දකුණු කොරියාවේ පැවති හැලොවීන් සැමරුම් උත්සවයක් අතරතුරදී ඇති වූ තෙරපීමක් හේතුවෙන් පුද්ගලයින් මියගොස් සහ තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මේ වන විට මියගොස් ඇති පිරිස 151 දක්වා ඉහළ ගොස් ඇති බවත් තුවාල ලැබූවන් සංඛ්‍යාව 70ක් බවත් වාර්තා වී ඇත.
මෙසේ මියගිය පිරිස අතර විදේශිකයින් 19 දෙනෙකු ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම මෙම සිදුවීම හමුවේ දකුණු කොරියානු ජනපති යූන් සුක් යෝල් ජාතික ශෝක දිනයක් ද ප්‍රකාශයට පත්කර ඇති අතර විපතට පත් පවුල්වෙත සිය ශෝකය ද පළකරමින් තුවාල ලැබූවන්ට ද ඉක්මන් සුව ප්‍රාර්ථනා කර ඇත.
දකුණු කොරියානු ජනාධිපති වැඩිදුරටත් බලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත්තේ මෙවැනි සිදුවීම් යළිත් සිදු නොවීමට කටයුතු කරන ලෙසයි.
වයස අවුරුදු විසි ගණන්වල පසුවන යෞවනයන් මෙම සිදුවීමෙන් මියගිය පිරිස අතර වැඩි ප්‍රතිශතයක් වන බව මේ වන විට වාර්තා වී ඇත.














































