ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් 2021 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 15.1ක් උපයාගෙන ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
2020 වර්ෂයේ අපනයන අදායම වන ඩොලර් බිලියන 12.34 හා සසඳන විට එය 23%ක වර්ධනයක් බව ද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
මෙරට ඉතිහාසයේ ප්‍රථමවරට 2021 වර්ෂයේ දී භාණ්ඩ අපනයනයෙන් උපයන ලද අමෙරිකානු ඩොලර් බිලියන 12ක සීමාව පසු කරමින් අමෙරිකානු ඩොලර් බිලියන 12.5ක් උපයා ඇත.
එය 2021 වර්ෂයේ අපනයන ඉලක්කය අභිබවායාමක් මෙන්ම 2020 වසරට සාපේක්ෂව 24%ක වර්ධනයක් බවද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
මාසික වෙළඳ අපනයන ආදායම ද 2021 වසරේ දී මාස 08ක් තුළ දී ඩොලර් බිලියනයේ සීමාව පසුකර තිබීම ද විශේෂත්වයකි.
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙරට භාණ්ඩ හා සේවා අපනයනය 2021 වර්ෂයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 15.1ක් උපයා ගනිමින් අපේක්ෂිත ඉලක්කය කරා ළඟාවීම පිළිබඳ ව අපනයනකරුවන්ට විශේෂයෙන් ස්තූති කරන බවයි.















































