පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව රාජගිරිය ප්‍රදේශයේදී හෙරොයින් සහ මුදල් සමග මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් තිදෙනකු එම නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුන් ලග තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 1 ක් හා ග්‍රෑම් 254 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
තවද ජාවාරම් කරුවන් ලග තිබී මුදලින් රුපියල් එක්ලක්ෂ හතලිස් හත්දහසක මුදලක්ද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.














































