English
සිංහල
00:16 බ්‍රහස්පතින්දා, අගෝස්තු 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    හමුදා ලොක්කෝ රාජ්‍ය ආරක්ෂාව අනතුරේ හෙලූ හැටි. ජනපතිගේ පුද්ගලික අවධානය පිණිසයි

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    2
    Share on FacebookShare on TwitterWhatsApp

    (යුද්ධ හමුදාව සහ රාජ්‍ය ආරක්ෂාව පිළිබදව එක් පැතිකඩක් පිළිබදව කරනු ලැබු සිද්ධි අධ්‍යයනයකි)

    🎈 නිලධාරීන් 200 කට ආසන්න ප්‍රමාණයකට අසාදාරණ කරලා.

    🎈 ඒකක වලට ඇදලා , හමුදාවක් ලෙස සිතා වැඩකරලා නෑ

    🎈 තමන්ට හිතවත් අය නීතිවිරෝදීව ඉහලට අරන්

    🎈 මූලික මිනිස් අයිතිවාසිකම් දැකලම නෑ.

    🎈 හමුදා නිලධාරීන් අධිකරණයට අපහාස කරලා.

    🎈 මානව හිමිකම් කඩවෙන ලෙස රෙගුලාසි හදලා.

    🎈 හමුදා නිලධාරීන්ට නීතිමය දැනුම, සමාජ විද්‍යාමය දැනුම නෑ.

    🎈 ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව හෝ යුද්ධ හමුදා පනතවත් ආරක්ෂා කරන්න බැරි වෙලා.

    රටක ආරක්ෂක අංශයන්වල විවිධාකාර දූෂණ ක්‍රම දැකිය හැක. අල්ලස් ලබා ගැනීම ,ටෙන්ඩර් හා මුදල් රෙගුලාසි අවභාවිතය,වැටුප් ලේඛණ අනිසි ලෙස භාවිතය ,අයවැය අනිසි ලෙස භාවිතා කිරීම සහ අයවැයෙන් පිටත ලාභ උපයා ගැනීම සදහා හමුදා සම්පත් භාවිතා කිරීම පුද්ගලික මිලිටරි ආයතනවලින් ලබා ගන්නා ක්‍රියාකාරකම් නිසා දූෂණය වැඩිවීම ප්‍රභූවරුන්ගේ කෑදරකම මත පදනම් වූ දූෂණයන්, පිරමීඩ දූෂණයන් ආදී විවිධාකාර දූෂණයන් ආරක්ෂක හමුදාවන් වල දැකිය හැක.එමෙන්ම පාතාල කටයුතු සඳහාත් සෙබළුන් යොමුවීමෙ ප්‍රවනතාවයක් ඇත

    ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් වල සේවය කරන අති බහුතරයක් නිලධාරින්ගේ සහ සාමාන්‍ය බටයන්ගේ සුලුතරයක්ගේද මෙම දූෂණ ක්‍රම දැකිය හැක.එසේ දූෂණය වීම රාජ්‍ය ආරක්ෂාවට දැඩි ලෙස තර්ජනයක් වන නමුත් පරිපාලන දෝෂ ඇති කරමින් උසස් නිලධාරින් පහළ නිලධාරින්ගේ පලි ගැනීමට කටයුතු කිරීම දූෂණයට වංචාවට වඩා රාජ්‍ය ආරක්ෂාව අනතුරේ හෙලයි.ඉන් සිදුවන්නේ අසාධාරණයට ලක්වන නිලධාරින් සහ භටයන් අධිකරණ වල පිහිට පැතීමයි.

