ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක දී Fentanyl නැමැති වේදනානාශකයේ අධිමාත්‍රාවක් ශරීරගත වී අවුරුද්දක් වයසැති කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දරුවන් තිදෙනෙකු රෝහල්ගතකර තිබෙන බව වාර්තා වේ .
මේ සම්බන්ධයෙන් ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ හිමිකාරිය වූ කාන්තාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයගේ සැමියා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව සදහන් .
ඒ අනුව මිය ගිය මෙම දරුවාට Fentanyl නැමැති වේදනානාශකය අධිමාත්‍රාවක් ආශ්වාස වී ඇති බව අනාවරණය වී තිබෙන අතර ළමුන් නිදා ගැනීම සඳහා භාවිතා කරන මෙට්ටයක් යට තිබී Fentanyl නම් ඖෂධයේ පෙත්තක් පොලීසිය විසින් සොයාගෙන තිබේ .
පොලීසිය ප්‍රකාශ කරන්නේ හෙරොයින් මත්ද්‍රවයට වඩා Fentanyl, 50 ගුණයක් බලවත් කෘත්‍රීම වේදනා නාශකයක් බවයි.
පසුව මෙම ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ සිදුකළ පරීක්ෂා කිරීමේ දී එහි තිබී Fentanyl කිලෝවක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර එමගින් මිනිසුන් ලක්ෂ 05කට පමණ මරණය ගෙන දිය හැකි බවද පොලීසිය සඳහන් කර තිබේ.
නමුත් මේ සම්බන්ධයෙන් ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ හිමිකාරිය පවසා ඇත්තේ තමන් මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි.
පොලීසිය වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ එම මධ්‍යස්ථානයේ හිමිකාරිය දුන් ඇමතුම්වලින් පසුව ඇයගේ සැමියා මෙම ළමා සුරැකුම් මධ්‍යස්ථානයට පැමිණ එහි සිට මළු කිහිපයක් රැගෙන යන අයුරු CCTV දර්ශනවල සටහන්ව ඇති බවයි.
මෙම Fentanyl වේදනා නාශක භාවිත කිරීමෙන් එරට වාර්තාවන මරණ ගණන ද ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ .















































