හෙට (13) පෙරවරු 8.30 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය අට හමාරක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ජා ඇල, පෑලියගොඩවත්ත, කටුනායක-සීදුව නගර සභා බල ප්‍රදේශ සහ කැලණිය ,වත්තල, බියගම, දොම්පේ, මහර, කටාන, මිනුවන්ගොඩ, යන ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතව ඇත.














































