කතරගම වන්දනාවේ ගිය බස් රථයක් අම්පාර – සමන්තුරෙයි ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
කතරගම පෙරහැර නැරඹීමට ගොස් ආපසු මඩකලපුව බලා ගමන්ගත් වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සදහන්.
රියදුරුට බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබේ.














