    අප ඉහතින් සදහන් කළ සියලු කරුණුවලට අනුව බොහෝ අකටයුතුකම් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ,ශ්‍රී ලංකා ගුවන් හමුදාව ,ශ්‍රී ලංකා නාවික හමුදාව මෙන්ම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුලද සිදු වේ.මේවා සිදු කරනුයේ හමුදාවක් ලෙස නොව හමුදාමය බලය භාවිතා කරමින් එම හමුදාවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ කනිෂ්ඨ නිලධාරින් විසිනි.එම සමහර දූෂිත පාලකයන්ගේ කටයුතු ඉතා දූෂිත හා මුග්ධ ස්වරූපයක් ගෙන තිබේ.

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පිළිබඳව අප සුවිශේෂී සිද්ධි අධ්‍යනයක් කළ අතර එම සිද්ධි අධ්‍යනයේදී බ්‍රිගේඩියර් රණවීර,බ්‍රිගේඩියර් E.A.P. එදිරිවීර ,බ්‍රිගේඩියර් M.G.A.N.B මහදුවක්කාර,බ්‍රිගේඩියර් K.N.D. කරුණාපාල ,බ්‍රිගේඩියර් A.M.C.P. විජේරත්න ,බ්‍රිගේඩියර් O.M.D.ගුණසිංහ ,බ්‍රිගේඩියර් A.P. වික්‍රමසේකර ,බ්‍රිගේඩියර් W.S.K. ලියනවඩුගේ ,බ්‍රිගේඩියර් B.G.H පෙරේරා ,බ්‍රිගේඩියර් S.L.A.C පෙරේරා,බ්‍රිගේඩියර් W.M.E. රත්නායක ,බ්‍රිගේඩියර් W.W.M.P.W.W.B.R. රත්නායක ,බ්‍රිගේඩියර් දුමින්ද ජයසිංහ ,බ්‍රිගේඩියර් ජානක විජේසිරි,කර්නල් අයි.පී .ජයසිංහ ,කර්නල් නිලන්ත රණසිංහ ,ලුතිනල් කර්නල් ප්‍රසාද් කුමාර,කර්නල් සුසන්ත රණවීර යන නිලධාරින් 200කට ආසන්න ගණනාවකට මෙසේ විවිධ අසාධාරණකම් අකටයුතුකම්, යුද්ධ හමුදාපති ඇතුළු යුද්ධ හමුදා පරිපාලනය විසින් සිදු කර තිබේ.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාවේ පාලනය බිඳ වැටීම එය දූෂිත වීම පිළිබඳව අප විසින් සිද්ධි අධ්‍යනයක් කළෙමු.ගුවන් ,නාවික සහ ශ්‍රී ලංකා පොලීසිය පිළිබඳව අප එම සිද්ධි අධ්‍යනය සිදු කර තිබේ.ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් තමන්ගේ එකාලා ඉහළට ගැනීම උදෙසා ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට සිදු කර තිබෙන ක්‍රියාකලාපයන් සියල්ල අප මේ වන විටත් සොයාගෙන තිබේ.එම සිද්ධීන් වලින් අප සොයාගත් වැදගත්ම සිද්ධිය වන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මෙවනවිට ජේෂ්ඨත්වයෙන් දෙවෙනියා ලෙස සිටිය යුතු , නමුත් දූෂිත ලෙස උසස්වීම ලබා නොදීම නිසා තවමත් බ්‍රිගේඩියර් නිලයේ සිටින චන්දන රණවිර මහතාට සිදු කර තිබෙන අසාධාරණයයි.

