හලාවත , තොඩුවාව ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන් 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා රාජකාරී කටයුතු සිදු කරන විට ගමන් ගත් යතුරුපැදියක් පරීක්ෂා කිරීම සඳහා එය නවත්වන ලෙස අණ කළද එම යතුරුපැදිය අණ නොතකා ධාවනය කර තිබේ. එලෙස නොනවත්වා ධාවනය කිරීමෙන් අදාළ යතුරුපැදිය විදුලි කණුවක ගැටී අනතුරට ලක්ව ඇති බව සඳහන් .
එහිදී යතුරුපැදිය අනතුරට ලක්වීමේ චෝදනාව පොලිස් නිලධාරීන් දෙදෙනා හට එල්ල කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් විසින් මෙලෙස පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකින් අනතුරුව 15 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .














































