බඹර ප්‍රහාරයක් හේතුවෙන් කුලියාපිටිය , ඉඟුරුවත්ත විදුහලේ පාසල් සිසුන්, මව්පියන් ඇතුළු 20 දෙනෙකු රෝහල්ගතකර තිබෙන බව වාර්තා වේ .
වාර්තා වන ආකාරයට විදුහලට යාබද නිවසක සියඹලා ගසක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීම හේතුවෙන් මෙම බඹර ප්‍රහාරය සිදුව තිබේ .
එම බඹර කූඩුව වෙත උකුස්සෙකු ගැටීමත් සමග මෙලෙස බඹරුන් ඇවිස්සී තිබේ.
කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ රථ කිහිපයක් සහ 1990 ගිලන් රථ පැමිණ ප්‍රහාරයට ලක්වූ පිරිස රෝහල් ගතකර ඇති අතර කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවකයින් පැමිණ මේ වනවිට එම ස්ථානයේ ධූමායනය කරමින් සිටින බව සඳහන්.














































