ඊයේ (02) රාත්‍රියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔහු අද (03) අළුයම 12.50 පමණ වන විට කොළඹ 07 මලලසේකර මාවතේ පිහිටි නිවසට පැමිණියේ ය.
ඔහු මෙසේ නිවසට පැමිණ ඇත්තේ ආරක්ෂක අංශ ඇතුළු තවත් පිරිසක් සමග වන අතර එම ස්ථානයට පොලිස් ආරක්ෂාව ද යොදා ඇත.