English
සිංහල
20:53 බදාදා, ජූනි 25, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    හිරු මාධ්‍යවේදියා සැලසුම් සහගතව පැහැරගෙන!. නිවසට දැනුම් නොදී මාධ්‍යයට තොරතුරු දීලා!. මාධ්‍යවේදීන් වෙනුවෙනුත් ප්‍රශ්නයක්!.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    අරුණ පුවත්පතේ කාලයක් රාජකාරි කර පසුව හිරු මාධ්‍ය ආයතනයේ සේවය කරමින් සිටියදී අත් අඩංගුවට ගෙන තිබු හේමන්ත ලියනපතිරණ විශේෂ කාර්ය බලකාය විසින් පැහැරගෙන තිබෙන බව මේ වන විට අනාවරණය වී තිබේ. ඔහු අතුරුදහන් බවටද ඔහුගේ බිරිඳ විසින් මීගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ. මේ පිළිබදව කරුණු අනාවරණය වන්නේ අද (02 ) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට කරන ලද පැමිණිල්ලකදීය. ඔහුගේ බිරිද ඇතුළු ඥාතීන් විසින් මෙම පැමිණිල්ල මානව හිමිකම් කොමිෂන් සභාව වෙත HRC/HO/3926/23 යටතේ ඉදිරිපත්කර තිබේ.

    මෙම පැමිණිල්ල මගින් පොලිස්පතිවරයා, විශේෂ කාර බලකායේ අණදෙන නිලධාරිවරයා, සීතාවක ප්‍රදේශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ. ඊට අමතරව අනාවරණය වන පුද්ගලයන්ද එම පැමිණිල්ලට වග උත්තරකරුවන් ලෙස නම් කිරීමටද එම පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ. සම්පුර්න පැමිණිල්ල පහතින්.

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙතයි  

    හිරු මාධ්‍ය ආයතනයේ සේවය කරමින් සිටියදී, මාධ්‍යවේදියෙකු ලෙස කල කටයුතු නිසා විශේෂ කාර්ය බලකාය විසින් පැහැරගෙන යන ලද මාධ්‍යවේදී හේමන්ත ලියනපතිරණ වෙනුවෙන් ඉදිරිපත් කරනුලබන පැමිණිල්ලය

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ ගරු සභාපතිතුමා ඇතුළු කොමසාරිස්තුමන්ලා වෙත ගෞරවයෙන් ඉදිරිපත් කරමි.

    ඉහත ලිපිනයේ ස්ථීර පදිංචිකරුවෙකු වන මා මාධ්‍යවේදී හේමන්ත ලියනපතිරණගේ බිරිඳ වන අතර අතර දරුවන් දෙදෙනකු සිටි. එක දරුවෙකු බප/හෝ/ හෝමාගම මධ්‍යමහා විද්‍යාලයේ 7 වසරේ ඉගෙනුම ලබයි. අනෙක් දරුවා බප/හෝ/ සුභාරති මහාමාත්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිපල බලාපොරොත්තුවෙන් සිටි.

    2023 09 24 වැනි දින දක්වාම හේමන්ත ලියනපතිරණ හිරු මාධ්‍ය ආයතනය තුල මාධ්‍යවේදියෙකු ලෙස සේවය කල අතර 2023 09 24  දින සිට අතුරුදහන් විය.  ඒ අනුව 2023 09 25 වැනි දින හවස 2 ට පමණ CIB/2/135/281 දරණ අංකය යටතේ මිගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කරන ලදී. කෙසේ නමුත් 2023 09 25 වැනි දින හවස 4 ට පමණ අවිස්සාවේල්ල පොලිසියෙන් දුරකථන ඇමතුමක් ගෙන ඔහුගේ ඇදුම් රැගෙන යාමට පැමිණෙන ලෙස පොලිසිය දැන් වූ නමුත් ඔහුට සිදු වුයේ කුමක්ද යන්න නිසි ලෙස දැනගැනීමට අවස්තාවක් නොලැබුණි. නමුත් පසුව ඔහුව එදින හවස අවිස්සාවේල්ල පොලිසියෙදී දුටු අතර ඔහුගේ ශරීරය ඉදිමි යම් පහරකෑමක ලකුණු දක්නට හැකි විය. එහිදී ඔහු මට ප්‍රකාශ කලේ “ මන්නා රමේෂ්ට උපකාර කල බවට සැකකරන බව පොලිසිය ප්‍රකාශ කරනා බවත්, ඔහු එම කිසි දෙයක් නොදන්නා බවත් වරදක් කර නැති බවත්,”ප්‍රකාශ කරන ලදී. අපරාධකරුවන් සමාජයට බිහිකරන්නේ පොලිසිය විසින්ම බවත්, ඒ අනුව මින් ඉදිරියට මාගේ සැමියා හෝ මාගේ දරුවන් යම් අපරාධකරුවෙකු හෝ එවැනි පුද්ගලයන් බවට පත් වුවහොත් එයට වග කිව යුත්තේ සැමියා පැහැරගත් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ මෙම පරීක්ෂණ කරනු ලබන පොලිස් නිලධාරීන් බවත් ඔවුන්ට සටහන් කරමින්,    ඒ අනුව පහත පරිදි වැඩි දුරටත් කියා සිටිමි.

