හික්කඩුවේ නගරාධිපති විනී කාරියවසම් මහතා අභාවප්‍රාප්ත වී ඇත.
විනී කාරියවසම් මහතා ඊයේ (12) රාත්‍රියේ හදිසියේ අසනීප වී ඇති බවත් අනතුරුව ඔමු නිවසේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ.
ඒ මහතාගේ දේහය මේ වන විට අම්බලන්ගොඩ බස්නැවතුම්පොළ ඉදිරිපිට නිවසේ තැන්පත් කර ඇත.
ඔහු මියයන විට 81 වන වියෙහි පසුව ඇති අතර ඔහු සිය දේශපාලන දිවිය 2006 වර්ෂයේ දොඩන්දුව ගම්සභාවෙන් දේශපාලනය ආරම්භකර මේ දක්වා හික්කඩුව නගරාධිපති වශයෙන් සේවය කර ඇත.
විනී කාරියවසම් මහතා හික්කඩුව ප්‍රාදේශීය නගර සභාවක් බවට පත්කිරීම සඳහා විශාල මෙහෙවරක් සිදුකර ඇති බව සඳහන් වේ.
එළඹෙන 15 වන සෙනසුරාදා දින හික්කඩුව හෙන්නාතොට විද්‍යාවර්ධන විද්‍යාලයේ ක්‍රීඩාංගනයේ දී ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.













































