හෙටට (1) යෙදී තිබෙන මැයි දිනය සදහා පැවැත්වීමට නියමිත මැයි රැළි වෙනුවෙන් පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.
එමෙන්ම ඒ සදහා පොලිස් නිලධාරීන් 3500 ක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානයේ අද (30) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළ බව සදහන්.
 
	    	



























 
		    
