    • ඉහත ලිපිනයේ පදිංචි අපට දිගින් දිගටම තර්ජන තිබුණු අතර මීට පෙර දිනකත් සැමියා පැහැරගැනීමට ඔවුන් උත්සාහ කර තිබේ.
      • මෙහිදී පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව මාගේ සැමියා පැහැරගෙන තිබෙන අතර නිවසට හෝ ලගම ඥාතියෙකුට හෝ දැනුම්  දී නැති අතර නීතිඥ සහයක් ලබාගැනීමට ඔහුට තිබෙන අයිතියද අහුරා තිබේ.
      • ඔහුගේ අයිතිවාසිකම්වලට ඉඩ ලබා නොදී, පැහැරගත් සැමියා පොලීසිය විසින් හිතුමතේම අධිකරණයට ඉදිරිපත්කර පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන තිබේ. ඉන් අනතුරුව ඔහු නැවත අධිකරණයට ඉදිරිපත්කර මේ මස 3 වැනිදා දක්වා බන්ධනාගාර ගත කර තිබේ.
      •  එසේ ඔහු වෙනුවෙන් අපට තොරතුරු ලබා නොදුන්නත් පොලිසිය විසින් මාධ්‍යයට තොරතුරු ලබා දී තිබේ. ඒ අනුව 2023 සැප්තැම්බර් මස 25 වැනිදා සතිය.එල්.කේ (sathiya.lk), දෙරණ රුපවාහිනිය, ස්වර්ණවාහිනී ආදී  වෙනත් මාධ්‍යවල එම සිදුවීම පළකර තිබුනේ “ පාතාල නායක මන්නා රමේෂ්ට තොරතුරු සැපයු මාධ්‍යවේදියා පුවත් අඩවියේ සහ – මාධ්‍ය ආයතනයේ නමත් එක්කම තොරතුරු මෙන්න” ලෙසයි.  මාධ්‍යට තොරතුරු ලබා දුන් පොලිසියේ ජේෂ්ඨ පොලිස් නිලධාරින්ට නිවසට එය පැවසීමට තරම් උනන්දු නොවීමෙන් පෙනෙන්නේ මෙය කුමන්ත්‍රණයක් බවයි. ඉන් පෙනෙන්නේ ඔහුට චෝදනා ඉදිරිපත්කර අපහාස කිරීමේ අවශ්‍යතාවයක් යම් යම් මාධ්‍ය ආයතනවලටද, ඔවුන් සමග සබධකම් තිබෙන ආරක්ෂක අංශවල යම් කණ්ඩායමකට තිබු බවයි.
      • තවද මාගේ සැමියා මාධ්‍යවේදියෙකු වන අතර ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පාතාලය සමග හෝ වෙනත් අපරාධකරුවන් සමග සබධකම් පැවැත්වීමට නොහැකි බවට නීතියක් නැත. එසේ වුවත් විශේෂ කාර්ය බලකාය තුල මෙන්ම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුල අපරාධකරුවන් සමග සබධකම් පවත්වන නිලධාරීන් ඕනා තරම් සිටි. උදාහරණයක් ලෙස – පාස්කු ප්‍රහාරය එල්ලකළ සහරාන්ගේ කණ්ඩායම සමග සමීප සබධකම් පැවැත්වුයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල නිලධාරීන් බවත්, ඔවුන් කවුරුන්ද යන්න ප්‍රශ්නකිරීමට ඉදි නොදුන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේය. ඒ පසුගියදා TNL රුපවාහිනියේ තිබු සාකච්චාවකදීය. එහිදී අනාවරණය වුයේ පාස්කු ප්‍රහාරයෙන් පසු සහරාන් යනු ISIS සංවිධානයේ බවත්, ඔහු එම සංවිධානය සමග එක්ව මෙම ප්‍රහාරය එල්ල කල බවට ඒත්තු ගන්වන වීඩියෝව සමාජ මාධ්‍යයට එකතු කලේ පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකු වන බණ්ඩාර නමැති අයෙකු බවත්ය. නමුත් මාගේ සැමියා එවැනි අපරාධයක් සිදුකර නොමැත.
      • එසේම 2023 02 19 හෝ ආසන්න දිනයක මාගේ 7 වසරේ ඉගෙනුම ලබන පුතාට යම් කිසි පුද්ගලයන් කණ්ඩායමක් විසින් ලිංගිකව අපයෝජනයක් කර තිබුණි. මා ඒ පිළිබදව 2023 02 19 දින WCIB/323/114 යටතේ මීගොඩ පොලිසිය වෙත පැමිණිලිකලත් මේ වන තෙක්ම ඔවුන් කවුරුන්ද යන්න සොයාගැනීමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට හෝ නොහැකි වී තිබේ.
      • එසේම මාගේ සැමියා අත් අඩංගුවට ගැනීමට පෙර මාගේ ඥාති නිවාසවලට විවිධ වෙස් ගත් පුද්ගලයන් පැමිණි අතර මාධ්‍ය වාර්තා පළකිරීම පිළිබදවද මාගේ සැමියා සමග පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බලකා නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන් ද තරහින් සිටි බැව් විවිධ අවස්ථාවලදී පවසා තිබේ. එසේම මන්නා රමේෂ් හා සම්බන්ධ ප්‍රශ්නය විමර්ශනය කරන සීතාවක ප්‍රදේශය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට එරෙහිවද යම් වාර්තා කිහිපයක් පලකල නිසා ඔහුද මාගේ සැමියා සමග තරහින් සිටි බවද කිහිප දෙනෙකුම ප්‍රකාශ කරන ලදී.
