පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අපරාධ කල්ලි නායකයකු ලෙස සැලකෙන හරක්කටාගේ සමීපතම ගෝලයෙකු හෙරොයින් සමග තිහගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 15යි මිලි ග්‍රෑම් 100ක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් සදහන් කොට තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ද බවත් මාතර මහේස්ත්‍රාත් අදිකරණයේ ඔහුට විරුද්ධව නඩුවක් ද විභාග වෙමින් පවතින බව වාර්තා වේ.














































