කේරලයේ ප්‍රාන්ත පොලිසියට ලැබුණු තොරතුරක් මත වෙරළාසන්න නිවසක් පරීක්ෂා කිරීමේ දී නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට රැගෙන යාමට සූදානම් කොට තිබූ රුපියල් කෝටි 12,000ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2600 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඉන්දියාවේ කේරළ පොලිසිය විසින් 21 වනදා අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ශ්‍රී ලංකාවේ සම්භවයක් සහිතව ඉන්දියාවේ වාසය කරන්නෙක් වන අතර අනෙක් සැකකරු පකිස්ථාන ජාතියෙකි.
මොවුන් දෙදෙනා සහ මත්ද්‍රව්‍ය තොගය කේරලයේ අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට කේරළ පොලිසිය පියවර ගෙන තිබේ.















