      • මන්නා රමේෂ් සමග හෝ වෙනත් පාතාල හෝ අපරාධකරුවන් සමග සබදකම් පැවැත්වීම මෙරට බොහෝ පුරවැසියන් සිදුකරයි. විශේෂ කාර්ය බලකායේ මෙන්ම වෙනත් ආරක්ෂක අංශවලද තම තමන්ගේ ලගම ඥාතීන් සේවය කරයි. යමෙක් අපරාධකරුවෙකු වූ පලියට ඔවුන් සමග සබධකම් පැවැත්වීම, ගණුදෙනු කිරීම, මුදල් ඉල්ලා ගැනීම, කතා බහ කිරීම වැරදි නම්, මෙරට නීතිඥවරුන්ටද අපරාධකරුවන් සමග සබඳකම් පවත්වා ඔවුන්ගෙන් මුදල් ලබාගෙන නඩුකතා කිරීමද වැරදිය. එවැනි නීතියක් නොමැති නමුත් මාගේ සැමියා අත් පැහැරගැනීම පිටුපස තිබෙන්නේ පලිගැනීමකි.  
      • තවද මෙම අත් අඩංගුවට ගැනීම නිසා මාගේ දරුවන්ද දැඩි පීඩනයකින් සිටින අතර මේ වන විටත් විවිධ පුද්ගලයන් ඔවුන්ට නින්දා, අපහාස මෙන්ම විවිධ චෝදනා ස්වභාවයේ ප්‍රකාශ නිකුත් කරයි. නමුත් මාධ්‍ය සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ආකාරයෙන් අප කෝටිපතියන් නොවන අතර, සැමියාගේ මාසික වැටුපෙන් ජීවත් වේ. දරුවන්ට මේ වන විටත් සමාජයෙන් විවිධ නින්දා අපහාස විදීමට සිදුවෙමින් ඔවුන්ගේ ද මානව අයිතිවාසිකම් කඩ වී තිබේ.
      • ගැටලුවකට මුහුණ දුන් මගේ පිරිමි දරුවා මේ වන විට තව තවත් පිඩා විඳින්නේ, සහ දුක් විඳින්නේ මාගේ සැමියාව මෙසේ පැහැරගැනීම නිසා සහ දරුවා වෙනුවෙන් යුක්තිය ඉටුකිරිමටවත් පොලිස් දෙපාර්තමේන්තුව උනන්දු නොවූ නිසාය.  
      • තවද අපට මෙන්ම මාගේ සැමියාටද ඇතිව තිබෙන විවිධ තර්ජනවලට හේතුව, මෙම ආයතනවල විවිධ වැරදි වැඩ කරනු ලැබූ බවට තොරතුරු ලැබීම අනුව, පුවත් වාර්තා කිරීම හෝ වෙනත් පුද්ගලයන් විසින් ඒවා සිදුකර මාගේ සැමියා විසින් කල බවට තොරතුරු දීම නිසා විය හැකි බවද, කෙසේ නමුත් මෙතෙක් තර්ජනයක්ව සිටි සියලුම දෙනා ආරක්ෂක අංශවල පුද්ගලයන් බව මෙම සිද්ධිය සමග තහවුරුව තිබෙන බවද පැහැදිලිය.
      • අවසන් වශයෙන් ප්‍රකාශ කරන්නේ මාගේ පිරිමි දරුවා අපයෝජණය කිරීම කර තිබෙන්නේ මෙම ආරක්ෂක අංශවල නිලධාරින් බවට සැක කරන බවත්, ප්‍රදේශය පුරාම CCTV තිබියදීත් එය සෙවීමට නිසි ලෙස කටයුතු නොකළේ මෙම සියල්ලම සිදුකරනුයේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තෙම්න්තුව සහ විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක පිරිසක් විසින් බවට මා සැක කරනා බවයි. ( මෙම චෝදනාව එල්ලකරනුයේ සියලුම දෙනාට නොවන බව කාරුණිකව සලකන්න)
      • විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ මෙම නීතිවිරෝදී ක්‍රියාව නිසා හිරු මාධ්‍ය ආයතනයටද කැළලක් වූ බැවින්, මින් ඉදිරියට මාගේ සැමියාට රැකියාව පවා අහිමි විය හැකි අතර අපට තිබු එකම ආදායම් මාර්ගය වන්නේ ඔහුගේ වැටුප පමණි. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නීතිවිරෝදී කණ්ඩායම් අපට සිදුකර තිබෙන්නේ නැවත සැකසිය නොහැකි බරපතල අපරාධයකි.
      • ඒ අනුව මින් ඉදිරියට මට, මාගේ දරුවන්ට හෝ සැමියාට සිදුවන යම් අපරාධයක්, අකටයුත්තක් ඇතුළු ඕනෑම උපද්‍රවයකට වගකිව යුත්තේ මෙම සිදුවීම පිටුපස සිටින පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් දෙපර්තෙම්න්තුවේ නිලධාරීන්ය.

