වයස අවුරුදු 05ට අඩු දරුවන් රැකබලා ගන්නා ළමා නිවාසයක දරුවන් 11 දෙනෙකු ඇතුළුව 51 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට අද (05) හඳුනාගෙන ඇත.
එම ළමා නිවාසයේ සේවිකාවකට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග සෙසු පිරිසගේ ද කරන ලද ඇන්ටිජන් පරීක්ෂණවලින් මෙලෙස කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇත.
මෙලෙස කොවිඩ් අවදානමක් මතුව ඇත්තේ බණ්ඩාරවෙල සුජාතා සෙවන ළමා නිවාසයේ වන අතර අද දිනයේ බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් එම ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර ඇත.
ඒ අනුව දරුවන් 11 දෙනාට අමතරව සේවිකාවන් 06ක්, ගුරුවරුන්, ආපනශාලාවේ දෙදෙනෙක් සහ අධිකරණ නියෝග මත රඳවා සිටි දරුවන් 07 දෙනෙකු ඇතුළු පිරිසක් මෙලෙස කොවිඩ් ආසාදනය වූවන් ලෙස හඳුනාගෙන ඇත.