2023අප්‍රේල් මස 22 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.
නැගෙනහිර, ඌව, උතුරු, උතුරු-මැද, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි. මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.
සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර පළාතේ උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.














































