English
සිංහල
03:26 බ්‍රහස්පතින්දා, ජූනි 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ළමා දින සැමරුමේදී විදුහල්පති අතින් ආයෙත් අපයෝජනය වූ දරුවන්. ළමා හා කාන්තා කාර්යාංශයේ පරීක්ෂණ නොමග යවන්න සැලසුම් කළ හැටි.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    රත්නපුර, බළංගොඩ, වැලිගෙපොල අධ්‍යාපන බල ප්‍රදේශයට අයත් අම්බැවිල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති විසින් කුඩා දරුවන් අපයෝජනය කරනු ලැබූ බවට පියෙකුගේ ලිපියක් සහිතව වාර්තාවක් අප වාර්තා කළේය.එම වාර්තාවට අනුව පොලිස් ළමා හා කාන්තා කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ නියෝගයෙන් මුලික විමර්ශන ආරම්භ කිරීම සඳහා පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් හතර දෙනෙකු මෙම පාසල වෙත පැමිණෙන ලදී.

    එහිදී මෙම විදුහල්පතිවරයාට ලැබුණු උපදෙස් මත අප ආයතනයේ හිමිකරු වෙත දුරකතනයෙන් කතාකර සහතික ප්‍රශ්නය වරදක් බවත්, එය වහාම නිවැරදි කිරීමට කටයුතු කරනා බවටත් දන්වා තිබේ. ඒ අනුව එය නිවැරදි කිරීම ඔක්තෝම්බර් 2 සිදුකරනා බවත්, ඒ වෙනුවෙන් ආයතනයේ කවුරුන් හෝ මාධ්‍යවේදියෙක් සහභාගිකරවන ලෙසත් ඉල්ලා තිබුණි. ඒ අනුව අප ආයතනයේ හිමිකරු සහ තවත් මාධ්‍යවේදින් දෙදෙනෙකු එදින උදෑසනම මෙම පාසල වෙත ගොස් එදින තිබූ සම්පුර්ණ වැඩසටහනම පටිගත කර එය ලිවීමට අප වෙත යොමුකර තිබේ.

    එම වීඩියෝ අධ්‍යයනය කිරීමේදී විදුහල්පතිගේ සහ අනෙකුත් ගුරුවරුන්ගේ කතාවලදී පැහැදිලිවන්නේ එදිනද සිදුකර තිබෙන්නේ බොරුවක් බවයි. එහිදී දරුවන් ආමන්ත්‍රණය කරන ඔවුන් ප්‍රකාශ කරන්නේ මෙම සහතික බෙදා දීම අදද සිදුකරනුයේ සංකේතාත්මකව බවයි. තව දුරටත් සහතික ලබා දීමට තිබෙන බවත්, ඒවා පසුව ලබා දෙන බවත් ඔවුන් ප්‍රකාශ කරයි. එසේ කිහිප දෙනෙකුට පමණක් නැවතත් මෙසේ සහතික ලබා දීම නිසා එම රැස්වීමේ සිටි අනෙකුත් සහතික ලැබීමට සියලුම දරුවන් නැවතත් කායිකව මෙන්ම මානසිකවද අපයෝජනය කිරීම සිදුකරයි.

    ඒ අනුව විදුහල්පතිට එරෙහිව සිදුකරනා විමර්ශනයෙන් බේරීම උදෙසා, මෙම විදුහල්පතිවරයා මෙම කටයුත්ත නිවැරදිකළ බවට අප හරහා පුවතක් පලකරගැනීමේ පරමාර්ථයෙන් සිදුකළ බව පැහැදිලිය. නමුත් එය සම්පුර්ණ කිරීමට පමණක් නොව අපගේ වාර්තාවට මුල් වූ දරුවාට පවා ලැබී යුතු සියලුම සහතික ලැබී නැත. මාස ගණනාවක් ගතවීත් එය සම්පුර්ණ කරගැනීමට විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය අසමත් වීමෙන්ම පෙනී යන්නේ දරුවන් වෙනුවෙන් නිසි අධ්‍යාපනයක් ලබා දීමට අවශ්‍ය දැනුම් ඔවුන් සතුව නැති බවයි. කෙසේ නමුත් මෙවැනි වැඩසටහන් ගණනාවක් දරුවන් වෙනුවෙන් මෙම පාසලේ පවත්වා තිබේ. ඒවා අතර දරුවන්ට ආහාර වේලක්, දෙමාපිය වන්දනාවක් ආදී කටයුතු ගණනාවක් පවත්වා තිබේ. ඒවා සියල්ලම හොදය. දරුවන්ට තාවකාලිකව ලබා දෙන විනෝදය වුවත් වටිනා පාඩමක් වන නමුත් මානසිකව පිඩා විදින ප්‍රශ්න විසදීමට නොහැකිවීමෙන් ඔවුන් නැවත නැවතත් පෙන්වා දෙන්නේ ඔවුන් අසරණයන්ගේ කරමතින් ක්‍රීඩාවක් සිදුකරනා බවයි.

