එගොඩඋයන හන්දියේදී සිදු කරන ලද වැටලීමක් මගින් හෙරෝයින් ග්‍රෑම් 06ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වේ.
ඊයේ (18) එගොඩඋයන පොලිස් නිළධාරින්ට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා වයස අවුරුදු 32ක් වන පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු අද (19)දින මොරටුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
එගොඩඋයන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.














































