නැගෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේ වෙළෙඳපොළකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් ඇති අතර මිය ගිය අය අතර කුඩා දරුවකු ද වන බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ.
එමෙන්ම ප්‍රහාරයෙන් පුද්ගලයන් 32ක් තුවාල ලබා ඇති බව සඳහන්.
මෙම ප්‍රහාරය හිතාමතා එල්ල කළ එකක් බවට පවසමින්, යුක්‍රේන ජනපති විසින් හෙළා දැක ඇති අතර ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව තවමත් ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව වාර්තා වේ.
මොස්කව් වෙත දෝෂාරෝපණය කරමින් යුක්‍රේන ජනපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ මිය ගිය පුද්ගලයන් කිසිදු වරදක් සිදු නොකළ අය බවත් , මරණ ගණන තවත් වැඩි විය හැකි බවත් ය.
මාර්තු මාසයේ සිට එල්ල වූ ප්‍රහාරවලින් මේ දක්වා යුක්‍රේන වැසියන්ට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය බව විදෙස් මාධ්‍යය වැඩි දුරටත් වාර්තා කර තිබේ.















































