මාදම්පේ , තඹගල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට කඩා වැදුණ තියුණු ආයුධ සහිතව සිටි සොරුන් පිරිසක් එම නිවසේ හිමිකරුවන් කාමරයක සිර කර දමා රුපියල් ලක්ෂ 200 කට ආසන්න මුදලක් හා රන් ආභරණ සොරා ගෙන ගොස් ඇති බව වාර්තා වේ .
වාර්තා වන ආකාරයට ඊයේ (18 ) රාත්‍රී 7 ට පමණ වෑන් රථයකින් පැමිණි සිව් දෙනෙකුගෙන් සමන්විත කොල්ලකරුවන් පිරිසක් කඩු හා තියුණු ආයුධ වලින් සන්නද්ධව පැමිණ මෙම කොල්ලකෑම සිදු කර තිබේ .
මෙම සිද්ධියට මුහුණ පෑ තඹගල්ල නිවසේ හිමිකරුවන් පොල් ව්‍යාපාරීකයින් බවත් , තවත් කිසියම් ව්‍යාපාරයක නිරත වන බවත් පොලිස් පරීක්ෂණ වලින් හෙළිව තිබේ.
අනතුරුව කාමරයේ සිර කර සිටි නිවැසියන් දොරවල් කඩා එළියට පැමිණ ඇති අතර ඉන් පසුව මාදම්පේ පොලීසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට නිවැසියන් කටයුතු කර තිබේ .














































