මේ මස 21 වනදා සිට රට පුරා තිබෙන සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම ආරම්භ වන බවද, ඉන්ධන මිල තව දුරටත් අඩුවන බවට ඉඟියක්ද දෙන ලදී.
ඒ අනුව ඉන්ධන බෙදා හරිම QR කේත ක්‍රමය ඔස්සේ මෙම බෙදා හැරීම සිදු වේ. එම ක්‍රමයට අනුව සතියකට දින දෙකක් වාහන සදහා ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව වාහනයේ වසන් අංකයට හිමි දිනයට වාහනය ඉන්ධන පෝලිමට රැගෙන ආ යුතුය. එය පහත පරිදි වේ.
0,1,2 – සඳුදා, බ්‍රහස්පතින්දා
3,4,5 – අඟහරුවාදා, සිකුරාදා
6,7,8,9 – බදාදා, සෙනසුරාදා, ඉරිදා
කාංචන විජේසේකර මහතා ඊයේ දැනුම් දුන්නේ ඉන්ධන හල අසල තිබෙන වාහන ඉවත් කරගන්නා ලෙසයි. නමුත් ඉන්ධන හල අසල නැවත තිබෙන බොහෝ වාහන ඉන්ධන නොමැති නිසා දමා ගොස් තිබේ.
QR කේතය තුල අදාළ වාහනයට හිමි ඉන්ධන ප්‍රමාණය දක්වා තිබෙන බවද වාර්තා වේ. ඒ අනුව තමන්ට හිමි ඉන්ධන ප්‍රමාණය ඕනෑම ඉන්ධන හලකින් ලබා ගැනීමට හැකියාව තිබේ.
ඒත් සමගම 20 වැනිදා වන විට තව දුරටත් ඉන්ධන මිල අඩු වියහැකි බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. පසුගියදා එක්තරා කොමිෂමක සභාපතිවරයෙකු කෝප් කමිටුවේදී ප්‍රකාශ කලේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 250 කට දොය හැකි බවයි.














































