික භාවිතයන් සමූහයක් ලෙසිනි (Turner 1990, 1993; Janoski 1998).


    පුරවැසිභාවය පිළිබඳ මෙම සම්භාව්‍ය අදහස් දේශපාලන අරගල සහ ගැටුම් වැනි දේශපාලන මානයන්හි ප්‍රධාන ස්ථානය ඉස්මතු කරන අතර බොහෝ දුරට පුරවැසියන් රාජ්‍යය තුළ භුක්ති විඳින විධිමත් අයිතිවාසිකම් සහ යුතුකම් කෙරෙහි අවධානය යොමු කරයි. කෙසේ වෙතත්, පුරවැසි අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීමේදී ඔවුන්ගේ සැබෑ වැදගත්කම තිබියදීත්, ඔවුන් පුරවැසිභාවයේ අවිධිමත් මානයන් නොසලකා හරිති. දුර්වල ආයතන සහිත රාජ්‍යයන් කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු නොකර බටහිර, අධි-ධාරිතා සහ ලිබරල් ධනවාදය මත යැපීමට උත්සාහ කරයි. ශ්‍රී ලංකාවේ මේ වන විටත් ක්‍රියාත්මක වන්නේ එම ක්‍රමයයි. ශ්‍රී ලංකාව නිසි මග ගොස් නැවත ගොඩනැගීමට නම් සියලුම ආයතන නගා සිටුවිය යුතුය. එය එසේ වන්නට නම් සියලුම ආයතන ගොඩනැගිය යුතු විද්‍යාත්මක මාර්ගයන් හදුනා ගත යුතුය. ඒත් සමගම සියලුම දූෂිතයන්ට නිසි දඩුවම් දීමටත්, ඔවුන්ට දඩුවම් නොදෙන ආයතන බලධාරීන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන යාන්ත්‍රනය ශක්තිමත් කල යුතුය.

    එබැවින් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වැදගත් පුරවැසියන්ගෙන් ගහන හමුදාවල් නිර්මාණය කිරිමේ ක්‍රමවේදයන් සෙවිය යුත්තේ හමුදා සේවයෙන් පරිභාහිර ව්‍යපෘති සහ මණ්ඩල මගිනි. කෙසේ නමුත් වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබා දීමෙන් ද යම්තාක් දුරට මෙම ආයතන ආරක්ෂා කරගත හැකිය. එය එසේ කිරිමට නම් පරිපාලනයේ දක්ෂ ආරක්ෂක ලේඛම්වරු සහ හමුදාධිපතිවරු සිටිය යුතුය.

    Tags: ගවේෂණාත්මක පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    ආරක්ෂක අංශ

    ගජබා රෙජිමේන්තුවට හොර අඹුවන්! ! දරුවන් සහ බිරිඳගේ ජීවිත අනතුරේ!

    මාර්තු 4, 2024
    Uncategorized

    නැහැදිච්ච සිසුන් 500 ක් විතර බාලිකා විද්‍යාලයකට කඩා පැනලා. ඇමති කෙනෙකුගේ පුතෙකුත් ඉදලා

    මාර්තු 4, 2024
    අධිකරණ සහ නීතිපති

    ජනාධිපති වෙන්න හිතන් ඉන්න දිලිතුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා.

    මාර්තු 4, 2024
    කෘෂිකාර්මික සහ වාරිමාර්ග

    ආණ්ඩුව සලකන්නේ ⁣මහා පරිමාණ වී මුදලාලිලාට විතරයි! වී ගොවියත් සූරගෙන කනවා

    මාර්තු 3, 2024
    Uncategorized

    ⁣ගම්මිරිස් අක්කර පනස්දහසක් විනාශ වෙමින් තිබේ! අමාත්‍යවරුන්ගේ අවධානය පිණිසයි. (වීඩියෝ)

    මාර්තු 3, 2024
    බලශක්ති අමාත්‍යංශය

    විදුලි බලමංඩලයේ ලොක්කෙකුට ගෙවල් 35 ක්! විදුලිය නැති නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න!

    මාර්තු 3, 2024
    ආරක්ෂක අංශ

    ගුවන් හමුදාපතිගෙන් උතුරට කිරි. දකුණට කැකිරිවත් නෑ.

    මාර්තු 3, 2024
    බැංකු සහ මූල්‍ය

    ජනතාව සමග පාපන්දු කෙලි මහ බැංකුවේ තටු කැපීමට ලෑස්තියි. එවැනි වෙනත් ආයතනවලටත් තට්ටු කෙරේ.

    මාර්තු 3, 2024
    අධිකරණ සහ නීතිපති

    පාතාල ක්‍රමේට ගිය පොලිස් නිලධාරීන් ආයෙත් වැඳ සමාව ගනී. සති දෙකක් තුලෙ දෙවෙනි සිදුවීම

    මාර්තු 2, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version