        එබැවින්, මා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමෙන් ඉල්ලා සිටින්නේ,

        අ.         මාගේ සැමියා වන හේමන්ත ලියනපතිරණ අත් අඩංගුවට ගැනීම නීතිවිරෝදී බවට තීරණය කරන ලෙසත්,

        ආ.       එය අත් අඩංගුවට ගැනීමක් නොව පැහැර ගැනීමක් බවට තීරණය කරන ලෙසත්,

        ඇ.       මෙම අනීතික පැහැරගැනීම නිසා දරුවන් දෙදෙනා මානසිකව පිඩා විඳින බවත්, ඉන් ඔවුන්ගේද අයිතිවාසිකම් කඩකර තිබෙන බවට තීරණය කරන ලෙසත්,

        ඈ.       ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් අධිකරණය නොමග යවා කරුණු වාර්තාකර තිබෙන බවට තීරණය කරන ලෙසත්,

        ඉ.        සැමියා පැහැරගත් සියලුම දෙනා මීගොඩ පොලිසියට කැදවා CIB/2/135/281 දරණ අංකය යටතේ කර තිබෙන පැමිණිල්ල විභාග කරන ලෙසත්, එම පැහැරගැනීමට අයත් විශේෂ කාර්ය බලකායේ සියලුම දෙනා මීගොඩ පොලිස් ස්ථානයට යොමුකරවන ලෙසත්,

        ඊ.         සැමියාට පහරදීම් තිබුණු බවට මා නිරීක්ෂණය කල බැවින්, ඒ පිළිබදවද විශේෂ විමර්ශනයක් කරන ලෙසත්,

