ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ නිල මුද්‍රා වලට සමාන නිල මුද්‍රා ව්‍යාජ ලෙස සාදා එම නිල මුද්‍රා භාවිතා කර ඖෂධ අලෙවිසල් වලින් අධි වේදනා නාශක මිලදීගෙන මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක යෙදුණු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට බෙම්මුල්ල පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නයිවල කොරසේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 සහ 34 වු අවිවාහක පුද්ගලයන් දෙදෙනෙකි.
සැකකරුවන් මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වුවන් බවත් යුක්තිය මෙහෙයුම හමුවේ මත්ද්‍රව්‍ය සොයා ගැනීමට නොහැකිව මෙසේ නිල මුද්‍රා ව්‍යාජව සාදා මෙම ජාවාරමේ යෙදී ඇති බවත් මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.














































