English
සිංහල
04:00 සිකුරාදා, නොවැම්බර් 7, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ‘හෙල්ත් ටුවරිසම්’ ප්‍රවර්ධනයට රජයේ අවධානය

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ජනතා සෞඛ්‍ය රැක දෙන මෙන්ම රටට විදේශ විනිමය ගෙන දෙන ක්ෂේත්‍රයක් ලෙස හෙද සේවය දියුණු කළ යුතුයි – සාගල රත්නායක මහතා ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවයේ දි පවසයි.

    ‘හෙල්ත් ටුවරිසම්'(Health Tourism ) මගින් රටට ආදායම් උත්පාදනයට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීමට අපේක්ෂා කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.
    ශ්‍රී ලංකාව වැනි සුන්දර පරිසරයක් තිබෙන රටක ‘හෙල්ත් ටුවරිසම්’ වැඩපිළිවෙළ හිතකර බවත්, හෙද කේෂ්ත්‍රය තුළින් ද නව වැඩසටහන් ඇති කරමින් රටට ආදායම් ගෙන එන ව්‍යාපාර ඇති කළ යුතුව ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    සාගල රත්නායක මහතා මේ බව පෙන්වා දුන්නේ ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් අද (12) කොළඹ පදනම් ආයතනයේ සංවිධානය කර තිබූ උත්සවයට එක්වෙමිනි.

    හෙද නිලධාරිනියන්ට සහ හෙද නිලධාරීන්ට විශිෂ්ටතා සම්මන පිරිනැමීම ද මෙයට සමගාමීව සිදුකෙරිණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා මෙසේද පැවසීය.

    ජාත්‍යන්තර හෙද දිනය සැමරීමේ උත්සවයට ආරාධනා කිරීම පිළිබදව ස්තුතිවන්ත වෙනවා. ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් මේ ආකාරයට ලෝකය පුරාම යම් යම් සැමරුම් උත්සව සිදු වෙමින් පවතිනවා. අපේ රටත් එයට එක්ව සිටිනවා. හෙද කාර්ය මණ්ඩලය කරන රාජකාරිය අතිවිශිෂ්ටයි. අර්බුද අවස්ථාවලදී ඔවුන්ගේ සේවය විශේෂයෙන්ම අපට දැනෙනවා.

    ඔබ කරපු සේවය පිළිබඳව හැඟීමක් රට තුළ ඇති වුණේ කොවිඩ් වසංගතය පැමිණි අවස්ථාවේදීයි. මේක මගේ රාජකාරිය නෙවෙයි, මෙය අවදානම් සහගතයි කියා ඔබ කිසිවිටෙක සේවයෙන් ඉවත් වුණේ නැහැ. රාජකාරිය පැහැර හැරියෙත් නැහැ. අවදානම් වුවත් රටේ ජනතාව බේරා ගැනීමේ උදාර සේවාව ඔබ අකුරටම ඉටු කළා. ශ්‍රී ලංකාව ඒ වසංගතයට සාර්ථකව මුහුණ දුන්නේ ඔබ දැක්වූ අපරිමිත කැපකිරීම නිසයි. ලෝකයේ බොහෝ රටවල්වලට වඩා ඉක්මණින් අපේ රටට වසංගත තත්ත්වයෙන් මිදීමට එය පිටුවහලක් වුණා.

    රටේ ආර්ථික තත්ත්වය පිළිබඳවත් මම මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය භාර ගන්නා විට රට තිබුණේ ආර්ථික වශයෙන් විශාල අවදානම් තත්ත්වයකයි. විදේශ විනිමය, ඉන්ධන, ගෑස්, ඖෂධ තිබුණේ නැහැ. රටේ වැඩ කටයුතු කරගෙන යාමටවත් අවශ්‍ය මුදල් තිබුණේ නැහැ. තව දින කිහිපයක් ගියා නම් කොතැනින් කෙළවර වෙයි ද කියා කියන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. සූඩානය, ලෙබනනය වගේ රටවල්වල තත්ත්වය අපි කවුරුත් දන්නවා. එදා රට තිබූ තත්ත්වයට වඩා අද රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ තිබෙනවා. සාමාන්‍ය ජනතාවට ජීවත් වීමේ මූලික ගැටලු අවම වෙලා තිබෙනවා.

    දැන් එතැනින් එහා ගිය ඉදිරි වැඩපිළිවෙළකට අප යා යුතුව තිබෙනවා. රටක් ලෙස අපි නිර්මාණශීලීව කටයුතු කරමු. අපි වැනි ලස්සන පරිසරයක් තිබෙන රටක හෙල්ත් ටුවරිසම් දියුණු කරන්න පුළුවන්. එමගින් විශේෂ ආදායම් මාර්ග ලැබෙනවා.

    දැනටමත් එංගලන්තයේ, ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් මෙරටට එනවා වෛද්‍යවරු හමුවෙන්න. අපි ඒක නරක දෙයක් විදිහට දකින්න අවශ්‍ය නැහැ. මෙය අපට ව්‍යාපාරයක් කර ගන්න පුළුවන්. වර්ධනය කරන්න පුළුවන් දේවල් වර්ධනය කරගෙන ඉදිරියට යා යුතුයි.