        ඌ.       මාධ්‍යවේදීන්ට පාතාලය හෝ වෙනත් අපරාධකරුවන් සමග සබඳකම් පැවැත්වීමට නොහැකි නීතිය කුමක්ද යන්න දැනුම්දෙන ලෙස පොලිස්පතිවරයාට නියෝගකරන ලෙසත්,

        එ.        මෙම නීතිවිරෝදී පැහැරගැනීම නිසා මටත්, සැමියාටත්, දරුවන්ටත් සිදුව තිබෙන නින්දා, අපහාස, මෙන්ම මුලික මිනිස් අයිතිවාසිකම් කඩවීමත් නිසා සිදුව තිබෙන පාඩුව රුපියල් කෝටි 500 ක් වන බවටත්, එම මුදල ලබා දෙන ලෙස ඉහත නම් සඳහන් චුදිතටයන්ට දැනුම් දෙන ලෙසත්,

        ඒ.        මෙම නීතිවිරෝදී කටයුත්ත සිදුකල සියලුම දෙනාද මෙම පැමිණිල්ලේ චුදිතයන් ලෙස නම් කරනා ලෙසත්, (පැහැරගැනීමට පැමිණි විශේෂ කාර්ය බලකා නිල රථයේ රියදුරාගේ සිට සියලුම දෙනා)

        ඔ.        මෙම පැහැරගැනීම සිදුකල සියලුම දෙනාට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධ චෝදනා ගොනුකරනා ලෙස පොලිස්පතිතුමාට නියෝග කරනා ලෙසත්

        සහ

        ඕ.        මාගේ සැමියා සමග නිසි ලෙස කතා බහ කිරීමට තවමත් නිසි අවස්තාවක් නොලැබුණු බැවින්, ඉන් පසුව මෙම පැමිණිල්ල සංසෝධනය කිරීමට සිදු වුවහොත් ඒ සදහා අයිතිය ලබාදී මෙම පැමිණිල්ලේ ඉදිරි කටයුතු කරනා ලෙසත්

        ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

        Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
        “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

        Related Posts

        ප්‍රජා

        අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

        මාර්තු 20, 2024
        පොලිසිය

        දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

        මාර්තු 14, 2024
        කාලගුණ

        2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

        මාර්තු 14, 2024
        කාලගුණ

        යළිත් පාසල්වලට දැනුම්දීමක් .

        මාර්තු 13, 2024
        ප්‍රජා

        මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

        මාර්තු 13, 2024
        විශේෂ පුවත්

        තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

        මාර්තු 13, 2024
        ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

        සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

        මාර්තු 13, 2024
        කාලගුණ

        2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

        මාර්තු 13, 2024
        පාසල්

        සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

        මාර්තු 12, 2024
        විශේෂ පුවත්

        ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

        මාර්තු 12, 2024
        • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
        • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
        • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
        • දුම්රියක් පීලි පනී.
        • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
        • පුවක් අපනයන බෝගයක් කරයි.
        • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
        • හෙටත් මුළු රටම රත් වෙයි.
        • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
        • ලංගම බස් රථයක් පෙරළෙයි.
        • මුල් පිටුව
        • විදේශීය පුවත්
        • රාජ්‍ය පරිපාලන
        • තරුණ සහ ප්‍රජා පුවත්
        • පාරිසරික
        • අධ්‍යාපන
        • විශේෂාංග
        • කාන්තා අතිරේකය
        • ක්‍රීඩා සහ විනෝදාංශ
        • අප ගැන
        • News Archive
        • Ravana Video gallery
        Call us: +94710866060

        © 2021 රාවණා ලංකා.

        • EnglishEnglish
        No Result
        View All Result
        • මුල් පිටුව
        • විදේශීය පුවත්
        • රාජ්‍ය පරිපාලන
          • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
          • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
        • තරුණ සහ ප්‍රජා පුවත්
        • පාරිසරික
        • අධ්‍යාපන
          • නිති අධ්‍යාපනය
          • උසස් පෙළ
        • විශේෂාංග
        • කාන්තා අතිරේකය
        • ක්‍රීඩා සහ විනෝදාංශ
        • අප ගැන
        • News Archive
        • Ravana Video gallery

        © 2021 රාවණා ලංකා.

        Login to your account below

        Forgotten Password?

        Fill the forms bellow to register

        *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
        All fields are required. Log In

        Retrieve your password

        Please enter your username or email address to reset your password.

        Log In
        This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
        Go to mobile version