මහව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කළ විමර්ශනයකින් අනතුරුව පොලිස් ස්ථානයට වාර්තා වූ ගෙවල් බිඳ දේපළ සොරකම් කිරීම , යතුරුපැදි , විදුලි වතුර මෝටර් , වාහන බැටරි සොරකම් කිරීම ආදී අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් සහ සොරබඩු ළඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 සහ 48 යන වයස්වල පසුවන බලල්ල , මහව හා හෙට්ටිපොල ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වේ.
සිදු කරන ලද විමර්ශනවලින් මොවුන් විසින් සොරකම් කරන ලද යතුරුපැදි 3ක් , වතුර මෝටර් 7ක් , රූපවාහිනී යන්ත්‍රයක් , විදුලි පංකාවක් , වාහන බැටරි 2ක් , තණකොළ කපන යන්ත්‍රයක් , ග්‍රයින්ඩරයක් ඇතුළු දේපළ රැසක් පොලිසිය විසින් සොයාගෙන තිබේ .
සැකකරුවන් ඊයේ (08) මහව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව වාර්තා වේ .
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු මහව පොලිසිය විසින් සිදු කරනු ලබයි .














































