යන යකා කොරහත් බිදගෙනම ගොස් දැවැන්ත අර්ගලයකට ඇද දැමු ශ්‍රී ලාංකිකයන් නිවීම සදහා පිළිගත් කිසිදු මාධ්‍ය ආයතනයක් කටයුතු කරන බවක් අප නොදුටු නමුත් ඔවුන් ගිනි තැබීම් වෙඩි තැබීම් සහ අපරාධ පමණක් පෙන්වීමට කටයුතු කරන ලදී. ප්‍රධාන රූපවාහිනී නාලිකා කිහිපයක් මුල් කාලයේ සිදු වූ සිදුවීම් වාර්තා නොකිරීමෙන් එම නාලිකා දැඩි ජනතා අප්‍රසාධයට නතුව තිබේ.
නමුත් සිරස මාධ්‍ය ජාලය පමණක් මුල් අවස්ථාවේ සිටම ජනතා අරගලය පැත්තක් නොගෙන වාර්තා කරන්න ලදී. එසේම උදෑසන පත්තරේ වැඩසටහනින් ජනතාව වෙනුවෙන් කතා කිරීමට හිරු රූපවාහිනියද කටයුතු කරමින් දිගින් දිගටම මේ වෙනුවෙන් කතා කරන ලදී.
නමුත් පෙරදින සිදුවීමත් සමගම ජනතාව නිවීම සදහා කලයුතු මෙහෙයන් ඉටුනොකළ අතර ඊයේ උදෑසන නොතිබූ ප්‍රචණ්ඩත්ව රාත්‍රිය වන විට වැඩි විය. නමුත් අප දුටු විශේෂ සිදුවීම නම් ඊයේ රාත්‍රිය වන විට සැබෑ අරගලකරුවන් ඉතාම වේගයෙන්, ක්ෂණිකව පණිවිඩ හුවමරුකරගනිමින් ප්‍රචණ්ඩකරුවන්ගේ ක්‍රියාවලට ඔවුන් අසුවීම වලක්වා ගැනීම සදහා කටයුතු සලසා කරගත්තේය. සැබවින්ම විද්‍යුත් මාධ්‍ය හරහා සිදුකල යුතු බොහෝ දේ සිදු නොවීය. එයට හේතුවද රටක් ලෙස අප ගමන්කල යුතු ඉලක්කය හදුනාගෙන නොතිබීමයි. ඒ සදහා නිරනතරයෙන්ම උපදේශ ගත යුත්තේ සමාජ විද්‍යාඥයන්ගෙනි.
මේ අරගලය ඔවුන් ආරම්භ කලේද සමාජ මාධ්‍යජාල මගිනි. රජයට සම්බන්ධ පුද්ගලයන් විසින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන බවට වාර්තා වීමත්, මීගමුවේ සහ අංගොඩ සිද්දීන් සැලවීමත් සමගම විනාඩි කිහිපයක් යන විට සැබෑ අරගලකරුවන් ඉවත් විය.
එබැවින් ප්‍රධාන මාධ්‍ය නාලිකාවලටත් , අපටත් වඩා වේගයෙන් ක්‍රියාත්මක වෙමින් සත්‍ය අරගලකරුවන් ඉවත්වීම තව දුරටත් ඔවුන්ගේ සාමකාමී බව ලෝකයටම පෙන්වන ලදී. දැන් කලයුත්තේ ආරක්ෂක අංශ වහාම පරීක්ෂණ පවත්වමින් මුල් අවස්තාවේ සිදු වූ සිදුවීම් වලට වැරදි කරුවන් වූ පුද්ගලයන් සියල්ලෝම අත් අඩංගුවට ගැනීමයි. (ජයාරූපය සමාජ මාධ්‍යජාලා මගිනි)
ශ්‍රී නිශ්ශංක මායාදුන්න
ඔවුන්ගේ සන්සුන්කම පෙන්වන වීඩියෝව බලන්න














































