ඇමරිකාවේ නිශ්පාදිත ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂයක් මෙරට එන්නත් කරන වැඩසටහන සඳහා අද(16) අලුයම දිවයිනට රැගෙන විත් තිබේ.
අද අලුයම මෙම එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපල වෙත රැගෙනවිත් ඇත්තේ දොහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් බව වාර්තා වේ.
එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව ශීතාගාර පහසුකම් සහිත ගබඩා වෙත යොමු කරනු ලැබූ අතර මෙම එන්නත් තොගේ බහලුම් 13ක් තුළ අසුරා රැගෙනවිත් තිබුණි.















































