ඇෆ්ඝනිස්ථානය සමඟ පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගය සඳහා ආබාධයට ලක්ව සිටින ළහිරු කුමාර ඇතුලත් කිරීම සම්බන්ධයෙන් හෙට උදෑසන තීරණය කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඔහු ප්‍රකාශ කර සිටින්නේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග සඳහාද විශේෂ සැළසුමකින් කණ්ඩායම කටයුතු කරන බවයි.













































