පොසොන් පොහොය නිමිත්තෙන් අනිද්දා (02) සිට ලබන 05 වනදා දක්වා විශේෂ දුම්රිය ගමන් වාර 10ක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව බෙලිඅත්ත , ගාල්ල සහ කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වාත් , අනුරාධපුරයේ සිට කොළඹ කොටුව ඇතුළු ගමනාන්ත කිහිපයක් දක්වාත් විශේෂ දුම්රිය ගමන් වාර යෙදවීමට නියමිත බව සඳහන්.