මේ වන විට රෝහල් පද්ධතියද බිද වැටී තිබේ. ඒ හේතුවෙන් දහස් ගනනක් ශ්‍රී ලාංකික වැසියන් විවිධ රෝගාබාධ වලට බෙහෙත් නැතිව දුක් විදිති. මේ තම පියාගේ ශල්‍යකර්මය ගැන ගුරුවරියක් වූ දියණියක් තැබූ සටහනකි.
“ජයවර්ධනපුර හොස්පිටල් 😞
හිතේ වේදනාව මහමෙරක් තරම්…. කරන්නම දෙයක් නැති තැන පිහිට පතා ආවෙමි… අපි අසරණයි අද හැමෝම…
මා යම්කිසි හොද දෙයක් කරනවානම් කරලා තියෙනවනම් ඒ බල මහිමයෙන් ඔබේ ආශිර්වාදයෙන් ජයවර්ධන හොස්පිටල් එකේ ඉන්න මාගේ තාත්තා අද ඔපරේශන් එකට ගන්න ලැබේවා.🙏🙏🙏🙏🙏🙏
කී වතාවක් කැන්සල් කරාද අර ප්‍රශ්න මේ ප්‍රශ්න කියලා අදත් ඔපරේෂන් එකට ගන්න තෙල් නැහැලු එන්න… මාසයක් තිස්සේ ..කාටවත් වරදක් නොකරන අපිටම ඇයි මෙහෙම වෙන්නේ…. අපි කාට වරදක් කලාටද…එයාගේ මානසික පීඩනය කොයිතරම්ද… කාටවත් මම වරදක් නොකරන මගේ පප්‍රාර්ථනාව ඉටුවේවා..
සතයක්වත් හොරා නොකන අපි අපේම මුදල් වියදම් කරගෙනත් අපිට අද පීඩා විදින්න වෙලා….”
මේ සත්‍ය සිදුවීමකි. දහස් ගණනක් වූ ශ්‍රී ලාංකික වැසියන් තමන්ගේ දුක , වේදනාව පිටකරනුයේ මුහුණු පොතේ සටහනක් තබමිනි. මුහුණු පොත නිසා දහස් ගන්න වැසියන් තමන්ගේ කෝපය පිටකරගන්නේ කිසිවෙකුටත් කරදරයක් නොකරය.
















































