English
සිංහල
00:34 ඉරිදා, ඔක්තෝබර් 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ධම්මික පෙරේරා මිනිමරුවෙක් . පුද්ගලයින් 4 ක් මරා දැමීමට හවූල් වෙලා.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    බැසිල්ගේ නික්ම යාමත් සමගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කරන ලද කැසිනෝ සහ ජාවාරම්කරුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත් ධම්මික පෙරේරා මහතා පුද්ගලයන් 4 දෙනෙකු මරා දැමීමට හවුල්ව තිබෙන බව “ඊ තලය” වාර්තා කර තිබේ. මේ එම සඟරාව වෙනුවෙන් ශ්‍රී ලාල් ප්‍රියන්ත විසින් ගෙන එන ලද වාර්තාවයි.

    උපුටා ගැනීම මෙතැන් සිට..  

    ලංකාවේ අංක එකේ හොර තක්කඩි ජාවාරම්කරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන ධම්මික පෙරේරා මේ වන විට දේශපාලන කරළියේ බඩ පිණූම් ගසමින් සිටි.ඔහු ප්‍රකාශ කර සිටින්නේ ආර්ථික වශයෙන් වැටී ඇති රට ගොඩනැගීම උදෙසා ඔහුට හැකියාව ඇති බවය.ජනතාව මුලා කරමින් මේ ඔහු උත්සාහ කරන්නේ මෙතෙක් කල් කොටස් වශයෙන් රට උලා කෑ ධම්මික පෙරේරා එකවරම මුළු රටම උලාගෙන කෑමේ ක්‍රියාවලියකට ප්‍රවිශ්ඨවීමටය.

    ධම්මික පෙරේරා යනු, අවංකව සිය උත්සාහයෙන් ව්‍යාපාරයක් කර කෝටිපතියෙකු බවට පත් වූ පුද්ගලයකු නොවේ. ඔහු ජනතාව නඟාසිටුවීමේ ලේබලයට මුවා වී ජනතාව ඉතාමත් සූක්ෂම ලෙස සූරාගෙන කෑමේ හොඳ දක්ෂ කපටි කෛරාටික හැකියාවක් ඇති තක්කඩියෙකි.

    මේ තක්කඩියාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කර ඇමතිධුරයක්ද පිරිනමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකිරීමට යන්නේ තවත් මහා විනාශයක දොර කවුළු ජනයාට විවෘත කරදීමකි. ජාවාරම්කරුවකු වූ ධම්මික පෙරේරා ගෙන් ලැබිය හැකි ජනතා සුබසෙත කුමක්ද ?

    බලයට පත්වන සෑම ආණ්ඩුවක් සමග ගනුදෙනු කරමින් සිය ජාවාරම් කටයුතු පුළුල් කර ගැනීමට ක්‍රියා කළ ධම්මික පෙරේරා නිරතුරුව පෙනී සිටියේ ඔහුගේ ව්‍යාපාරික ජාලය කුමන ක්‍රමයකින් හෝ යහපත කරා තල්ලූ කිරීමටය .එතැනදී ඔහුට ජනතාව යන කොටස අවශ්‍ය වූයේ තම වාසියට මිස ජනතාවගේ අභිවෘද්ධිය සැලසීමට නොවේ.

    මෙම ජාවාරම්කාරගේ සැබෑ මුහුණුවර එළිදැක්වීමට හැකි හොඳම සාධකය වන්නේ රතුපස්වල දී යුද හමුදාව මගින් පුද්ගලයන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියයි. එයට මූලික වූයේ ධම්මික පෙරේරා හෙවත් වස ධම්මිකය.

    පරිසර වාර්තා සහ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන්ට සම්පූර්ණයෙන්ම පටහැනිව නීති විරෝධී තත්ත්වයන් මගින් ඔහු විසින් දිගු කලක් තිස්සේ තම දේශපාලන බලය අයුතු ලෙස භාවිතා කරමින් රබර් කර්මාන්ත ශාලාවක් රතුපස්වල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබේ.