    ඔහුගේ සිද්ධිය උදාහරණයක් ලෙස අප ඉදිරිපත් කරනුයේ ඔහුට මෙම අකටයුතුකම් කෙනෙහිලිකම් සිදුව තිබෙන, ඔහු මේ වන විට සිටිය යුත්තේ මේජර් ජනරාල් නිලයේ වන අතර ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජේෂ්ඨත්වයෙන් දෙවෙනියා ය. ඔහු මේ වන විට ජේෂ්ඨත්වයෙන් දෙවෙනියා වන නමුත් දූෂිත ලෙස මේජර් ජනරාල් තනතුර අහිමි කර තිබෙන බැවින් ඔහු තවමත් බ්‍රිගේඩියර් වරයෙකු ලෙස යුද්ධ හමුදාවේ සේවය කරන අතර ඔහු ඔහුට සිදුව තිබෙන අසාධාරණයට එරෙහිව අභියාචනාධිකරණයෙහි නඩුවක්ද පවරා තිබේ.ඊට අමතරව මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කිරීමටද කටයුතු සිදු කර ඇත. (HRC/HO/676/33). 2023.09.11 දිනැති මානව හිමිකම් කොමිසම ලිපිය මගින් අපක්ෂපාතී පරික්ෂණයක් පවත්වා මසක් අතුලත ඉදිරිපත් කරන ලෙස හමුදාපති වෙත දන්වා ඇති අතර 2023.10.06 දිනැති යුහ/ නීති /350/මාහිකො/2004(09) ලිපිය මගින් අභියාචනාධිකරණයෙහි පවතින නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාරව ඉදිරි කටයුතු කරන බව දන්වා ඇත .

    යුද්ධ හමුදාව යනු මහජන බලාධිකාරියකි.එහි සේවය ලැබිය යුත්තේ සහ සේවය කරන්නන්ට වරප්‍රසාද ලැබිය යුත්තේ මහජනතාව වෙනුවෙන් පනවා දී තිබෙන අණ පනත්වල ආකාරයට විනා වෙනත් ක්‍රමයන්වලට නොවේ.

    ඒ වෙනුවෙන් මහජනතාව නියෝජනය කරන මහජන නියෝජිතයන් , පාර්ලිමේන්තුව මගින් අණ පනත් පනවා තිබෙන අතර ආණ්ඩුක්‍රම වය්‍යස්ථාව හා යුද්ධ හමුදා පනත් මෙන්ම අනෙකුත් සියලු පනත්වලට අනුව සේවකයන්ට ලැබිය යුතු වරප්‍රසාද සියල්ල ලැබිය යුතු ය. ආයතන මගින් වෙනත් රෙගුලාසි පනවන්නේ නම්, ඒවා පැනවිය යුත්තේ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව ඇතුලු අනෙකුත් පනත්වල හානි නොවන ලෙසයි. එසේ වූවත් අප සිදුකල අධ්‍යයනයේදී පැහැදිලි වූයේ ත්‍රිවිධ හමුදාවේ මෙන්ම, පොලිසියේද ගැටලු ඇතිකර තිබෙන සියලුම නිලධාරීන් එම මූලික නීතින්වලට පයින් ගසා තිබෙන බවයි. ඉන් අප උපකල්පනය කලේ ගැටලු ඇතිකර තිබෙන්නේ, නූගත් මෙන්ම රාජ්‍යයේ පැවත්ම වැනසූ පුද්ගලයන් බවයි.

    තමන්ට නීතිමය වශයෙන් ලැබිය යුතු දේ නොලැබෙන විට එය ජාතික ආරක්ෂාවට දැඩි ලෙස බලපාන නමුත් හිටපු හමුදා පාලකයන්,වර්තමාන ආරක්ෂක ලේකම්වරයා ඇතුළු වර්තමාන හමුදා පාලකයන්ද එය තේරුම් ගෙන නොමැත.ඔවුන්ට අවශ්‍ය වරප්‍රසාද ,දීමනා ,උසස්වීම් ආදි සියල්ලම ලබා දීම සදහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් එසේ පනවා තිබෙන පනත්වලට අනුව අවශ්‍ය කටයුතු සිදු විය යුතුය.

    සෑම විටම යුද හමුදා පනතට අනුව ජේෂ්ඨත්වය ඉහළින්ම තිබේ.ජේෂ්ඨත්වය යනු යුධ හමුදාවට බැදුනු දිනය සේවා අංකය ආදී කොටස් සියල්ල එකට එකතු කර ඇති මුත් බොහෝ විට ජේෂ්ඨත්වය මනිනු ලබන්නේ තමන්ට ලැබී තිබෙන සේවා අංකය මතයි.