    එසේම දෙමාපියන් කිහිපදෙනෙකුගෙන් ලබාගෙන තිබෙන පටිගත කිරීම්වලදී පැහැදිලිවන්නේ දරුවන්ගේ සහතික ලබා දීම සඳහා මෙන්ම තරග වලටද මුදල් එකතු කර තිබෙන බවත් , ගුරුවරුන්ගේ සහ විදුහල්පතිගේ හිතවතුන් වෙනුවෙන් පමණක් සහතික ලබා දි තිබෙන බවත්ය. එසේම සහතික ලබා දිය යුතු දරුවන්ගේ නම් ලැයිස්තුව විදුහල්පති ඇතුළු වගකිව යුතු ගුරුවරුන් විසින් අස්ථානගත කර තිබෙන බවද ප්‍රකාශ කරයි. කෙසේ නමුත් අපගේ මෙම ලියවිල්ල මෙම පාසලේ සියලුම ගුරුවරුන්ට චෝදනාවක් ලෙස ඉදිරිපත් නොකරන අතර පාසලේ මෙම සහතික ප්‍රශ්නයට වගකිව යුතු ගුරුවරුන්ටත්, නිසිලෙස උගන්වන්නේ නැති ගුරුවරුනටත් පමණක් අදාල වේ.

    එසේම මෙම පාසල තුල සේවය කරනා විදුහල්පති මෙන්ම සමහර ගුරුවරුන්ද ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ට ඉගෙනීමට අවශ්‍ය දැනුම නොමැති බවද ඔවුන්ගේ වචන භාවිතය තුලදී පෙන්නුමි කරයි. මෙම ප්‍රදේශයේ යමක් කර ගත හැකි දෙමාපියන් තමන්ගේ දරුවන් නගරයේ පාසල්වලට ඇතුලත් කර තිබේ. ප්‍රදේශයේ ඇති බහුතරයක් දෙමාපියන්ට නොතේරුණත්, දරුවන්ගේ අධ්‍යාපනයට තිබූ සුවිශේෂතම පාසලේ බිඳවැටීම සිදුව තිබේ. නමුත් ගමෙන් එළිය නොදකින අසරණ, අහිංසක දෙමාපියන්ට එය නොතේරීම අරුමයක් නොවන බව පැහැදිලිවම දර්ශනය වේ. නමුත් දෙමාපියන් විශාල ප්‍රමාණයක් පාසලේ විදුහල්පතිට සහ ගුරුවරු කිහිපදෙනෙකුට දෝෂාරෝපණ කරනුයේ දැනුමක් නොමැති පරිපාලනය නිසා සහ කඩදාසියට පමණක් සීමා වූ දැනුමෙන් දරුවනට අවශ්‍ය දැනුම නොලැබෙන බැවිනි. තවද අවුරුදු ගණනාවක් එකම පාසල තුල සිටිනා ගුරුවන්ගෙන්ද පාසලට නිසි සේවයක් නොලැබේ.

    මෙම ප්‍රාථමික අංශය මින් පෙර ක්‍රියාත්මකව තිබෙන්නේ ප්‍රධාන පාසල වන වජිරවංශ මහා විද්‍යාලය සමග වුවත්, එම පාසලේ සිටි ආරියසෝම නැමැති ගුරුවරයෙකු සහ නූගත් දෙමාපියන් කිහිපදෙනකු තවත් දුෂිත දේශපාලන නායකයෙකු සමග එක්ව, එවකට බළංගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සහ සබරගමුව පළාත් අධ්‍යාපන ලේඛම්වරයාගේද උපකාර මත ප්‍රාථමිකය වෙන්කරගෙන තිබේ.

    කෙසේ වෙතත් මෙම පාසලේ කුඩා දරුවන්ගේ අධ්‍යාපනය ගැන මීට වඩා සිතිය යුතු අතර කායික, මානසික වශයෙන් දරුවන්ට මේ වනවිටත් සිදුව තිබෙන අපයෝජන ගැන පරීක්ෂණයක් පැවැත්වීම වර්තමාන පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ වගකීම වේ. එසේම මෙම පාසල නිසි ලෙස ගොඩ නැගුවේ නැතහොත් මෙම දරුවන් සියලුම දෙනාම දූෂිත පරපුරක් ලෙස ගොඩනැගෙන අතර , එයට වගකිව යුත්තේ වර්තමාන විදුහල්පතිවරයා වන අතර, පාසල නිසි මග රැගෙන යාමේ වගකීම දැන්වත් සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය ගත යුතුව තිබේ.

