ඉන්දියාවේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ විවෘත පිට්ටනියක් තුළ පැවති ත්‍යාග ප්‍රධානෝත්සවයකට සහභාගී වූ පිරිසක් අතුරින් 11 දෙනෙකු අධික අව් රශ්මියට නිරාවරණය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
එමෙන්ම මෙම උත්සවයට සහභාගී වූවන් අධික අව් රශ්මිය සහ විජලනය හේතුවෙන් විවිධ රෝගාබාධයන්ට ලක්ව ඇති බව සදහන්.
ප්‍රකට සමාජ ක්‍රියාධරයෙක්ට උපහාර දැක්වීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබූ බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.















