    විදෙස් රටවලට හෙද නිලධාරීන්ගේ ඉල්ලුමක් තිබෙනවා. ඇතැමුන්ට භාෂා ප්‍රශ්නය ගැටලුවක් වෙලා තිබෙනවා. ඉංග්‍රීසී භාෂාව මනා ලෙස හසුරුවන්න අවශ්‍යයි. මේ ප්‍රශ්න ටිකත් නිරාකරණය කර‍ ගෙන එහි වාසිය අප ලබාගත යුතුයි. තරුණ තරුණියන්ට අපි හොද රටක් නිර්මාණය කරදිය යුතුයි. අපි එම ඉලක්කයට යා යුතුයි. එම ඉලක්කය සපුරා ගැනීමේ ක්‍රියාමාර්ග අපි දැන් ගනිමින් සිටිනවා.

    අද රටේ උද්ධමනය පහළ යමින් පවතින අතර බඩු මිල අඩු වෙමින් පවතිනවා. පාරිභෝගිකයාට සාධාරණයක් වන බව පෙනෙන්නට තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගත්තා නම් මේ තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා. රජයෙන් රජයට ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතුයි. ඔබ සියලු දෙනාට ජීවත් විය හැකි සරිලන ආදායමක් ලබා දීමට රජය කටයුතු කරනවා. ඔබ සියලුදෙනා රට වෙනුවෙන් කරන සේවයට අපේ ගෞරවය හිමි වෙනවා.

    අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා

    ලෝකයේ ලක්ෂ ගණනින් ජනතාව සුවපත් කළ සේවාවක් තමයි හෙද සේවය. යමෙකු ගිලනුන්ට උපස්ථාන කරනවා නම් බුදුන් වහන්සේටත් උපස්ථාන කළා හා සමානයි. ඉන් ඔබ්බට හෙද සේවාව ගැන වැඩිදුර අර්ථ නිරූපණ අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ රටේ උගතුන්, බුද්ධිමතුන් කියන අය අතරේ කුහකකම් තිබෙනවා. හෙද සේවාවේ උපාධිය වසර තුනකට අඩු කළා.

    හරි නම් රට තුළ හෙද සේවාවේ උපාධිය ලබපු අය ලක්ෂ ගණනක් සිටිය යුතුයි. හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේ වැඩසටහන මොන බලපෑම් ආවත් අපි නතර කරන්නේ නැහැ. අපේ විශ්වවිද්‍යාල පද්ධතියට එකතු වෙන මෙම හෙද විශ්වවිද්‍යාලය තුළින් ලෝකයේ පිළිගත් උපාධි සහතිකයක් ලබා දීමයි අපේ අරමුණ. ඉදිරියේදී මේ වෘත්තීය ගැන එදාට වඩා සුබවාදීව බලා කටයුතු කරනවා. කොවිඩ් වසංගතය වෙනුවෙන් ඔබ කළ සේවාව නිසා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජීවිත රැසක් ආරක්ෂා වුණා.

    ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂක ජනරාල් සමන් රත්නප්‍රිය මහතා

    හෙද සේවාව තුළ විසදුණු ප්‍රශ්න වගේම නොවිසදුණු ප්‍රශ්න තිබෙනවා. ජාතික හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. මේක සේවාවක් විදිහට අතිශය වැදගත් කාරණාවක්. ඉතිහාසයේදී හෙද පීඨයක් හදන්න වුවමනා වුණා. ඒ සදහා දේශපාලන අනුග්‍රහය ලබා දුන්නේ හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතායි. මේ අවස්ථාවේ අප එය ගෞරවයෙන් සිහිපත් කරනවා. වසර හතරකදී ලබා දුන් උපාධිය වසර තුනකට අඩු කළා. වසර හතරක උපාධිය දිනා ගන්න අපි කවුරුත් සටන් කළා. හෙද පීඨයේත් උපාධිය දෙනවා. නමුත් රටට අවශ්‍ය සේවක පිරිස් හෙද පීඨයෙන් පිට කරන්න හැකියාවක් ලැබී නැහැ.

    හෙද නිලධාරීන් නිලධාරිනියන් 13,000කට උසස් වීම් මෙතෙක් ලැබී නැහැ. ජනාධිපතිතුමාගේ මැදිහත් වීම මත එම පිරිසට උසස් වීම් ලබා දෙන්න පියවර ගෙන තිබෙනවා. මේ රටේ ආර්ථික ව්‍යසනය නිසා රාජ්‍ය සේවකයන් බදවා ගන්නේ නැහැ. රාජ්‍ය සේවාවට සේවකයන් බඳවා නොගත්තට හෙද සේවක පිරිස් බඳවා ගත යුතු බව අප පෙන්වා දුන්නා. අවශ්‍ය සේවක පිරිස් නොමැති වුවහොත් සෞඛ්‍ය කේෂ්ත්‍රයට බලපානවා. රටට බලපානවා. ඒ අනුව හෙද සේවයට 6500ක පිරිසක් බදවා ගැනීමට අනුමැතිය ලබා ගත්තා. උසස්වීම් ලබාදීමට වගේම සේවකයන් බඳවා ගැනීමටත් අප පියවර ගෙන තිබෙනවා.

    කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති මනුෂ නානායක්කාර, හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි ප්‍රමිතිතා මාධවි, මහජන සෞඛ්‍ය සංවිධානයේ ලේකම් හෙද නිලධාරිනි බර්නි සිල්වා යන මහත්ම මහත්මීහු ඇතුළු හෙද නිලධාරීන්, නිලධාරිනියන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    (ජනාධිපති මාධ්‍ය ඒකකය)

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version