ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රදේශයේ දුම්රිය අනතුරක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම අනතුර සිදුව ඇත්තේ දුම්රිය මැදිරි 12ක් පීළි පැනීම හේතුවෙනි.
මෙම අනතුරින් තවත් පුද්ගලයින් 45 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් ඔවුන්ගෙන් 10 දෙනෙකු අසාද්‍ය තත්ත්වයේ පසුවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දුම්රිය මැදිරි තුළ සිරව ඇති පුද්ගලයින් මුදවා ගැනීමේ මෙහෙයුමක් ද මේ වන විට ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.















































