යහපාලන රජයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන කරුණාරත්න පරණවිතාන මහතා විසින් අරගලකරුවන් සමග සාකච්ඡාකල යුත්තේ කෙසේද යන්න තම මුහුණු පොතේ සටහන් කර තිබේ. එය පහතින්.
එහෙම නෙවෙයි අපි කෙරෙන විධිහක් ගැන කතා කරමුද?
පෙරේදා (11) රාත්‍රියේ ජාතිය අමතා තරුණයින්ට අනියම් තගක් දැමූ ඔබ අද ඔවුන් සමග සාකච්ඡාවට සූදානම් බව කියයි.මැතිතුමනි, මෙහෙම කිව්වාට වැඩේ වෙන්නේ නැත. අපි කෙරෙන විධිහක් ගැන කතා කරමු !
- මුලින්ම ඔබ ඔබේ උඩඟු මලයා සමග කතා කර බලය අත් හැරීමට එකඟ කරවා ගන්න. එහෙම එකඟ වෙනවානම් ඒ බවත් එය කරන ආකාරය පිළිබඳවත් රටට දැණුම් දෙන්න.
- ඊ ළඟට ඔබේ පවුලේ උදවිය සමග කතා කර ඔබ බලය අත්හරින හැටි ගැන එකඟතාවක් ඇති කර ගන්න. ඒ බවද රටට දැණුම් දෙන්න.
03 . ඔබේ පක්ෂයේ මන්ත්‍රීවරුනට මේ අවස්ථාවේදී පවුල් බලයට යට නොවී හෘද සාක්ෂියට අනුව තීරණ ගැනීම ඉඩ දීමේ ක්‍රමයක් සකසා ගැනීම සඳහා ඒ මන්ත්‍රීවරු සමගද සාකච්ජා කරන්න.
04 . රජ පවුල නැති කෙටිකාලීන අන්තර්වාර ආණ්ඩුවක් හැදීම සදහා පාර්ලිමේන්තුව සමග කතා කර එහි ප්‍රතිපල රටට දැණුමි දෙන්න.
06 විසි වන සංශෝධනය ඉරා දමා නැවත 19 හි සාධනීය හරය බල ගැන්වෙන 21 වෙනි සංශෝධනයක් කඩිනමින් සකස් කිරීම සදහා ඔබේ පිරිස් එකඟ කරවා ගැනීමේ සාකච්ඡාවක් තබා එහි ප්‍රතිපල රටට දැණුම් දෙන්න.
- හැකි ඉක්මණින් මැතිවරණයක් පවත්වා ජනතාවට තමන් කැමති පාලනයක් පත් කරදීමට අවස්ථාව සැළසිය හැකි ක්‍රමයක් පිළිබඳ කතා කරන්න.
- එවිට තරුණ තරුණයින් සමග හොඳ සාකච්ඡාවක් කළ හැකිය. මෙැතන තරුණ තරුණයන් යනු ගෝල්ෆේස් “ගෝඨාගෝගම” වාඩිලා සිටින අය පමණක් නොවෙි. මුලු රටේම තරුණ පරපුරය. අනාගත පරපුරය. ඔබ පමණක් නොව මේ ලියන මාද ඒ පරපුරට අයත් නැත.වාඩිලා සිටින අය සංකේතවත් කරන්නේ ඒ අනාගත පරපුරේ අභිලාෂයන්ය.
ලෙස අවවාදාත්මක සටහනක් යොදා තිබේ.
















