    ඒ අනුව ජේෂ්ඨත්වය යනු සම්බන්ධීකරණයේ කේන්ද්‍රස්ථානය ලෙස සමාජ විද්‍යාව මගින් පෙන්වා දී තිබේ.ජේෂ්ඨයා කපා දමා කනිෂ්ඨයා ඉදිරියට ඒමම මගින් මෙම ආයතන වල විනාශය ලියවේ.ඒ පිළිබඳව පැහැදිලිවම සමාජ විද්‍යාව මගින් පෙන්වා දී තිබෙ.

    ශ්‍රී ලංකා යුධ හමුදාවේ කොදු නාරටිය කපා දැමීම යනු රාජ්‍ය ආරක්ෂාවට දැවැන්ත කනේ පහරක් එල්ල කිරීමකි. යුධ හමුදා පනතේ නිලධාරින් වෙනුවෙන් පනවා තිබෙන (OSR) 1993 අගෝස්තු 17 වැනිදා අංක 780/7 දරණ ගැසට් පත්‍රයට අනුව එහි නිලයන්වල සැකැස්ම පෙන්වා දී තිබේ.

    ඕනෑම ආයතනයක පැවැත්ම තීරණය ජේෂ්ඨත්වය අනුව වන අතර ජේෂ්ඨත්වය පාගා දමා කණිෂ්ඨත්වය ඉහළට ගැනීමට විවිධ උපක්‍රම භාවිතා කිරීම මෙම සිද්ධියේදී අපට දක්නට ලැබේ.ගැසට් පත්‍රයේ 11 වැනි කොටසේ කර්නල් සහ ඊට උසස් නිලයට උසස් කිරීම සදහා තෝරා ගන්නා පිළිවෙල සදහන් වේ.ගැසට් පත්‍රයේ 12/2ට අනුව උසස් කිරීම පැහැදිලිවම යුද හමුදාවේ උපරිම යහපතට හේතු වන ප්‍රශ්නය සලකා බැලේ.

    බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතා විවිධ පුහුණුවීම් සදහා ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පකිස්ථානය ඇතුළු රටවල්වලටද යොමු කර තිබේ .එසේම ගැසට් පත්‍රයට අනුව මෙන්ම යුද හමුදා පනතට අනුව ජේෂ්ඨතාවය ලබාදිය යුතු වන්නේ අධිකාරි ලබන දින සිටය. එය 1993 අගෝස්තු 17 වැනි දින අප ඉහතින් සදහන් කළ 780/7දරන ගැසට් පත්‍රය යටතේ පෙන්වා දී තිබේ.මේජර්වරු,කර්නල්වරු,බ්‍රිගේඩියර්වරු සම්බන්ධවද එහි පෙන්වා දී තිබේ.

    බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතාට උසස්වීම් ලැබීමට නියමිතව තිබී ඇත්තේ 2021 ජනවාරි මස 1 වන දිනයි.එහිදී ඔහු මේජර් ජනරාල් නිලයට උසස්වීම් ලැබීමට තිබුණත් එය ඔහුට නොලැබුණු නමුත් ඊට වඩා කනිෂ්ඨයෙකු වන බ්‍රිගේඩියර් ලාල් චන්ද්‍රසිරි මහතා මේජර් ජනරාල් නිලයට උසස් කර තිබේ.