    ඒ අනුව මෙහි පහත සඳහන් පුවතට අදාලව අපයෝජනය සිදුව තිබෙන්නේ මෙම සිද්ධිය සමාජගතකල පියාගේ දියණියට පමණක් නොව තවත් කුඩා දූ, දරුවන් විශාල ප්‍රමාණයකටය. අවුරුදු කිහිපයක් තිස්සේ මෙම සිදුවීම් සිදුව තිබෙන අතර දෙමාපියන්ට අනුව විදුහල්පතිවරයාට මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව ද චෝදනා එල්ල වේ. එසේම ඔහු පාසල තුල බිමත්ව සිටින බවටද ඊයේ සිදුකළ සංචාරයේදී දෙමව්පියන් විසින් චෝදනා එල්ලකරන පටිගත කිරීම් අප වෙත ලැබී තිබේ.

    අපට වටින්නේ වැඩිහිටියන් නොවේ. දරුවන්ය. දරුවන් යහමග රැගෙන නොයන්නේ නම් ඒවාට එරෙහි විය යුතුය. හෙට රට බාරගනුයේ ඔවුන්ය. ළමා අපයෝජනය යනු ළමයෙකුගේ කායික හා මානසික තත්ත්වයට පිටස්තරව, ඔහු ගේ හෝ ඇයගේ යහපතට, හා මනා කල්ක්‍රියාවට එරෙහිව සිදු කරන කුමන හෝ අයහපත් ක්‍රියාවකි. ළමයින්ට එරෙහිව සිදුකරනු ලබන විවිධ ආකාරයේ අපරාධ වැරදි නොසළකා හැරීම් හා ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන කවර හෝ ආකාරයේ ක‍්‍රියාවක් ළමා අපයෝජන වේ. දෝෂරෝපණ, බැනවැදීම්, පහරදීම්, විවිධ අසභ්‍ය වචන භාවිතා කිරීම ආදී කිසිවක් කිරීමට දරුවන්ගේ දෙමාපියන්ටවත් නීතියෙන් අයිතියක් නැත.  

    ඒ අනුව මෙම විද්‍යාලයේ විදුහල්පති, වගකිව යුතු ආචාර්ය මණ්ඩලයේ ගුරුභවතුන් දෙවෙනි වරටත් එම අපචාරි කටයුත්ත සිදුකර තිබේ. එසේම නූගත් දෙමව්පියන් කිහිප දෙනෙකුද මෙම සිද්ධීන් මෙසේ සිදු කිරීමට ආධාර අනුබල දෙන බටද තොරතුරු ලැබී තිබේ. ගුරුවරුන් වැටුප් ලබන්නේ මහජනතාවගෙනි. ජනතාව වෙනුවෙන් නිසි සේවය ලබා දි වැටුප් ලැබෙන රාජකාරිය කිරීමට නොහැකි නම්, අනාගත පරපුර වෛරයෙන් ක්‍රෝධයෙන් පුරවන්නේ නම්, එය නැවත නැවතත් සාමුහිකව සිදුකරන්නේ නම් වග කිව යුතු පුද්ගලයන් සොයා ඔවුන් අධිකරණයට යොමුකර නඩු පැවරීම පොලීසියේ රාජකාරිය වන අතර වංචා, දුෂණ, අයහපත් පරිපාලනයට එරෙහිව කටයුතු කර විනයානුකූලව කටයුතු කිරීම සබරගමුව පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ වගකීම වේ. සියල්ලම සොයා සත්‍ය පමණක් ජනගත කර රාජ්‍ය පරිපාලනය පහසුකිරීම වෙනුවෙන් වාර්තා පළකිරීම අපගේ වගකීම වේ. අප අපගේ වගකීම ඉටුකර තිබේ. අහිංසක දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියද තම යුතුකම ඉටුකරමින් සිටි. තවමත් නිහඩ සබරගමුව පළාත් අධ්‍යාපන බලධාරීන් තමන්ගේ කටයුත්ත හැකි විගස කල යුතුය. එතෙක් රාවණා ලංකා ගවේෂකයෝ අවධියෙන් බැව් අවධාරණය කරන්නෙමු.

    (මෙම පාසල දරුවන්ට විවිධ අයුරින් සලකන බවට චෝදනා රාශියක් තිබෙන බැවින් ඔබේ දරුවාට යම් අසාධාරණයක් සිදුව තිබේ නම් නිර්නාමිකව අප වෙත දන්වන්න. ඔබේ අනන්‍යතාවය අප ආරක්ෂා කරන්නෙමු)

    විදුහල්පති ඇතුළු ගුරුවරු ළමයි අපයෝජනය කරලා. (වීඩියෝ)
    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version