හිටපු 16 වන බෙනඩික් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.උන්වහන්සේ ස්වර්ගස්ථ වන විට වයස අවුරුදු 95 වියෙහි පසුව තිබේ.
වතිකානයේ උන්වහන්සේගේ නිවසේදී රෝගී තත්ත්වයක් හේතුකොටගෙන බෙනඩික් පාප් වහන්සේ මෙසේ ස්වර්ගස්ථ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
උන්වහන්සේ 1927 අප්‍රේල් මස 16 වනදා ජර්මනියේ දී උපත ලද අතර 2005 වර්ෂයේ සිට 2013 වර්ෂය තෙක් පාප් වහන්සේ ලෙස කටයුතු කරන ලදී.














































