බ්‍රසීලයේ, බාර්සේලුස් හී දි සංචාරකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
අනතුරින් එහි ගමන් ගත් කිසිවෙකුගේ හෝ දිවි බේරී නොමැති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පැවති වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දර්ශන පථය අපහැදිලි වීම අනතුරට හේතු වී තිබේ.
අනතුරින් මියගිය සංචාරකයින්ගේ ජාතිකත්වය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.
මියගිය අය අතර සංචාරකයින් 12දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු සිට ඇත.