    මෙයින් මහ පොළොවට නිකුත් වන විෂ කාරක හේතුකොටගෙන රතුපස්වල ප්‍රදේශයේ මහජනතාවට ජලය පානය කිරීමේ නොහැකි තත්ත්වයක් උදාවුණි.එබැවින් මෙම තත්ත්වය ව්‍යාර්ථ කර තමන්ට පිරිසිදු පානීය ජලය ලබා ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කරදෙන ලෙස ප්‍රදේශයේ ජනතාව පරිසර, සෞඛ්‍ය හා වගකිවයුතු අංශවලින් නිරතුරුව ඉල්ලීම් කළද එයට නිසි සාධාරණ විසඳුමක් ලැබුණේ නැත.

    අවසානයේ මෙම තත්ත්වය ඉවසා දරාගෙන සිටීමට අපහසු වූ තැන එම ප්‍රදේශවාසී ජනතාව ධම්මික පෙරේරාගේ රබර් කර්මාන්ත ආයතනයට එරෙහිව ජන අරගලයක නියැලුණේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලීම් කරමිනි.

    අවසානයේ සිදු වූයේ කුමක්ද ? ධම්මික පෙරේරා ,ගෝඨාභය රාජපක්ෂට කතා කර එම ජනතාවගේ ප්‍රශ්නයට විසඳුම් ලබා දුන්නේ වෙඩි උණ්ඩයෙනි. ඒ 2013 අගෝස්තු මස පළමූ වෙනිදාය. එවකට ජනාධිපති ධූරය දැරුවේ මහින්ද රාජපක්ෂය. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරය දැරුවේ ගෝඨාභය රාජපක්ෂය.රාජපක්ෂ ජාවාරම් වළල්ලේ ප්‍රධාන ජාවාරම්කරුවෙකු ලෙස ධම්මික පෙරේරා ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ධූරය දැරිය. එවිට ප්‍රවාහන ඇමති ලෙස කටයුතු කළේ කුමාර වෙල්ගමය.

    ධම්මික පෙරේරා සාධාරණ මනුෂ්‍ය ගති පැවතුම් ඇති ජනතාවගේ සුබසෙත උදෙසා කටයුතු කරන අයෙක් නම්, ඔහු කළ යුතුව තිබුණේ රතුපස්වල ජනතාවගේ හඬට කන්දී ඔවුන්ගේ ගැටලුව ඉතාමත් යුක්ති සහගත සහ සාධාරණ ක්‍රමවේදයකින් විසදාදීම උදෙසා කටයුතු කිරීමය. එමගින් තමන්ගේ ආයතනයත් ජනතාවගේ ජීවිතත් සුරක්ෂිත කිරීමට හැකියාව තිබිණි.

    නමුත් මුදල් සහ දේශපාලන බලයෙන් මත්වී සිටී ඔහු කළේ කුමක්ද ? ලේ රසට ඉව අල්ලමින් සිටි ගෝඨාභය රාජපක්ෂ මගින් පිරිසිදු ජලය වෙනුවට ටී 56 උණ්ඩ ජනතාවගේ ඔලු කුහර තුළට ලබාදීමය. මෙම ඝාතන කොන්ත්‍රාත්තුව පැවරුවේ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන වෙතය. ඔහු ඉතාමත් මිලේච්ඡ ලෙස එය ඉෂ්ට සිද්ධ කිරීමට සැදී පැහැදී සිටියේය.

    ඔහුට අවශ්‍ය කරන වෙනත් උපදෙස් ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂගේ තවත් අග්‍ර පුරෝහිත හමුදා ප්‍රධානීන් දෙදෙනකු වන මේජර් ජෙනරාල් සුමිත් මානවඩු සහ බ්‍රිගේඩියර් දිසානායකය. ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කොළඹ, රැජින පාරේ පක්ෂ කාර්යාලයේ සිටියදී, 2010 ජනවාරි මස අත්අඩංගුවට ගෙන බිම දිගේ ඇදගෙන ගොස් ජීප් රථයක දමා පැහැරගෙන ගොස් කොළඹ ,චෛත්‍යය පාරේ සහ ගුවන් හමුදා මූලස්ථාන ගොඩනැගිල්ලේ සිරකර තැබීමට මූලිකත්වය ගත්තේ මේජර් ජෙනරාල් සුමිත් මානවඩුය.