    එසේම 2020 සැප්තැම්බර් මස 25 වන දිනැති MSB/A/06/01(C)GOC APPT BD(80) දිනැති ලිපිය මගින්ද පොදු අණ දෙන නිලධාරියෙකු ලෙස චන්දන රණවීර මහතා සුදුසු බවටද නිර්දේශ කර තිබේ .එවන් තත්ත්වයක් යටතේ කනිෂ්ඨ නිලධාරියෙකු මේජර් ජනරාල් කිරීම පිටුපස ගැටලු රාශියක් තිබේ.ගැටලුව ඇතිකර තිබෙන්නේ බ්‍රිගේඩියර් ලාල් චන්ද්‍රසිරි මහතාට උසස්වීම් ලබා දීමට තීරණය කළ එවකට ආරක්ෂක ලේකම් හෝ එවකට යුධ හමුදාපතිවරයාය.ඔවුන් එසේ කර තිබීමම දූෂිත ක්‍රියාවකි.

    ඒ අනුව 2021 ජනවාරි මස 01 දිනට බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතාට ලබා දීමට නියමිතව තිබූ මේජර් ජනරාල් නිලය ලබා දී නැත.

    බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතාට උසස්වීම් ලබා නොදී ඔහු ඉවත් කිරීමට පාදක කර ගෙන තිබෙන්නේ 1994.12.26 දිනැති අලිමංකඩ වෙත්තලකේනි කදවුරේ රාජකාරි කරමින් සිටියදී එක් දිනක් රාජකාරීයට පැමිණීමට නොහැකි වීමකි. නමුත් ඔහු එදින අනුරාධපුර සුනාථ කදවුර තුලට වාර්තා කර තිබේ.එසේ වාර්තා කර තිබූ බව නොපෙන්වා ඔහු සමග තිබූ පුද්ගලික තරහක් පිරිමහා ගැනීමට එවකට ඔහුගේ ප්‍රධානියාව සිටි කර්නල් ලංකා තල්ගහගොඩ කටයුතු කර තිබේ.ඒ අනුව කර්නල් ලංකා තල්ගහගොඩ මහතා බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතාට එවකට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබේ.එවකට අණදෙන නිලධාරි තල්ගහගොඩ මහතා 1994දී සිදුකළේ වරදක් බවට පිළිගෙන 2017 නොවැම්බර් මස 19 වන දින ශ්‍රී ලංකා යුධ හමුදාවට ලිපියක් ඉදිරිපත් කර තිබේ.එහිදී සිදුව ඇත්තේ බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතා යුධ හමුදාවෙන් සිදු කරන ලද ඉල්ලීමකට අනුව 1994දී සිදුවූ වරද සොයා බැලීම සදහා යුධ හමුදා උපදේශක මණ්ඩලය වෙත යොමු කිරීමය.

    ඒ අනුව අදාළ ලිපිය කර්නල් තල්ගහගොඩ මහතා ලබා දෙමින් සදහන් කරන්නේ එවකට චන්දන රණවීර මහතාට චෝදනා ඉදිරිපත් කළේ පුද්ගලික පලිගැනීමකට බවයි.ඒ අනුව 2018 ජනවාරි මස24 දින රැස්වූ යුද හමුදා උපදේශක මණ්ඩලය වෙත චන්දන මහතා යොමු කර තිබේ.

    එහිදී බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතා වෙනුවෙන් කර්නල් තල්ගහගොඩ මහතා ඉදිරිපත් කර තිබූ ලිපිය ඉදිරිපත් කර කරුණු පැහැදිලි කර තිබේ.ඒ අනුව යුධ හමුදා උපදේශක මණ්ඩලය විසින් 1994දී සටහන් කර තිබූ චෝදනා පත්‍රය ඉවත් කර ඔහුගේ ඉදිරි කටයුතු වලට බලනොපාන බවට නිර්දේශ කර තිබේ.එම ලිපිය අත්සන් කර තිබෙන්නේ එවකට යුධ සේවා ලේකම් වූ කර්නල් D.B.S.N බෝතොට මහතාය.එහි යොමු අංකය වන්නේ MSB/A/53/02(189) 2018.04.09 වැනි දිනය ලෙසද සටහන් කර තිබේ.

