නිදන් කර ඇති පුරා වස්තු සෙවීමේ අරමුණින් ගල් තලාවක් මත, කැණීමක් සිදු කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ වැල්ලම්පිටිය, අම්පාර සහ ගල්කුලම යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 40ත් 62ත් අතර වියේ පසු වන පුද්ගලයින් පස් දෙනෙකි.
කවරක්කුලම පොලිස් වසමේ ගල්කුලම අක්කර 50, වේවැල් දිගිලිය ප්‍රදේශයේ ගෙවත්තක් පිටු පස පිහිටි ගල් තලාවක් අසල මෙම කැණීම සිදු කරමින් සිටි බවට පොලීසිය පවසයි.
එම වැටලීම සිදු කරන අවස්ථාව වන විටත් සැකකරුවන් අඩි පහළොවක් පමණ පිහිටි ගල් තලාවක කොටසක් කඩා දමා ඒ අසලින් පොලොව තුළට අඩි දහ තුනක් පමණ ගැඹුරට හාරා තිබූ බවට පොලීසිය සඳහන් කර තිබේ.














