    ගෝඨාභය රාජපක්ෂ ගේ අණට කීකරුව ක්‍රියා කළ සුමිත් මානවඩුට අවසානයේ සිදු වූයේ කුමක්ද ? ඔහු විසින් නුගේගොඩ ,දෙල්කඳ ප්‍රදේශයේ අලුතින් නිවසක් ඉදිකරමින් සිටියේය. එහි සිදුවන වැඩකටයුතු බැලීම සඳහා ගිය අවස්ථාවේ ඉහළ මහලේ තිබූ විශාල ප්‍රමාණයේ පරාලයක් හිස මතට වැටී මරුණූවට පත්විය.

    රතුපස්වල අරගලකරුවන්ට වෙඩි තැබීම සඳහා තිරය පිටුපස සිට බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනව මෙහෙය වූ එක් අයකු වන්නේ මේජර් ජෙනරාල් සුමිත් මානවඩුය. ඇතැම් අය ප්‍රකාශ කරන ආකාරයට ” දිට්ඨ ධර්ම වේදීය කර්මයට අනුව මෙලොවදි කරන පව් මෙලොවදීම පඩිසන් දෙනවා යැයි “යන කියමන සනාථ කරමින් ඔහුගේ හිස මතට පරාලයක් වැටී මරණයට පත්වීම තුළින් එය සනාථ වී ඇත.

    එදා රතුපස්වල අහිංසක මිනිස්සුන්ට වෙඩි තැබීම තුළින් පුද්ගලයන් හතළිස් දෙනකු පමණ බරපතළ සහ සුළු තුවාල ලැබීය. පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් මරණයට පත්විය.එලෙස මියගියේ අකිල දිනේෂ්, රවිෂාන් පෙරේරා සහ නිලන්ත පුෂ්පකුමාර යන අයයි.

    ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මහත් ආන්දෝලනයට තුඩුදුන් ඉතාමත් මිලේච්ඡ කුරිරු ඝාතනයක් වූ මෙම සිදුවීම ලංකාවේ විද්‍යුත් සහ ලිඛිත මාධ්‍ය පුළුල් ප්‍රචාරයක් ලබාදීමේදී,ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඇතැම් මාධ්‍ය වලට නියෝග කර තිබුණේ ඊට පුළුල් ප්‍රචාරයක් ලබාදීමෙන් වළකින ලෙසය.මන්ද ,මෙම සිදුවීම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව දැඩි අප්‍රසාදයට ලක් වූ සිදුවීමක් වූ බැවිනි.

    මෙයට වගකිව යුතු පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස රටවැසියන්ගෙන් රාජපක්ෂ ආණ්ඩුවට දැඩි විරෝධයක් එල්ල වුවද, ඒ කෙරෙහි කිසිදු තැකීමක් කිරීමට ආණ්ඩුව උත්සුක වූයේ නැත. සිදු වූයේ කුමක්ද ? ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත මෙම උද්ඝෝෂකයන්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම මෙහෙය වූ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනව තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කර යැවීමය.

    නමුත් 2015 දී මෛත්‍රී-රනිල් යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසු මෙම සිදුවීම පිළිබඳව රහස් පොලිසිය මගින් පුළුල් පරීක්ෂණයක් පවත්වා බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනව 2017 මැයි මස 25 වැනි දින අත්අඩංගුවට ගැනිණි.වෙඩි තැබීම සිදුකළ යුධ හමුදා සැරයන්වරු වන අරුණ සිරිසේන, ලලිත් ග්‍රේ සහ කෝප්‍රල් ජේ.එම්.තිලකරත්න යන අයවද, එහිදී අත්අඩංගුවට ගැනිණි.

    මෙම අමානුෂික මිනිස් ඝාතනයට වගකීවයූතු ගෝඨාභය රාජපක්ෂ සහ සෙසු අයට එරෙහිව කිසිදු පියවරක් ගත්තේ නැත.මෙහි අවසානයේ සිදු වූයේ රතුපස්වල නඩුව යටපත් කරමින් බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ව නැවත සේවයේ පිහිටුවා ඔහුව මේජර් ජෙනරාල් නිලයට උසස් කිරීමය.