    එවකට යුධ හමුදාපති ලුතිනල් ජනරාල් මහේෂ් සේනානායක මහතා විසින්ද එම තීරණය අනුමත කර තිබේ.

    1994දී කරන ලද වරදක් වුවත් ඉන් පසු බ්‍රිගේඩියර් නිලය දක්වාම චන්දන රණවීර මහතාට අදාළ උසස්වීම් ලබා දී තිබේ.ඒ කෙසේ වෙතත් මේ සියල්ල මෙසේ සිදු වෙද්දී 2016 ජූලි මස 29 වැනි දිනැති MSP/A/01(07) දරන යුධ හමුදා ප්‍රතිපාදන ලිපියට අදාල කරගෙන ඔහුගේ මේජර් ජනරාල් නිලය නවතා තිබෙන බව දන්වා තිබේ.එහි 11 වන ඡේදයට අනුව බ්‍රිගේඩියර් නිලය තුල සිටින නිලධාරියෙකු සෙසු අණ දෙන නිලධාරින් නිර්දේශ කළද එම තනතුර උසුලන්නේ නැති නම් ඔහු එම තනතුර සදහා පත් නොකළ යුතු ලෙස එහි සදහන් වේ. මේ රෙගුලාසි කියවීමේදී, අපට දැනුනේම යුද්ධ හමුදා නිලධාරීන් මෙසේ දූෂිත වූ විට හෝ නූගත් වූ විට මිනිසුන්ට කෙතරම් අකටයුතුකම් සිදුවන්නේද යන්නයි.

    එම ලිපියේ කුමක් සදහන් වුවත් එම ලිපිය පාදක කරගෙන ඔහුගේ උසස්වීම් නවතා තිබුණත් එම ප්‍රතිපත්ති ලිපිය අභියෝගයට ලක් කරමින් හිටපු විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකු වන නිර්මාල් ධර්මරත්න මහතා විසින් CA/375/2018 (WRIT) යන අංකය යටතේ නඩුවක් පවරා ඇත.එම නඩුව වෙනුවෙන් 2019.09.10 වන දින ලබා දුන් තීන්දුවට අනුව 2016 ජූනි මස 29 වැනි දිනැති බ්‍රිගේඩියර් චන්දන මහතාට මේජර් ජනරාල් නිලය ලබා නොදීමට තීරණය කර ඇති , MSB/A/01/C/(07) දරන ප්‍රතිපත්ති ලිපිය යුධ හමුදාවෙන් ඉවත් කරන ලෙස නියෝග කර ඇත. එම නියෝගයට අනුව අදාල පෙත්සම ඉදිරිපත් කරන නිර්මාල් ධර්මරත්න මහතාට ඒ අවස්ථාවේ හිමිවිය යුතුව තිබූ නිශ්චිත තනතුරු වන ශ්‍රී ලංකා යුධ හමුදා ස්වේච්ඡා බලසේනාධිපති තනතුර ලබාදීමටද නියෝග කර තිබේ.

    ඒ අනුව 2019.09.10 වන දින 2016.06.29 වැනි දිනැති MSB/01/(07) දරන ප්‍රතිපත්ති ලිපිය අභියාචනාධිකරණය මගින් අවලංගු කර තිබේ. එම අධිකරණ නියෝගයටද පිටුපාමින් බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතාට තමන්ට හිමිවිය යුතු මේජර් ජනරාල් නිලය ලබා නොදීමට එවකට හමුදා බලධාරීන් කටයුතු කර තිබේ. ඒ අනුව එවකට සිටි ආරක්ෂක ලේඛම් සහ යුද්ධ හමුදාධිපති අධිකරණයට අපහාසයක්ද කර තිබේ.

