අද සන්ධ්‍යාව වන විට ඖෂධ මිල 29% කින් ඉහළ දැමීමට මිල පාලන කමිටුව අවසර දී තිබෙන අතර රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ, ඒ අනුව සියලුම ආනයනික ඖෂධවල මිල ගණන් මෙම නව සංශෝධන මිල යටතේ අලෙවි කළ හැකි බවයි.
ඒ අතර පාන්, බනිස්, කොත්තු හා බත් පැකට්ටුවක මිලත් ඉහළට යන අතර අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 30කින් ද බනිස් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදන ද්‍රව්‍යවල මිල රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කළ බව බේකරි නිෂ්පාදකයින් ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා සඳහන් කරයි.
ඒ අනුව පාත් රාත්තලක නව මිල රුපියල් 110-130ක් අතර වන බව ඔහු පවසයි.
මේ අතර බත් පැකට්ටුවක මිල රුපියල් 20 කිනුත්, කොත්තුවක් රුපියල් 10 කිනුත් සහ කෙටි ආහාර (ෂෝට් ඊට්ස්) රුපියල් 5 කින් මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන් ගේ සංගමය තීරණය තීරණය කර තිබේ.
සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළ ගියහොත් අවම බස් ගාස්තුව 30 දක්වා ඉහළ දැමීමට සිදුවන බව කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියි. අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල වැඩිකළ අයුරින් සිපෙට්කා සමාගම ද මිල ඉහළ නංවනු ලැබුවහොත් රුපියල් දාහතේ අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කිරිමට සිදුවන බව ඔහු සදහන් කරන ලදී.
එසේම සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ත්‍රිරෝද රථ ගමනක පළමු කිලෝමීටරය සඳහා රුපියල් 80 ක ගාස්තුවක් අය කිරීමට සිදුවන බවයි.
මේ අතර අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පෝලිම් දැක ගත හැකි අතර මෙසේ සදහන් නොකළ භාණ්ඩ වල මිලද ඉහල ගොස් ඇත්තේ කිසිවෙකුටත් නොදැනීමය.













































