පෙරේදා (28) දින කටුගස්තොට නගරයට ආසන්න වීදියක 17 හැවිරිදි පෙම්වතා සහ 18 හැවිරිදි පෙම්වතිය සමඟ කතා කරමින් සිටිය දී එම ස්ථානයට පැමිණි පෙම්වතියගේ පියා සහ ඔහුගේ මිතුරෙකු විසින් 17 හැවිරිදි පෙම්වතාට පහර දී ඇති බව වාර්තා වේ.පසුව 17 හැවිරිදි පෙම්වතාව කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි නිවසට රැගෙන ගොස් එම නිවසේ දී පෙම්වතියගේ පියා , මව සහ පියාගේ මිතුරා විසින් ඔහුගේ නිවසට ගොස් භාර දී තිබේ.
තම පුත්‍රයාට පහර දී ඇති බව දැන ගැනීමෙන් අනතුරුව පෙම්වතාගේ මව්පියන් විසින් ඔහුව පේරාදෙණිය රෝහල වෙත ඇතුළු කර පසුව කටුගස්තොට පොලිසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පෙම්වතියගේ මව , පියා සහ පියාගේ මිතුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර මොවුන් ඊයේ (29) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව වාර්තා වේ.
එමෙන්ම කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සී.රාජපක්ෂ මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුලසේන මහහා , ළමා හා කාන්තා කාර්‍යාංශයේ උප පොලිස් පරීක්ෂක තිලකරත්න යන අය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කෙරෙන බව සඳහන්.














































