හෙට (04) දිනට යෙදී ඇති 74 වන ජාතික නිදහස් දින සැමරුම නිමිතිකොටගනිමින් සිරකරුවන් පිරිසකට ජනාධිපති පොදු සමාව හිමිවන බව බන්ධනාගාර මූලස්ථානය ප්‍රකාශ කරයි.
ඒ අනුව සිරකරුවන් 197 දෙනෙකුට මෙම පොදු සමාව හිමිව ඇත.
මහර බන්ධනාගාරයේ සිරකරුවන් 20 දෙනෙක්, කෑගල්ල බන්ධගාරයේ සිරකරුවන් 18ක්, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 17ක්, කළුතර බන්ධනාගාරයේ සිරකරුවන් 13ක්, බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්, මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්, වාරියපොළ බන්ධනාගාරයේ සිරකරුවන් 10ක් ආදී වශයෙන් සිරකරුවන් 197ක් හෙට දිනයේ නිදහස් කිරීමට නියමිතව ඇත.













































