උතුරු , නැගෙනහිර සහ වයඹ යන පළාත් සඳහා කෘෂිකර්ම අපනයනය මූලික කර ගනිමින් නව ආයෝජන කලාප 06ක් ඉදිකිරීමට මූලික පියවර ගෙන ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ,
“මේ වෙනකොට ත්‍රිකුණාමලය සහ මාන්කුලම්, පරන්තන් සහ කේ.කේ.එස් කියන ප්‍රදේශවලත්, වයඹ පළාතේ ඉරනවිල සහ බිංගිරිය කියන ප්‍රදේශවලත් නව කර්මාන්තපුරයන් ආරම්භ කරන්න ජනාධිපතිතුමා උපදෙස් දීලා මේ වෙනවිට ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු සහ මුලික කටයුතු මේ වෙනවිට අපි සකස් කරගෙන යනවා. විශේෂයෙන් අපනයන කෘෂිකර්මාන්තය සඳහා. මහවැලියේ තිබුණු සිස්ටම් ඒ සහ බී කියන සැලසුම් හඳුනාගෙන ඒවා පොළොන්නරුව, අම්පාර ආශ්‍රිතව තියෙන ඒවා හඳුනාගෙන ඒ ඉඩම් අපනයන කෘෂිකර්මාන්ත ඉඩම් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතුත් මේ වෙනවිට සිදුකරමින් යනවා. අපිට තියෙන කලාප තුළ ඉඩකඩ මදි. ඒ නිසා තමයි අලුත් ආයෝජන කලාප අවශ්‍ය වෙලා තියෙන්නේ.”