සාමාන්‍ය සමාජයක භෞතික සම්පත් අවශ්‍ය වන්නේ ජීවයේ පැවැත්ම සදහාය. මේ වන විට ශ්‍රී ලංකාවේ භෞතික සම්පත් සියල්ලම විනාශ කර තිබේ. මිනිසුන්ගේ රැකියා අහිමිව තිබේ. රථ වාහන දහස් ගනනාවක් මහා මාර්ග දෙපස නවතා දමා තිබේ.
රාජ්‍ය සේවකයන් හැරුණු විට මාසිකව ස්ථීර ආදායමක් නැති සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ කුස ගින්න දෙගොඩ තලා ගොසිනි. ත්‍රීවීල් ඇතුළු කුලී රථ රියදුරන් දහස් ගනනාවකට මේ වන විට අදායමක් නැතිව ගොසිනි.
භෞතික සම්පත්වල අහේනිය නිසා කුසගින්නේ සිටින ජීවීන්ට නොහොත් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට මේ වෙද්දී සිදුවීමට අවශ්‍ය සියල්ලම සිදුවෙමින් පවතී.
ශ්‍රී ලංකාවේ පාලකයන් අවුරුදු ගනනාවක් උපන් නූපන් ජනතාව සමග සෙල්ලම් කල ඔවුන්ගේ වර්තමාන පාලක පන්තියද සතුටින් ජීවත් වෙති. එහෙත් ලක්ෂ ගනනාවක් දෙනා පුංචි දරුවන්ගේ සිටම අද ඔවුන්ගේ පැවැත්ම විනාශ වී තිබේ. එහෙත් පාලකයන්ට ඒ පිලිබදව දන්නේ නැත. මන්ද ඔවුන් පාලකයන් බවට පත් උනේ රට ගොඩනැගීමට නොවේ. ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් පමණි.
අද මාධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන නිකුත් කිරීම අත්‍යාවශ්‍ය සේවයන් සදහා පමණක් බව සදහන් කිරීමෙන් නැවතත් ජනතාව දැවැන්ත කුපිත වීමකට පත්ව සිටි. ඉන්ධන සැපයීම නොකරන බව ප්‍රකාශ කලද මේ වන විටත් ජනතාව සිය ගනනක් ඉන්ධන පෝලිම් වල රැදී සිටිති. ඔවුන්ට ඉන්ධන ලබා නොදී අත්‍යාවශ්‍ය සේවයන් සදහා පමණක් ඉන්ධන ලබා දුන හොත් හෙට සිට තවත් දැවැන්ත විනාශයක් ගනනාවක් සිදුවනු ඇත. එහි වගකීම රටේ සියලුම පාලකයන්ට ගැනීමට සිදුවනු ඇත.