    තවද චන්දන රණවීර මහතා මේජර් ජනරාල් නිලයට උසස්වීම් ලබා නොදෙන්නේ 1994 චෝදනාව සහ අංක 780/7 දරන 1993 ගැසට් පත්‍රයේ 12/2/ආ හි පරිදි ඔහු මේජර් ජනරාල් නිලයට උසස් කිරීමට පැහැදිලිවම යුධ හමුදාවේ උපරිම යහපතට හේතු වීද යන ප්‍රශ්නය සලකා බැලිය යුතුය යන කරුණු දෙකම හේතු පාදක කරගෙනය.

    ඒ අනුව 1994 චෝදනාව 2017දී පැවති යුධ හමුදා උපදේශක මණ්ඩලයේදී නිවැරදි කර ඉදිරි තනතුරුවලට බල නොපාන බවට යුද හමුදාපති විසින් තීරණය ලබා දී තිබේ.එසේම 2016 ප්‍රතිපත්ති ලිපිය 2019.09.10 දිනැති අභියාචනාධිකරණ නඩු තීන්දුවෙන් අවලංගු කර තිබේ. ඒ අනුව එම ප්‍රශ්න දෙකටම පිළිතුරු ලැබී තිබේ. එසේම ගැසට් පත්‍රයේ 12/2/ආ අනුව ඔහු මේජර් ජනරාල් නිලයට නොගැලපේනම් මහජන මුදල් ලක්ෂ ගණන් වියදම් කර ඔහු පකිස්ථානය ආදී රටවල්වලට පුහුණුවීම් සදහා යොමු කළේ ඇයිද යන්න අපට ගැටලුවක් පැන නගී. මේ සියල්ලම සදහා වියදම් කරනුයේ මෙරට මහජන මුදල් විනා ඔවුන්ගේ පෞද්ගලික බූදලයන් නොවේ.

    බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතා පිළිබඳව මෙම සමස්ථ සිද්ධි මාලාව අප ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ පවතින HRC/676/23 දරන පැමිණිල්ල හරහා ලබා ගත් අතර අප ඒ පිළිබඳව සහ යුධ හමුදාවේ අභ්‍යන්තර ගැටලු ගණනාවක්ද සොයාගෙන තිබේ.ඒ සදහා අපට අයිතියක් තිබෙන අතර ශ්‍රී ලංකා යුධ හමුදාව යනු මහජන බලාධිකාරියකි. එය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ හෝ යුධ හමුදා බලධාරින්ගේ පෞද්ගලික බූදලයක් නොවේ. ශ්‍රී ලංකා යුධ හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවම යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමට හමුදා බලධාරීන් කටයුතු නොකරන්නේ නම් ඒවා සොයා පෙන්වා දීමට මාධ්‍යවේදීන් ලෙස අපට සිදු වේ.

    ඒ අනුව අප සොයාගත් සම්පූර්ණ සිද්ධි දාමයට අනුව නිලධාරින් 200කට ආසන්න ප්‍රමාණයක් මෙසේ යුධ හමුදා බලධාරීන් නිසා විවිධ අකටයුතුකම් වලට ලක්ව තිබේ නම් එය වහ වහා නිවැරදි කළ යුතුය.එසේ නිවැරදි නොකිරීමම යනු ඉදිරියේදීත් වර්තමානයේදීත් අනාගතයේදීත් කිසිදු රජයකට ශ්‍රී ලංකාව යහපත් ආකාරයෙන් පාලනය කිරීමට නොහැකි වනු ඇත.මන්ද යත් මේ සියලුම දෙනා වර්තමානයේත් අනාගතයේත් රාජ්‍ය ආරක්ෂාවට එරෙහිව කටයුතු කිරීම සිදු කරන බැවිනි. එහි වරද නම් යුධ හමුදාවේ වර්තමාන පාලකයන්ගේ සහ අතීත පාලකයන්ගේ ය.

