“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තාලෙ වෙනස් කරලා.සැප්තැම්බර් මාසේ ආවම කිව්වා මේ ප්‍රතිසංස්කරණ කරන්න ජනවරමක් ගන්න ඕනි කියලා. මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අහනවා ජනවරමක් අරන්ද මේ කොන්දේසි අපිට ඉදිරිපත් කෙරුවේ.”
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී මෙම අදහස් පල කළේය .
එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ කිරිඇල්ල මහතා:
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධයෙන් ජනාධිපතිතුමා අපෙන් සහයෝගය ඉල්ලුවා. නමුත් අපි කොහොමද සහයෝගය දෙන්නේ. මේ ගිවිසුම ගැන අපිත් එක්ක වචනයක්වත් සාකච්ඡා කළේ නෑ. එතුමා ජනාධිපති වුවාට පස්සේ පාර්ලිමේන්තුවට ආපු පළවෙනි දවසෙම මම කිව්වා මේ ගිවිසුම පාර්ලිමේන්තු ලබා දෙන්න කියලා. නමුත් අපිට ලබා දුන්නෙත් නෑ සාකච්ඡා කළෙත් නෑ. අඩුම ගානේ පාර්ලිමේන්තුවේ කමිටුවකට හරි මේ ගිවිසුමේ කොන්දේසි ලබා දෙන්න තිබ්බා. අපේ එකඟතාවක් නැතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වෙලා අපේ සහයෝගය ඉල්ලන එක ඇත්ත වශයෙන්ම අපිට ප්‍රශ්ණයක්. මොකද අපිට සහයෝගය දෙන ජනතාව කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකගතා නිසා විශාල පීඩාවකට ජනතාව පත් වෙලා ඉන්නවා කියලා. බදු බර,විදුලි බිල, අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල, සුළු හා මදය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ පොලී ප්‍රශ්න, හැම අංශයක්ම අද විශාල පීඩනයකට පත් වෙලා තියෙනවා. අපිට මේවට සහයෝගය ලබා දෙන්න අමාරුයි. අපිත් සමග සාකච්ඡා සාකච්චා කරානන් එකඟතාවයක් මත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න තිබ්බා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තාලෙ වෙනස් කරලා. සැප්තැම්බර් මාසේ ආවම කිව්වා මේ ප්‍රතිසංස්කරණ කරන්න ජනවරමක් ගන්න ඕනි කියලා. මම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අහනවා ජනවරමක් අරන්ද මේ කොන්දේසි අපිට ඉදිරිපත් කෙරුවේ.
මේ ආණ්ඩුව ණය වෙනුවෙන් අයිඑම්එෆ් කොන්දේසි සපුරන්න යන්නේ ජනතා වරමක් ඇතුවද කියලා අපි දැනගන්න ඕනා. එහෙම ජනවරමක් මේ ආණ්ඩුවට නෑ. ජනාදිපති පත් වුනේ ජන වරමකින් නොවෙයි. අයිඑම්එෆ් එකම කියනවා ඒ අයගේ ගනුදෙනුව තිබෙන්නේ ජනතාවක් එක්ක මිස ආණ්ඩු එක්ක නොවෙයි කියලා. 69 ලක්ෂයේ ජනවරම ගන්න වෙලාවේ කිව්වේ රාජ්‍ය ආයතන ආරක්ෂා කරනවා කියලානේ. දැන් ලාභ ලබන ආයතන සියල්ල මේ ආණ්ඩුව විකුණන් යන්නේ. ඔබ තමුන්නාන්සේලා බිම් බෝම්බයකට අත ගහන්න යන්නේ. ජන වරමක් නැතිව මේවා කරන්න බෑ. අයිඑම්එෆ් එක කියන්නේ ශ්‍රී ලාංකීය ජනතාවත් එක්ක තමයි ඒ අයගේ බැඳීම තිබෙන්නේ කියලා. මේ ආණ්ඩුවෙත් කණ්ඩායම් දෙකක් තිබෙනවානේ. සමහරු කියනවා දැන් බැසිල් රාජපක්ෂ තමයි අයිඑම්එෆ් යන්න කිව්වේ කියලා” ඒත් මම 2021 දෙසැම්බර් 10 දා ප්‍රශ්ණයක් අහනවා මේ පාර අයිඑම්එෆ් යන්නේ නැද්ද බැසිල් ඇමැතිතුමා කියලා. ඔහු උත්තර දෙනවා නෑ කියලා. මේ ආණ්ඩුවේ අයනේ රට බංකොලොත් කලේ. දැන් මහ බැංකුව ස්වාධීන කරන්න කියලා අයිඑම්එෆ් එක කියනවා. හොඳයි ඒක නරියට කුකුල්ලු භාර දුන්නා වගේ තිබෙයි. මුළු රටම ඉවර කරයි.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද පැවැසීය.
ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් පවා පාර්ලිමේන්තුවට බැඳි ඉන්නවා. ඒ නිසා විනිසුරුවරුන් මහ බැංකුවට නම් එහෙම ස්වාධීන වෙන්න අවසර දෙන එකක් නෑ. අනෙක මොන මහ බැංකුවද සංචිත වලින් ණය ගෙව්වේ. අපේ අය ගෙව්වා. කිසිම රටක එහෙම කරන්නේ නෑ. මේ අය කළා. මේ ආණ්ඩුව තමයි රට බංකොලොත් කලේ. බංකොලොත් කරපු ආන්ඩුවකට රට ගොඩනගන්න බෑ. දැන් රටේ ජනතාව පිපාසයෙන් ඉන්නේ මැතිවරණයක් පවත්වනකම්. මේ ආණ්ඩුව වැටුනේ 2019 පළමු අයවැයෙන්. එහිදි ආණ්ඩුව වසරකට බිලියන 600ක් නැති කර ගත්තා. සමහරු කියනවා ඒක 800ක් කියලා. අපේ ආන්ඩුව කාලේ ඕනාතරම් සල්ලි තිබුනා. මේ අය ඒවා නැති කර ගත්තා. ඒ නිසායි දැන් රටේ ජනතාවට බදු ගහන්න වෙලා තියෙන්නේ. අපි කියන්නේ ජන මතය විමසන්න ඕනි.
විපක්ෂ ප්‍රධාන සංවිධායක මාධ්‍ය ඒකකය
සරත් සමර නායක.














































