දකුණු කොරියාවේ පසුගිය දා පැවති හැලොවීන් සැමරුමේ දී මියගිය පිරිස අතර ශ්‍රී ලාංකික තරුණයෙක්ද වන බව වාර්තා වේ.
ශ්‍රී ලාංකික තරුණය වයස අවුරුදු 27ක් වන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට මේ වන විට අනාවරණය වී ඇත.
මේ වන විට දකුණු කොරියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳව තානාපති අංශ සමග සමීපව සොයාබලමින් සිටින බවයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා දැනුම් දී ඇත්තේ.
මේ වන විට වාර්තා වන පරිදි මෙම අනතුරින් පුද්ගලයින් 151 දෙනෙකු මරණයට පත්ව 82 දෙනෙකු තුවාල ලබා ඇති අතර දකුණු කොරියාව තුළ ප්‍රකාශයට පත්කරන ලද ජාතික ශෝක දිනය නොවැම්බර් මස 05වනදා තෙක් ක්‍රියාත්මක බව ද එරට මාධ්‍ය සඳහන් කරයි.
















