    යුධ හමුදාව යනු එක් ආයතනයකි.මෙම සිද්ධි අධ්‍යනයේදී අසාධාරණයට ලක්ව සිටින සියළු හමුදා නිලධාරින් තමන්ට නොමිලේ යා හැකි ස්ථාන වලට ගොස් මේවා පැමිණිලි කර තිබේ. ඊට අමතරව තවත් නිලධාරීන් කණ්ඩායමක් අධිකරණ ක්‍රියාමාරග ගැනීමටත්, ජිනීවාහි පිහිටි එක්ෂත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙන පැමිණිලිකිරීමටත් සැලසුම් කර තිබේ. නමුත් මුදල් වියදම් කර පැමිණිලි කිරීමට තරම් වත්කමක් නැති නිලධාරින් මානසිකවත් කායිකවත් පීඩා විදිමින් සිටී. යුද හමුදා පනතට අනුව සමස්ථ හමුදාවම එකක් වන අතර ඒවා ඒකකවලට බෙදා වෙන් වීමක් නොපෙන්වයි.

    නමුත් පාලනයේ පහසුව සදහා මෙසේ විවිධ ඒකකවලට බෙදා තිබේ. එසේ බෙදා තිබුණත් යුධ හමුදාව යනු එකම ආයතනයක් වන බව මීට බොහෝ කාලයකට පෙර සිට වර්තමානය දක්වාම සිටි යුධ හමුදාපතිවරුන්ට තේරුම් ගැනීමට ශක්තියක් තිබී නැත. ඒ හේතුවෙන්ම වර්තමානය දක්වාම යුධ හමුදා නිලධාරින් විශාල ප්‍රමාණයක් පීඩා විදිමින් සිටිති.

    ඒ අනුව මෙම සිද්ධි අධ්‍යයනයේදී අප 200 කට ආසන්න නිලධාරීන් පිරිසක් සොයා ගත්තේය. එම සියලුම නිලධාරීන්ගේ කතා සියල්ලම අප උපක්‍රමශීලීව ලබාගෙන තිබේ. ඒ කතා සියල්ලම අප එකින් එක ඉදිරීයේදී ගෙන හැර දක්වන්නෙමු. ඒ අනුව ඔබටත් යම් අසාධාරනයක් , අකටයුත්තක් සිදුව තිබේ නම් අපගේ ක්ෂණික ඇමතුම් සේවයට අමතා අප ලබාදෙන උපදෙස්වලට අනුව විස්තර ලබාදෙන්න. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ආරක්ෂා කිරීම අපගේ යුතුකම සහ වගකීමයි.

    රාවණා සටහන

    ඒ අනුව, ඔබට යමෙක් යම් අකටයුත්තක් සිදුකලේ නම් වහාම එය මානව හිමිකම් කොමිෂම වෙත පැමිනිලිකරන්න. ඒත් සමගම ඔබට අසාධාරණය කල නිලධාරියාට එරෙහිව වන්දි ඉල්ලා දිසා අධිකරණයක නඩුවක්ද පවරන්න. මානව හිමිකම්, අභියාචනාධිකරණ, ශ්‍රේෂ්ඨාධිකරණ වල පවරන නඩු වලට නීතිපති පෙනී සිටින නමුත් , පුද්ගලිකව පවරන නඩුවලට අදාල නිලදාරියා තමන් වෙනුවෙන් නීතිවේදියෙකු, ඔහුගේ මුදල් වලින් සොයා ගත යුතුය. ඔබට අවශ්‍ය එම නීතිමය දැනුම් පහත යූ ටියුබ් නාලිකාවෙන්ද ලබා ගත හැකිය. එම නාලිකාවද අප විසින් පවත්වාගෙන යන්නකි

    මෙම දූෂිත ක්‍රමය පිළිබදව අප මීට පෙර පලකළ වාර්තාවක්…

    ජේෂ්ඨත්වය පාගා දමා කනිෂ්ඨයන් ඉදිරියට ආ රාජ්‍ය සේවය වැනසූ දූෂිත ක්‍රමය. ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියටත් පොදුය.
    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version