    එපමණක් නොව,හංවැල්ල ප්‍රදේශයේ පිහිටි ධම්මික පෙරේරා හෙවත් වස ධම්මිකට අයත් තවත් කර්මාන්ත ශාලාවක මෙවැනිම ප්‍රශ්නයක් මතුවිය.ඉන් සිදුවී තිබුණේ එම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන අපද්‍රව්‍ය සහ විස රසායනික ද්‍රව්‍ය ප්‍රදේශයේ ජල මූලාශ්‍රවලට එකතු වී ජනතාවට ජලය පානය කිරීමේ නොහැකි තත්වයක් උදාවීමය.

    මෙයට එරෙහිව එම ප්‍රදේශවාසී ජනතාව උද්ඝෝෂණය කරනවිට ධම්මික පෙරේරා සිදු කළේ ගෝඨාභය රාජපක්ෂ මගින් එම ජනතාවටද වෙඩි ප්‍රහාර සහ මර්දනයේ හා තර්ජනයේ ගුලියෙන් දමා ගැසීමය.එම පාපකර්මයට කර ගැසීමට ගිය බොරැල්ල පොලිස් ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන රබර් ගසකට යටවීමෙන් මරුණූවට පත්විය.

    රතුපස්වල සහ හංවැල්ල සිදුවීම්වලදී අපූරු කරුණු දෙකක්ද අප ඉදිරියේ ඉස්මතු කර පෙන්වනු ඇත. එනම්,රතුපස්වල අපරාධයට කර ගැසූ මේජර් ජෙනරාල් සුමිත් මානවඩුගේ හිස මතට පරාලයක් වැටී මරණයට පත්වූවාසේම හංවැල්ල පාපයට කර ගැසීමට ගිය ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධනගේ හිස මත රබර් ගසක් කඩා වැටී මරණයට පත්වීමය.

    රතුපස්වල දී එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් තිදෙනෙක් මරණයට පත්වීමද,හංවැල්ලේදී ප්‍රසාද් සිරිවර්ධනගේ මරණයට යන මිනීමැරුම් හතරටම වගකිවයුතු ප්‍රධාන පුද්ගලයන් වන්නේ වෙන කිසිවෙක් නොව, ගෝඨාභය රාජපක්ෂ සහ ජනතාවට වස මිශ්‍ර ජලය පානය කිරීමට ඉඩ සැලසු ධම්මික පෙරේරා හෙවත් වස ධම්මිකය.

    ජනතා සුබසෙත උදෙසා රට නගා සිටුවීමට පෙරමුණ ගන්නා බව කියන්නේ මෙවැනි මිනීමරුවන් සහ හොර තක්කඩි ජාවාරම්කාරයින් නම්, ඔවූන් පිළිබඳව අපට කිසිදු සුභවාදී බලාපොරොත්තුවක් තැබිය නොහැක.

    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නවෙළද
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    රන් මිලත් පහළට .

    මාර්තු 15, 2024
    Uncategorized

    ඩොලරය තවත් පල්ලම් බහී.

    මාර්තු 15, 2024
    Uncategorized

    ආනයනික ආහාර ද්‍රව්‍ය තුනක මිල පහළට .

    මාර්තු 14, 2024
    ආර්ථික

    අද ඩොලරය .

    මාර්තු 13, 2024
    ආර්ථික

    රන් මිලෙහි ශීඝ්‍ර පහළයෑමක්.

    මාර්තු 13, 2024
    ආර්ථික

    ඩොලරය පහළට .

    මාර්තු 12, 2024
    ආර්ථික

    එළවළු මිල පහළට .

    මාර්තු 12, 2024
    ආර්ථික

    කිරිපිටි මිලේ වෙනසක් .

    මාර්තු 12, 2024
    ආර්ථික

    ලොකු ලූණු මිල ඉහළට .

    මාර්තු 11, 2024
    විශේෂ පුවත්

    මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයක් .

    මාර්තු 10, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version