තමිල්නාඩු සිට මදුරෙයි දක්වා ගමන් කළ දුම්රියක මැදිරියක් තුළ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිපිරීම සිදුවූ මැදිරියේ ගමන් කළ වන්දනාකරුවෙකු නීතිවිරෝධී අයුරින් ළග තබාගත් ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මදුරෙයි දුම්රිය ස්ථානයේ නවතා තිබියදී පිපිරීම සිදුව ඇති අතර එහි පුද්ගලයින් 55 දෙනෙකු අනතුර සිදුවන අවස්ථාවේ ගමන් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.















































